Mahindra මහේන්ද්‍රා KUV100 පාරිභෝගිකයන් 1000 සීමාව පසු කරයි

KUV100 NXT යනු SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි සාඩම්බර පෙනුමකින් යුතු ආකර්ෂණීය මෝටර් රථයකි. සියයට30ක දේශීය කොටස් එකතු කරමින්  ප්‍රථම වරට සම්පූර්ණ වාහනයම මෙරටදී එකලස් කරන ලද පළමු රථය වන මෙම මෝටර් රථ මාදිලිය අයිඩියල්  සහ M&M  සමූහයේ හවුල්කාරීත්වය යටතේ ඉදිකළ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ වාහන එකලස් කිරීමේ අංගනයේදී  සම්පූර්ණයෙන්ම එකලස් කොට ඇත.


KUV100 මුල් වරට මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ 2020 වසරේ මුල් භාගයේ වන අතර වසංගත සමය නිසා පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ඉතා අවම මට්ටමක පැවති සමයක් විය. එනමුත් සෑමවිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සමාගමක් ලෙස දීප ව්‍යාප්ත සේවා හා අමතර කොටස් ජාලය මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක අලෙවියෙන් පසු කඩිනම් සේවාව යන අංශ කෙරෙහිද විශේෂ අවදානයක් යොමු කිරීමට අපට හැකි විය.     

කෝවිඩ් 19 ව්‍යාප්තිය මධ්‍යයේ වුවද මෙරට වෙළඳපොළ ක්‍රමිකව විවෘත වීමේදී KUV100 මෝටර් රථ මාදිලියට රට තුළ සැලකිය යුතු ඉල්ලුමක් තිබූ බව දක්නට ලැබුණි. මේ හේතුවෙන් මහේන්ද්‍රා අයිඩියල් ලංකා සමාගම (MILPL) මේ වන විට ඉහළ යන වෙළඳපොළ අවශ්‍යාතවට සරිලන පරිදි මෙම මාදිලියේ නිෂ්පාදන ධාරිතාව ද පුළුල් කොට ඇත. KUV100 NXT මෝටර් රථය ඊටම අනන්‍ය වූ ලක්ෂණ රැසකින් සමන්විත වන අතර බල සහ අධිතාක්ෂණික විශේෂාංග ගණනාවක් ද මීට ඇතුළත් වන නිසා මෙම මෝටර් රථ පන්තියේ ප්‍රමුඛතම මාදිලිය බවට පත්ව ඇත. එමෙන්ම ශ්‍රී ලාංකික පාරිභෝගික විශ්වාසය නොඅඩුව දිනා ගනිමින් කෙටි කලක් තුළ මෝටර් රථ 1000 අලෙවි කඩඉම පසු කරන්නට KUV100 NXT රථයට හැකි වීමත් මෙරට පාරිභෝගියන්ගේ උණුසුම් ප්‍රතිචාරයත් අයිඩියල් මෝටර්ස් සහ මහේන්ද්‍රා සමාගම ඉතා අගය කොට සලකයි. 

KUV100 NXT ආරක්ෂාවට මෙන්ම කැපී පෙනෙන විශේෂාංගයන්ට මුල් තැනක් දුන් KUV100 NXT රථය පාරිභෝගියන් වෙත “ජීවිතයේ සීමාවන් ඉක්මවන” අත්දැකීමක් සමීප කරවීම වෙනුවෙන් හඳුන්වා දුන් මෝටර් රථයකි. SUV වෙත පිවිසුම් මෝටර් රථයක් ලෙස හඳුන්වා දිය හැකි මෙය අධි ක්‍රියාකාරීත්වයෙන් යුතු 1200cc mFalcon එන්ජිමකින් සමන්විත අතර 5500 RPM හිදී 82 bhp ක්‍රියාකාරීත්වයක් සනිටුහන් කරයි. ආසන 5කින් සමන්විත මෙම රථය කුඩා පවුලකට හෝ වෘත්තිකයෙකුට ඉතා හොඳින් ගැලපේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 170mm ක් වූ මෙහි 15” ඩයමන්ඩ් කට්, ටූ ටෝන් ඇලෝයි වීල් සහ ශක්තිමත් ක්‍රීඩාශීලී පෙනුමකින් යුක්තය. ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් සහ සුවිශේෂී පාලන පද්ධතිය නිසා කුමන තත්ත්වයක් යටතේ වුවත් වඩාත් සුවපහසු පැදවීමක් සහතික කරයි. KUV 100 NXT විශේෂාංග අතර ටච් ස්ක්‍රීන්, බ්ලූටූත් සම්බන්ධතාව මෙන්ම ආරක්ෂාව සඳහා වැඩි දියුණු කළ ද්විත්ව එයාර් බෑග් සහ ABS ද ඇතුළත් වේ.   KUV 100 NXT දීප්තිමත් සුදු, රතු, කළු සහ රිදී යන වර්ණවලින් ලබා ගත හැකි අතර වගකීම වසර 3ක් හෝ කිලෝමීටර් 100,000කි.