සී/ස ඩග්ලස් ඇන්ඩ් සන්ස් (පුද්.) සමාගම, සේවය කිරීමට හොඳම ආයතනයක් බවට තහවුරු කරයි

සී/ස ඩග්ලස් ඇන්ස් සන්ස් (පුද්.) සමාගම (DSL) ශ්‍රී ලංකාවේ Great Place to Work® සඳහා වන ස්වාධීන විශ්ලේෂකයින් විසින් රාජකාරී කිරීම සඳහා මෙරට හොඳම ස්ථානයක් බවට සහතික කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. එම පිළිගැනීම DSL වෙත හිමි වූයේ Great Place to Work® ආයතනය විසින් DSL හි සේවය කරන සේවක ප්‍රජාවගෙන් නිර්ණාමික සමීක්ෂණයක් හරහා ලබා ගත් තොරතුරු පුළුල් ලෙස ඇගයීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

DSL ආයතනය විසින් හිමි කරගනු ලැබූ මෙම පිළිගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සී/ස ඩග්ලස් ඇන්ඩ් සන්ස්හි සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ සරෝජ් පෙරෝරා මහතා සඳහන් කර සිටියේ “පොදුවේ සියලු ව්‍යාපාර වෙත දැඩි බලපෑමක් එල්ල වී ඇති මොහොතක මෙම සහතිකය අප වෙත ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. එය ඇත්තටම සේවකයාට මෙන්ම සේව්‍යයාටද ඉහළ තත්වයක් වෙනුවෙන් වැඩකටයුතු කිරීම සඳහා විශාල පිටිවහලක් ලෙස සැළකිය හැකියි. අප සතු ශක්තිමත් වත්කම අපගේ සේවකයින් බව අප නිරන්තරයෙන් විශ්වාස කරන අතර මෙම පිළිගැනීම තුළින් අපි සේවය කිරීම සඳහා වන හොඳම සේවා යෝජකයකු බව නැවත නැවතත් පිළිගැනීමට ලක්ව තිබෙනවා. ඒ හරහා ආයතනයේ වර්ධනය සාක්ෂාත් කර ගන්නා අතරම අපගේ සේවක ප්‍රජාවට ඔවුන්ගේ උපරිම හැකියාවන් තුළින් ඉදිරියට යාමේ අවස්ථාවද උදා වී ඇති බව සඳහන් කළ හැකියි” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ Great Place to Work® හි ප්‍රධාන විධායක නිලධාරිණී ක්ෂණිකා රත්නායක මහත්මිය “සේවක ප්‍රතිචාර තුළින් ආයතනය විසින්ම හිමි කරගනු ලැබූ සහතිකය පිළිබඳ අපි DSL ආයතනයට අපගේ සුභාශිංෂන එක් කිරීමට කැමතියි. තමන්ගේ සේවකයන්ගේ විශ්වාසය දිනා ගැනීමේ හැකියාව සහ සේවය කිරීම සඳහා හොඳම ස්ථානයක් ඇති කිරීම වෙනුවෙන් එහි ඇති ශක්තිය පිළිබඳව මෙම ශ්‍රේණිගත කිරීම් තුළින් මනාව පිළිබිඹු වනවා. DSL හි සේවය කිරීමට හෝ ඔවුන් සමඟ ව්‍යාපාර කටයුතු සිදු කිරීමට අදහස් කරන ඕනෑම අයෙකුට මෙම සහතිකය ඉතා ඉහළ කාර්ය සාධන දර්ශකයක් ලෙස සැළකිය හැකියි.” යනුවෙන් පවසා සිටියාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සී/ස ඩග්ලස් ඇන්ඩ් සන්ස්හි මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී රොහාන් ආරියවංශ මහතා “Great Place to Work® අධ්‍යයනයන්ට අනුව ආයතනයේ (සමස්ත සේවක සංඛ්‍යාව 372කින්) 92%ක් පමණ වන සේවක පිරිසක් පවසා සිටින්නේ තමන්ට වැඩකිරීම සඳහා හොඳම රැකියා ස්ථානයක් ඇති බවයි. අපගේ සේවකයින් 342ක පිරිසක් යොදා ගනිමින් සමීක්ෂණය සිදු කළ අතර එහිදී 95% කගේ ඉහළ පැහැදීමක් පැවති අතර වැරදි ලෙස අදහස් දැක්වීමේ කඩඉම් ± 5ක් විය.

1986 වසරේදී ආරම්භ කරනු ලැබූ සී/ස ඩග්ලස් ඇන්ඩ් සන්ස් පුද්ගලික සමාගම, ඔවුන් නියැලී සිටින වෙළෙඳපොල තත්වයන් ඉදිරියට ගෙන යාම සඳහා නවෝත්පාදන නිෂ්පාදන කෙරෙහි දක්වන වැඩි උනන්දුව තුළින් ශක්තිමත් හා විවිධත්වයෙන් යුත් සමාගමක් බවට පත්ව ඇත. එහි සාර්ථකත්වයෙහි පදනම බවට පත්ව ඇත්තේ ඔවුන් සතු විවිධත්වය හා සියළු ප්‍රධාන අංශයන් නියෝජනය කරන පාර්ශවකරුවන් සමඟ සමීපව සබඳතා පවත්වාගෙන යාමයි. ගෝලීය වශයෙන් පිළිගනු ලැබූ ප්‍රමුඛ ගෝලීය සමාගම්හි ජාත්‍යන්තරව පිළිගත් රථවාහන අමතර කොටස් ප්‍රදර්ශනය හා අලෙවිය එහි දිවයින පුරා විහිදුණ නියෝජිත ජාලය හරහා සිදු කරනු ලබයි.

ඉහළ විශ්වාසයක් හා ඉහළ කාර්ය සාධනයක් සහිත සේවා ස්ථාන සංස්කෘතීන් පිළිබඳ ගෝලීය අධිකාරිය වන්නේ Great Place to Work® ආයතනයයි. ඔවුන් විසින් සේවය කිරීම සඳහා හොඳම ස්ථාන ලැයිස්තුගත කිරීම හා ඒවා සමාලෝචනය කිරීම ඇතුළුව හිමිකාර තක්සේරු මෙවලම්, උපදේශන සේවා සහ සහතික කිරීමේ වැඩසටහන් සිදු කරනු ලබයි. ඒ තුළින් නිර්මාණාත්මක, තිරසාර හා කැපී පෙනෙන සේවා ස්ථාන සංස්කෘතියක් පවත්වාගෙන යාමට අවශ්‍ය මිණුම් සළකුණු, සැකැස්ම හා විශේෂඥ දැනුම හිමි කර දෙයි.