ASEAN ව්‍යාපාර හා ආර්ථිකයන් ඩිජිටල්කරණය කිරීම සඳහා ඉදිරි වසර පහ තීරණාත්මකයි

NIKKEI Group සහ Yusof Ishak Institute (ISEAS) සහයෝගයෙන් සංවිධානය කළ Digital Trade Forum පසුගියදා අවසන් වූ අතර, එහිදී කලාපයේ රාජ්‍ය ආයතන, ක්ෂේත්‍ර ප්‍රවීණයින් එකට එක්ව කලාපීය සංවර්ධනය සඳහා ඩිජිටල් ආර්ථික රාමුවක වැදගත්කම සහ සැපයුම් දාම ආශ්‍රිත දැනුම හුවමාරු කරගන්නා ලදී.

මෙයට සහභාගී වූ ASEAN ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ හා සංචාරක සහකාර අධ්‍යක්‍ෂ ආචාර්ය Le Quang Lan විසින් පවසා සිටියේ, ඉදිරි වසර පහක කාලය ASEAN රාජ්‍යන් තිරසර ඩිජිටල් ආර්ථිකයන් බවට පත්කිරීමේ කාර්යයේදී ඉතා වැදගත් කාලසීමාවක් පසුකරන බවත්, මෙම ක්‍රියාවලිය සඳහා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශ හවුල්කරුවන්ගේ සහයෝගය වැදගත් වනු ඇති බවත්ය. මෙම කාර්යයේදී එකී නෙකාගේ අදහස් ඉතා වැදගත් වන හෙයින්, මෙවැනි සමුළුවක් සංවිධානය කිරීම වෙනුවෙන් Huawei, Nikkei සහ ISEAS හට ස්තුති වන්ත වන බවත් හෙතෙම පැවසීය.

කලාපයේ ආර්ථික වර්ධනයන් සඳහා ඩිජිටල් තාක්ෂණික පද්ධති ඉහළ දායකත්වයක් සපයන බවත්, ඩිජිටල් පරිවර්තනයන් වේගවත් කිරීම සඳහා නව නීති ඇති කිරීමත්, සහයෝගයෙන් වැඩ කිරීමේ වැදගත්කමත් පිළිබඳ, Huawei ආසියානු පැසිෆික් කලාපයේ උප සභාපති Jay Chen මෙම සමුළුවේදී දේශනයක් සිදු කරන ලදී. ආර්ථික සංවර්ධනයන් තීරණය කරන මෙම තීරණාත්මක වසර පහ තුළ ආසියානු පැසිෆික් කලාපයේ යටිතල පහසුකම්, සන්නිවේදන සම්බන්ධතා, ආරම්භක ව්‍යාපාර පෝෂණය කිරීම සහ ඩිජිටල් නිපුණතා කුසලතාවයන් වර්ධනය කිරීම සඳහා Huawei කැපවී සිටින බවත් හෙතෙම පවසා සිටියි.

වෙළඳාම ඩිජිටල්කරණය වීම මුළු කලාපයටම වාසි ගෙනදෙන බවත්, ව්‍යාපාර කාර්යයන්හි කාර්යක්ෂමතාව වර්ධනය කරන බවත් ISEAS හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ආචාර්ය ජයන්ත් මෙනන් මෙහිදී පවසන ලදී.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ගෝලීය ප්‍රමුඛයෙකු වශයෙන් Huawei ඩිජිටල් කුසලතා වර්ධනය කර ගැනීමට මෙන්ම නව තාක්‍ෂණයන් නවීකරණය කිරීමට මහත් උත්සාහයක් ගැනීම අගය කළ යුතුයි. අනාගතයේදී අපි දකින සෑම දෙයක්ම ඩිජිටල් වන අතර ලෝකයේ විශාලතම ජනගහනය සිටින ආසියානු පැසිෆික් කලාපය වෙළදාමේ බලවතා වනු ඇත. එම නිසා ආසියානු පැසිෆික් ආර්ථිකයන් ඩිජිටල් පරිවර්‍තනයකට පියවර ගැනීම සහ ආර්ථිකයන් ඩිජිටල්කරණය කිරීමට හැකි තාක්‍ෂණ වේගයෙන් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය ය. ශ්‍රී ලංකාවේ ගෝලීය ආර්ථික විශ්ලේෂකයෙකු වන වී. මහේෂ්වරන් අන්තර්ජාලය හරහා මෙම අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.

AI, Cloud, Internet of Things සහ 5G වැනි අති නවීන තාක්‍ෂණ සියල්ලම ඩිජිටල් යටිතල පහසුකම් බව රැස්ව සිටි පිරිස සඳහන් කළහ. ඩිජිටල් යටිතල පහසුකම්හි ආයෝජන සිදුකිරීම, ආර්ථිකමය වශයෙන් විශාල වාසි ගෙන එන බවත්, නව ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති හට ව්‍යාපාර ආශ්‍රිත පිරිවැය විශාල ලෙස අවම කළ හැකි බවත් අවධාරණය විය. උදාහරණ ලෙස ඩිජිටල් ලේඛන තුලින් ගනුදෙනු කිරීම, ගනුදෙනු ආශ්‍රිත පිරිවැයයන් සියයට 20කින් පමණ ඉතිරි කරන බව ඔවුන් අවධාරණය කරන ලදී.

කලාපීය ආර්ථික හවුල්කාරිත්ව (RCEP) යනු කලාපීය වෙළඳාමේ සංවර්ධනය සඳහා වැදගත් අංශයකි. ඩිජිටල්කරණය තුළින් මෙම ගිවිසුම් තුළින් ගලා එන ප්‍රතිලාභ වැඩි දියුණු කළ හැකිය. මෑතකදී පැවති ASEAN Economic Ministers (AEM) හිදී ඩිජිටල් තාක්ෂණයන් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන් පිළිබඳ කතිකා කළ අතර එහිදී භාණ්ඩ,සේවා සහ දත්ත බාධාවකින් තොරව සහ ආරක්ෂිතව හුවමාරු වීම පිළිබඳ අවධාරණය කළේය.