වාර්ෂික දීමනා සහ මෙගා වට්ටම් සමඟින් Huawei Service Carnival ආරම්භ වෙයි

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, ඔවුන්ගේ සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ උත්සව සමයේ පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි.


මේ වනවිට Huawei සේවා වාර්ෂික දීමනා සමය ආරම්භ වී ඇති අතර එය දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වේ. නොවැම්බර් මස පළවෙනිදා ආරම්භ වූ Huawei Service වාර්ෂික දීමනා සමය පැමිණෙන්නේ උත්සව සමයේදී ‘තෑගි සහ සතුට’ රැගෙන බව පාරිභෝගික මතයයි.


මේ කාලයේ සියලුම Huawei බලයලත් නියෝජිත සේවා ජාලය ආකර්ෂණීය තෑගි සහ වට්ටම් වලින් පිරී ඇති අතර මෙම කාලයේ පැමිණෙන ගනුදෙනුකරුවන් සඳහා තෑගි සහ සේවා වට්ටම් ලබා දීමට සූදානම් බව Huawei පවසයි. මෙහිදී තෝරාගත් ස්මාර්ට් උපාංග සඳහා රුපියල් 1899, 2599, 2799 සිට battery ප්‍රතිස්ථාපන සේවා, තෝරාගත් ස්මාර්ට් උපාංග සඳහා ස්ක්‍රීන් සහ බැක් කවර් ප්‍රතිස්ථාපන සේවා සඳහා වූ 60% දක්වා වට්ටම්, නොමිලයේ ලබාදෙන ස්ක්‍රීන් ප්‍රෝටෙක්ටර්, බැක් කවර් ප්‍රෝටෙක්ටර් සඳහා 50% දක්වා වට්ටම්, HUAWEI Mobile Cloud නව පරිශීලකයින් සඳහා 50GB සිට 200GB දක්වා රුපියල් 43සිට සිය cloud storage දිගුකරගැනීම හැකියාව සමඟින් එන සේවා, සියලුම අලුත්වැඩියා කිරීම් සඳහා පිරිනමන තෑගි සහ තවත් බොහෝ සේවාවන් සේවා වාර්ෂික දීමනා සමයත් සමඟ Huawei පරිශීලකයන් හට පිරිනැමීමට කටයුතු කර ඇත.


රුපියල් 1899 සිට ආරම්භ වන පහසු මිල ගණන් යටතේ පරිශීලකයාට ඔවුන්ගේ ස්මාර්ට් දුරකථන battery ප්‍රතිස්ථාපනය කරගැනීමේ හැකියාව මෙවර Huawei Service Carnival හරහා හිමිවන අතර, මෙම මිල ගණන් අදාළ battery මිල ගණන් සහ සියලුම සේවා ගාස්තුද ඇතුලත්ව වේ. මෙම ප්‍රතිස්ථාපනය කරන battery සඳහා දින 90ක වගකීම් කාලයක් හිමිවේ.

මෙම දීමනාව P series, Mate series, Nova series, Y series, Honor 4C, G Play mini, GR3 2017, GR5 2017, MediaPad M3 Lite 10.1 සහ MediaPad T2 7.0 මාදිලි සඳහා හිමිවේ. මෙම දීමනා වැඩසටහන හරහා හිමිවන තවත් එක් සුවිශේෂී දීමනාවක් වන්නේ, වගකීම් කාලය අවසන් වූ තෝරාගත් මාදිලීන්හි ස්මාර්ට් දුරකතන ස්ක්‍රීන් සහ බැක් කවර් ප්‍රතිස්ථාපන අලුත්වැඩියා අවශ්‍යතා සඳහා වට්ටම් සහිත මිල ගණන් හිමි වීමයි. තවද, රුපියල් 43 ආරම්භ වන මිල ගණන් යටතේ, මසක කාලයක් සඳහා 50GB හෝ 200GB දක්වා ක්ලවුඩ් storage ලබාගත හැකි වීමද මෙවර දීමනා සමයේ හිමිවන සුවිශේෂී දීමනාවකි. මෙම දීමනාව වලංගු වන්නේ පෙර මෙම සේවාව සඳහා ලියාපදිංචි නොවූ, ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති Huawei ID සඳහා පමණි. මෙහිදී මෙම වට්ටම් සහිත සේවා ගාස්තුව මසක කාල සීමාවක් සඳහා පමණක් වලංගු වන අතර, ඉන්පසු අවශ්‍ය නම් පරිශීලකයින්ට ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ සේවා දායකත්වයන් (subscription) අවලංගු කළ හැකිය. Huawei Mobile Cloud ලබා ගත හැක්කේ EMUI 5.1 සහ ඉන් ඉහළ Huawei උපාංග සඳහා පමණි.


මෙවර දීමනා වැඩසටහනේ සුවිශේෂී අංගයක් වන්නේ, Share-to-Win ප්‍රවර්ධන වැඩසටහනයි. මේ හරහා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව හිමිවේ. මෙම තරගාවලිය හා සම්බන්ධ වීමේ සියලුම විස්තර Huawei Mobile Facebook පිටුවේ පළකර ඇති, Service Carnival post එකේ දක්වා ඇත. මෙහිදී Huawei පාරිභෝගිකයින් සිදුකළ යුත්තේ, අදාළ Huawei Service Carnival හා සම්බන්ධ ලින්ක් එක, තමන්ගේ පෞද්ගලික facebook ගිණුම වෙත #HuaweiServiceCarnivalLK, hashtag යොදා Public share කිරීමයි. අදාළ post එකට likes 100ක් ලැබුණු විට, එහි screenshot එකක්, පරිශීලකයා සම්බන්ධ කරගත හැකි විස්තරද සමඟ, වෙබ් පිටුවේ ඇති link එකට එවිය යුතුයි. මෙහිදී තෝරාගත් ජයග්‍රහකයින් සඳහා ත්‍යාග හිමිවේ.


මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින Huawei වාර්ෂික දීමනා සමය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ Huawei උපාංග ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පැවසීය. “Huawei තාක්ෂණික උපාංගයන් භාවිත කරන්නන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර Huawei වෙළඳ නාමය කෙරෙහි විශ්වාසය තැබූ ඔවුන් හට සැමදා කෘතඥතාව දක්වමු. සෑම වසරක්ම නැවුම්ව ඇරඹීමට අප සියලු දෙනා කැමැත්තෙමු. පැරණි උපාංග ඇති පරිශීලකයින්ට ඉතා අඩු මිලකට ඒවා අළුත්වැඩියා කර නව පෙනුමක් හා නැවුම් හැගීමක් ලබාදීමට Huawei වාර්ෂික දීමනා සමය කදිම අවස්ථාවක් බව අප විශ්වාස කරමු ”


Huawei Service Carnival පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම් 0112423017 අමතා හෝ, My Huawei App / Support App හරහා ලබාගත හැකිය.