AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්ට රක්ෂණ වාරික පහසුවෙන් ගෙවීමට ක්‍රම රැසක් හඳුන්වා දෙයි

මෙම අවිනිශ්චිත කාල වකවානුවේ දී වාරික ගෙවීමට AIA ශාඛා කාර්යාලයකට, බැංකුවකට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යාමේදී ඔබට ඇති අවධානම සහ අපහසුතාවය අපි හොඳින් අවබෝධ කරගෙන සිටිමු. ඒ වගේම ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් අඛණ්ඩ රැකවරණය අත්විඳීමට, වාරික නිසි කලට ගෙවීම සඳහා පහසුකම් සැලසීමේ වැදගත්කමත් අපි හොදින් දනිමු.

AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට පිටතට නොගොසින් සිය නිවසේ ආරක්ෂාකාරීව රැඳී සිටිමින් ලෙහෙසියෙන් සහ පහසුවෙන් රක්ෂණ වාරික ගෙවීම සඳහා විවිධ විකල්ප රාශියක් ලබා දීමට AIA සමාගම කටයුතු යොදා තිබෙන්නේ ඒ නිසාමයි.

අපගේ සේවාලාභී ද්වාරය (AIA Customer Portal) AIA සේවාලාභීන්හට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට පහසුවෙන් සිය වාරික ගෙවීම සඳහා සකසා ඇති නවතම විකල්ප ක්‍රමයකි. මෙම ඩිජිටල්කරණ විසදුම ඔස්සේ, මාර්ගගත ක්‍රමයට පිවිසී සිය රක්ෂණ ඔප්පුව පිලිබඳව, ගෙවා ඇති වාරික පිළිබඳව, හිමිකම් තොරතුරු මෙන්ම සිය ඔප්පුවේ වෙනත් ඕනෑම තොරතුරක් දන ගැනීමට අවකාශය සලසාලයි. AIA Customer Portal නවතම තාක්ෂණය යොදාගනිමින් සැකසුන ඉතාමත් ආරක්ෂාකාරී පහසුකමක් වන අතර ජංගම දුරකථන, ටැබ්, පෞද්ගලික පරිගණක වැනි ඕනෑම උපාංගයක් ඔස්සේ කිසිම ගැටලුවකින් තොරව මෙය භාවිතා කිරීමේ හැකියාව ඇත. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාවන් 3 න්ම භාවිතා කළහැකි මෙම පහසුකම ඔස්සේ, සේවාලාභීන්හට ඔවුන්ගේ රක්ෂණ වාරික ගෙවීම, ඔප්පුව පිළිබඳව තොරතුරු ලබා ගැනීම මෙන්ම අනෙකුත් සේවාවන් සඳහා ඉල්ලීම් කිරීම සිය නිවසේ ආරක්ෂාකාරීව සිටිමින් කිරීමේ හැකියාව සැලසේ.

AIA Customer Portal හි ලියාපදිංචි වීමට < යන AIA වෙබ් අඩවියට පිවිස ‘My AIA’ tab යටතේ ඇති ‘AIA Customer Portal’ මත ක්ලික් කරන්න.

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙත ප්‍රථම වරට හදුන්වාදෙන ලද AIA Quick Pay, වාරික ගෙවීමේ පරිපූර්ණ ක්‍රමවේදයක් වන අතර මේ ඔස්සේ සේවාලාභීන්හට නව රක්ෂණ ඔප්පු සඳහා වාරික ගෙවීම මෙන්ම දිගින් දිගටම වාරික ගෙවාගෙන යාම සඳහා ස්ථාවර නියෝග සකසා ගැනීමේ හැකියාවද ලබාදෙයි. AIA Quick Pay දියත් කර මේ දක්වා වසර දෙකක කාලයක් තුළ සිදුකරන ලද ගනුදෙනු මගින් රුපියල් බිලියන 1.5ක වාරික ප්‍රමාණයක් එකතු කිරීමට හැකියාව ලැබී තිබෙන අතර සේවාලාභීන්හට පහසුවෙන් මෙන්ම ආරක්ෂාකාරීව රක්ෂණ වාරික ගෙවීමට මෙය ඔස්සේ අවස්ථාව ලැබෙනු ඇත.

AIA ඉන්ෂුවරන්ස් මෙම පහසුකම 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී සිය සේවාලාභීන් වෙත හදුන්වා දෙන ලද්දේ ඔවුනට සැමවිට ලෙහෙසියෙන් සිය රක්ෂණ වාරික ගෙවීමේ හැකියාව ලබා දීමටයි. දැන් සේවාලාභීන් ඩිජිටල්කරණය ඔස්සේ මාර්ගාගත ක්‍රමයට වාරික ගෙවීමට වැඩි කැමැත්තක් දැක්වීමේ ප්‍රවනතාවය මත සහ වැඩිපුර ඔවුනගේ ස්මාර්ට් ජංගම දුරකථන ඔස්සේ වාරික ගෙවාගෙන යන පසුබිමක මෙම විකල්ප පහසුකම AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට වඩාත් ප්‍රයෝජනවත් වී ඇත.

එමෙන්ම AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන්හට වාරික ගෙවීම සඳහා වඩාත් ජනප්‍රිය ඩිජිටල්කරණ ජංගම දුරකථන විසදුම් වන mCash, Dialog eZ cash and FriMi, ඔස්සේ සහ බැංකු ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාර්ඩ් ඔස්සේ මාර්ගගත ක්‍රමයට, කොමර්ෂල් බැංකුව, HSBC බැංකුව, NDB බැංකුව, HNB බැංකුව , සම්පත් බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යන බැංකු හරහා මෙන්ම කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් එක, NDB Neo හෝ HNB SOLO, ඔස්සේ සේවාලාභීන් එම බැංකුවල ගණුදෙනු කරුවන්නම් ද රක්ෂණ වාරික ගෙවීමේ හැකියාව සලසා ඇත.

ඔබත් AIA ඉන්ෂුවරන්ස් සේවාලාභියෙකු නම් වාරික ගෙවීම සඳහා ඔබට ලබා දී ඇති විවිධ විකල්ප ක්‍රම රාශිය අතරින් එකක් තෝරාගෙන නිසි කලට වෙලාවට වාරික ගෙවා නිරතුරු රැකවරණය අත්පත් කරගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත. ඔබ සහ ඔබගේ ආදරණීයයන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට සැමවිට අවශ්‍ය සියලු පියවර අනුගමනය කරන්න. ඔබ තවමත් සෞඛ්‍ය, විශ්‍රාම සහ මූල්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් රක්ෂණ සැලසුමක් ලබාගෙන නොමැති නම්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් වෙතින් විසදුමක් ලබාගැනීම සඳහා සිතා බැලීමට මේ හොඳම කාලයයි. (ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් පිරිනමන ලදී -2019,2020) වැඩි විස්තර සඳහා 0112 310 310 ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් අමතන්න.