ටොයොටා ලංකා හා LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් එක්වී “ටොයොටා InsureX මෝටර් රක්ෂණ” හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් ද්විත්වයක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ ටොයොටා ලංකා එකට එක්ව සිය පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී වරප්‍රසාද රැසකින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සම-සන්නාම රක්ෂණ විසඳුම් පැකේජයක් හඳුන්වා දී ඇත. අදාළ සේවා දියත් කිරීමේ වැඩසටහන ටොයොටා ලංකා ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා සිදුකෙරිණි.

මෙහිදී හඳුන්වා දුන් නව ටොයොටා InsureX රක්ෂණ පැකේජය හරහා නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 10 දක්වා ඇති ටොයොටා මෝටර් රථ අනතුරු හා සම්බන්ධ අලුත්වැඩියා කිරීම් කිසිඳු වියදමක් ඇති නොවන ආකාරයට Brand new parts යොදා සිදුකර ගත හැක. එනම් අදාළ වියදම් අයිතිකරුවන්ගේ දායකත්වයෙන් තොරව (ZERO owners share) සිදුවේ. ටොයොටා InsureX මෝටර් රක්ෂණ පැකේජය ලබාගැනීමට අපේක්ෂාවෙන් පසුවන පාරිභෝගිකයින්ට වත්තල පිහිටි ටොයොටා ලංකා ප්‍රධාන කාර්යාලයෙන් (Kiosk යන්ත්‍රය හරහා) අදාළ සේවා ලබාගත හැකිය.

මෙම සුවිශේෂී රක්ෂණ පැකේජය පිළිබඳ අදහස් දක්වමින්, ටොයොටා ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරළ මෙලෙස පවසා සිටියි. “මෙම නව රක්‍ෂණ පැකේජය අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු සේවාවක් සපයමින් ඔවුන්ගේ රථ වාහන සම්බන්ද අවශ්‍යතා සහ රක්ෂණය එකම වහලක් යටින් සිදුකර ගැනීමේ අවස්ථාව හිමිකර දී තිබෙනවා. අනාගතයේදී LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එකට එක්ව අප ගනුදෙනුකරුවන්ට තවත් අද්විතීය රක්ෂණ විසඳුම් රැසක් හඳුන්වා දීමට අප සූදානම්.”

මෙම සුවිශේෂී රක්ෂණ පැකේජය මිලදී ගන්නා ටොයොටා ලංකා සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ගනුදෙනු කරුවන්ට, බරපතල රෝගාබාධ ආවරණය, ගෘහ රක්ෂණය සහ වාහන සේවා සහ අලුත්වැඩියාවන්, ටයර් මිලදී ගැනීම් සහ ඔටෝ ඩීටේලින්ග් සඳහා විශේෂ වට්ටම් ද හිමිවේ.

මෙහිදී අදහස් දැක්වූ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා මෙලෙස පවසයි. අපගේ ගනුදෙනු කරුවන්ගේ පහසුව පිණිස මෙවැනි ආකාරයේ රක්ෂණ විසඳුම් හඳුන්වා දීමට ලැබීම පිළිබඳ අප සතුටට පත් වෙනවා වගේම ඉදිරියේදී තවත් වාසි රැසක් මෙවැනි ආකාරයේ තවත් සුවිශේෂී රක්ෂණ විසඳුම් හඳුන්වා දීමට ටොයොටා ලංකා සමගින් ඉදිරියටත් එක්ව කටයුතු කරනවා.”

මෙම නව රක්ෂණ විසඳුම් හඳුන්වා දීමේ නිල උත්සවය සඳහා ටොයොටා ලංකා හි සභාපති Sachio Yotsukra මහතා, ටොයොටා ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරළ, අගය දාම සහ සංචලතා විසඳුම් ප්‍රධානී Yoshihiro Tate මහතා, LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි ගුණවර්ධන මහතා, LOLC ලයිෆ් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී නදීකා ඕපාත මහත්මිය, LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස්හි අලෙවි ප්‍රධානී සංජය අත්තනායක මහතා, ව්‍යාපාර සංවර්ධන කළමනාකරු තිලිණ සමරරත්න මහතා සහභාගී විය.