ළමයින් සඳහා හොඳම විකල්පය වැඩිහිටියන්ගේ දන්තාලේප ද?

තම දරුවන්ගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන සෑම දෙමව්පියෙක්ම ඔවුන්ට පුද්ගලික රැකවරණ ද්‍රව්‍ය, සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, ආහාර සහ ඖෂධ වර්ග ලබා දීමේදී හොඳම නිෂ්පාදන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එයට හේතුව සියළුම දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් සිය ජීවිතයේ වැදගත්ම අවධියේදී නිරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය වීමයි.

දෙමාපියන් නිතරම තම දරුවන්ගේ/කුඩා දරුවන්ගේ මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව කනස්සල්ලට පත්ව සිටිනවා. බොහෝ අවස්ථා වලදී කුඩා දරුවන් දත් මැදීමට මැලි කමක් දක්වන බැවින් ඔවුන්ගේ දත් මැදීමට සැලැස්වීම දෙමවුපියන්ට ඉතා අසීරු කාර්යයක්. නමුත් කුඩා අවදියේ සිටම සෞඛ්‍ය සම්පන්න දත් වල ඇති වැදගත්කම දන්නා දෙමාපියන්ට අවශ්‍ය වන්නේ දරුවන්ගේ දත් මැදීමට සැලැස්වීම සහ ඔවුන්ට දත් මදින පුරුද්ද ඇති කිරීමයි. කෙසේ වෙතත්, ළමුන් දත් මැදීමට මැලි කමක් දැක්වීමට හේතු වන සාධක කිහිපයක් පවතිනවා. දත් මැදීම ළමයින් ප්‍රියකරන ආකාරයේ ක්‍රියාකාරකමක් නොවන බැවින් ඔවුන් ස්වභාවිකවම එයට මැලි කමක් දක්වන අතර ඊට අමතරව වැඩිහිටි දන්තාලේප වල ඇති දැඩි සැර රසය හේතුවෙන් ළමයින් බොහෝ විට දත් මැදීමට මැලි කමක් දක්වනවා.

දරුවන්ගේ එනමලය වැඩිහිටියෙකුට වඩා තුනී බැවින් දරුවන්ගේ එනමලය සහ මුඛ සෞඛ්‍යය රැක ගැනීම සඳහා මෘදු සංයුතියක් සහිත දන්තාලේපයක් භාවිතා කිරීම වඩාත් සුදුසුය.

වැඩිහිටියන්ගේ දන්තාලේප සහ ළමුන්ගේ දන්තාලේප අතර හදුනා ගත හැකි ආකාරයේ වෙනස්කම් ඇති බව දෙමාපියන් දැන ගැනීම අත්‍යවශ්‍යයි. ෆ්ලෝරයිඩ් යනු වැඩිහිටි දන්තාලේප සහ ළමුන්ගේ දන්තාලේප යන ප්‍රභේද දෙකෙහිම දක්නට ලැබෙන පොදු ද්‍රව්‍යයකි. එනමලයෙන් ඉවත් වන ඛනිජ ලවණ නැවත ඇති කිරීමට සහ හානිකර බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට ෆ්ලෝරයිඩ් උපකාරී වෙනවා. නමුත් දරුවන්ගේ දත් මැදීම සඳහා දන්තාලේප වැඩි වශයෙන් භාවිතා කිරීම ඔවුන්ගේ දත් වලට හානිදායක විය හැකිය. දන්තාලේප භාවිතය සැමවිටම වැඩිහිටියන්ගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු අතර නිෂ්පාදකයාගේ උපදෙස් පරිදි භාවිතා කළ යුතුය.

සැරකින් යුත් දන්තාලේපයකින් දත් මැදීමෙන් ළමයින්ගේ එනමලයට හානි සිදු විය හැකිය. ළමයින්ගේ එනමලය මෘදු බැවින් දෙමව්පියන් ඔවුන් සඳහා දන්තාලේපයක් තෝරා ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතුය. ළමයින්ගේ දන්තාලේප විශේෂයෙන් සකසා ඇත්තේ ළමයින්ගේ මුඛ සෞඛ්‍ය අවශ්‍යතා වලට අනුකූලව වන අතර වැඩිහිටි දන්තාලේප වලට වඩා සැර රසයෙන් අඩු ලෙස සියුම් දත් වලට ගැලපෙන පරිදි ජෙල් මිශ්‍රණයකින් සකස් කර ඇත.

බොහෝ විට සැර මින්ට් රසයෙන් එන වැඩිහිටියන්ගේ දන්තාලේප වල රස වලට ළමයින් වැඩි කැමැත්තක් නොදක්වන බවට සැකයක් නැත. එබැවින් ළමුන්ගේ දන්තාලේප පලතුරු රසයෙන් හා විවිධ වර්ණවලින් සාදා ඇති අතර ඇසුරුම් ද විනෝදජනක හා සිත් ඇදගන්නා සුළු පෙනුමකින් යුක්තය. මෙම පළතුරු රසයෙන් යුත් දන්තාලේප වලින් දත් මැදීම ළමයින්ට ප්‍රීතිමත් අත්දැකීමක් වන අතර දත් මැදීම පුරුද්දක් කර ගැනීම සඳහා වැඩි උනන්දුවක් ද ඇති කරයි.

ක්ලෝගාඩ් චූටි යනු මෘදු සංයෝගයකින් පරිපූර්ණ මිශ්‍රණයකින් යුත් ළමයින්ට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇති එවැනි දන්තාලේපයකි. මෙම දන්තාලේපය වැඩිහිටි දන්තාලේප වලට වඩා බෙහෙවින් මෘදු ආකාරයේ වන අතර එය ළමයින්ගේ දත් මැදීම සුසිනිදු ලෙස සිදු කරයි. ක්ලෝගාඩ් චූටි, සෑම ළමයෙක්ම අත්විඳීමට කැමති ආකාරයේ සීනි රහිත පලතුරු රස ආකාර දෙකකින් පැමිණේ. ඊට අමතරව, ක්ලෝගාඩ් චූටි SLSI විසින් නිර්දේශ කරන පරිදි ෆ්ලෝරයිඩ් සහිතව මෘදු ලෙස ළමයින්ගේ ප්‍රයෝජනය සඳහා ආරක්ෂිතව සකස් කර ඇත.


1992 දී ක්ලෝගාඩ් හඳුන්වා දීමෙන් පසුව මුළු පවුලම දත් කුහර වලින් ආරක්ෂා කර සෞඛ්‍ය සම්පන්න විදුරුමස් ප්‍රවර්ධනය කරමින් දුර්ගන්ධය සමනය කරන ශ්‍රී ලාංකික නිවෙස්වල මුඛ සෞඛ්‍ය සත්කාර සියල්ල එක තැනකට කැටිකොටගත් හොඳම විසඳුම බවට පත්ව ඇත. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ලද ප්‍රථම මුඛ සත්කාර වෙළඳ නාමය ද ක්ලෝගාඩ් ය.