‘පුංචි සුරං ‘ගුවන් විදුලි මහ ගෙදරින් ගුවනට මුසු වෙයි

ළමා ලෝකයේ සතුට හා නිදහස අරුත් ගන්වමින් මැලිබන් ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ ප්‍රතිනිර්මාණය වූ ‘පුංචි සුරං ‘ළමා ගීතය පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මඟින් සුවහසක් දූ දරුවන් හා වැඩිහිටියන් වෙත ගෙන යාමට කටයුතු කරන ලදී. ඒ ශ්‍රී ලාංකේය සංගීත වංශ කතාව අලුත් කළ ‘පුංචි සුරං ‘ගීතය සම්බන්ධ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමිනි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ප්‍රවීන මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා විසින් මෙහෙයවන ලද එම විශේෂ වැඩසටහන තුළින් ‘පුංචි සුරං ‘ගීතය එළි දැක්වීමේ විශේෂත්වය හා ඒ යටතේ පවතින ‘නිදහසේ රන් දරුවෝ ‘අරමුදලෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය විය. මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාද විශේෂ පණිවිඩයක් යොමු කර තිබූ අතර මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිණී කුෂාණි පීරිස් මහත්මිය හා මුල් ගීතයේ නිර්මාතෘ ප්‍රවීන සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්න යන මහත්ම මහත්මීන්ද එහිදී සිය අදහස් පළකර සිටින ලදී. මෙම එළිදැක්වීමෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා ගීත සමුච්ඡයෙහි ඇතුළත් කර තිබූ ‘සකල බුජං ගීතය ’ එම ගීත එකතුවෙන් ඉවත් කර ඒ වෙනුවට පුංචි සුරං ගීතය ආදේශ කිරීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කිරීමයි.

60 -70 දශකයේ ශ්‍රී ලාංකේය සංගීත කරලියේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණු ධර්මරත්න බ්‍රදර්ස් හි සාමාජිකයෙක් වන මෙල්රෝයි ධර්මරත්නයන් එදා සමාජයේ අත්දැකීම් පදනම් කරගනිමින් සකල බුජං කොට කලිසං ගීතය නිර්මාණය කරන ලදී. ළමා ගායිකා ශිරෝමි ප්‍රනාන්දු විසින් ගායනා කරන ලද එම ගීතය පසු කලෙක දරුවන් මෙන්ම වැඩිහිටියන් අතරද බොහෝ ජනප්‍රියත්වයට පත් විය.


මැලිබන් ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ එළි දැක්වුණු ‘පුංචි සුරං’ ගීතය යනු ශ්‍රී ලාංකේය දරුවන් වෙනුවෙන් වූ මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ ‘අරමුදල’ සමාජය වෙත ගෙන යාමේ මූලික පියවරක් ලෙසද සඳහන් කළ හැකිය. දරුවන්ගේ සතුට සහ නිදහස පිළිබඳ සුවිශේෂී පණිවිඩයක් ගීත නිර්මාණයක් තුළින් සමාජයට ලබා දෙන අතරම ඔවුන්ගේ හෙට දවස තව තවත් ඔප්නැංවීමටත්, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් ඔවුන් සතු කුසලතා දියුණු කිරීමටත්, පෞරුෂ හා ආකල්ප වර්ධනය කිරීමටත් මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් තව තවත් කළ එළි ගැන්වීමටත් වෙනුවෙන් මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ ‘වැඩසටහන ආරම්භ කරන ලදී. එහිදී අලෙවි කරනු ලබන සෑම මැලිබන් ගෝල්ඩ් මාරි ග්‍රෑම් 80ක පැකට්ටුවකින්ම ශත 50 ක මුදලක් එම අරමුදල සඳහා බැර වන අතර ඒ තූලින් අවශ්‍යතාවන් සහිත දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ට සතුටින් හා නිදහසින් සපරි ළමා ලෝකයක් නිර්මාණය කර දීමට කටයුතු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිණී කුෂාණි පීරිස් මහත්මිය සඳහන් කර සිටියේ “මැලිබන් ගෝල්ඩ් මාරි කියන්නේ දරුවන්ගේ රස නිදහස වෙනුවෙන් වූ නිෂ්පාදනයක්. මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් පිහිටවනු ලැබූ නිදහසේ රන් දරුවෝ අරමුදල තුළින් ඔවුන්ගේ හෙට දවස තව තවත් ඔප්නැංවීමටත්, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් ඔවුන් සතු කුසලතා දියුණු කිරීමටත්, පෞරුෂ හා ආකල්ප වර්ධනය කිරීමටත් මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් තව තවත් කළ එළි ගැන්වීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අලෙවි වන සෑම මැලිබන් ගෝල්ඩ් මාරි ග්‍රෑම් 80ක පැකට්ටුවකින්ම ශත 50ක මුදලක් එම අරමුදල සඳහා ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා.” යනුවෙනි.


වැඩිදුරටත් අදහස් දැක්වූ කුෂාණි මහත්මිය “ පුංචි සුරං ගීතය ප්‍රතිනිර්මාණය කර ඉදිරිපත් කිරීම සඳහා ජනප්‍රිය ළමා ගීතයක් වූ සකල බුජං කොට කලිසං ගීතය අප වෙත ලබා දෙමින් ප්‍රවීන සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්න මහතා සිදු කළ කැපවීම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කිරීමට කැමතියි. ඒ වගේම ගුවන් විදුලියේ මහගෙදර වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළින් මෙම ගීතය ජනතාව අතරට ගෙන යාම වෙනුවෙන් පෙරමුණ ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතාටත් මාගේ ස්තුතිය පුදකර සිටිනවා. මේ සම්බන්ධයෙන් ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ මැදිහත් වීම අපට ඉමහත් ශක්තියක් මෙන්ම ආශිර්වාදයක් ලෙස අපි සළකනවා. ඒ වගේම ළමා පරපුරේ සතුට හා නිදහස වෙනුවෙන් ජාතික ගුවන් විදුලියෙන් විකාශනය කළ ‘පුංචි සුරං’ ගීතය අනෙකුත් නාලිකා තුළින්ද ප්‍රචාරණය කරන ලෙස ඉල්ලා සිටිනවා” යනුවෙන්ද පවසා සිටින ලදී.