අයිඩියල් මෝටර්ස් විසින් සංවිධානය කරන සේවා කඳවුර ජනවාරි 24,25 පැවැත්වෙයි

ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම සිය මහින්ද්‍ර පාරිභෝගිකයන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන සේවා කඳවුර (Mahindra care fest) මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙම මස 24,25 යන දෙදින පුරා රත්මලානේ පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන සේවා මධ්‍යස්ථානයේදී මෙම සේවා කදවුර (Mahindra care fest) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගම ලොව පුරා සිටින තම පාරිභෝගිකයන් වෙනුවෙන් සෑම වසරකදීම පවත්වනු ලබන මෙම සේවා කඳවුර (Mahindra care fest) බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වන වැඩසටහනක් වීම සුවිශේෂී කාරණාවකි. ශ්‍රී ලංකාවේද එම වැඩසටහන් මාලාව අදියර කීපයක් යටතේ පැවැත්වීමට මෝටර්ස් පුද්ගලික සමාගම තීරණය කර තිබේ.

තම පාරිභෝගිකයන් හට තත්වයෙන් උසස් සේවාවක් සැපයීමත් ඔවුන්ව ආරක්ෂා කිරීමත් අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ මූලික අරමුණ වේ. ඒ නිසා විශේෂ පුහුණුවක් ලැබූ තාක්ෂණික නිලධාරීන් විසින් මෙම දින දෙකෙහි සියලුම මෝටර් රථ පරික්ෂා කිරීම සිදුකරන අතර නොමිලේ තත්ත්ව පරීක්ෂාවක් මෙන්ම ලබා ගන්නා සේවාවන් සහ අලුත්වැඩියාවන් සදහා විශේෂ වට්ටම් ද ලබාදීමට අයිඩියල් මෝටර්ස් විසින් කටයුතු සූදානම් කර ඇත.

අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් දැනටමත් ශ්‍රී ලංකාවේ මහින්ද්‍ර මෝටර් රථ ලක්ෂයේ සීමාව ඉක්මවා අලෙවි කර ඇති අතර ඔවුන් සතුව පවතින සුවිශේෂී අලවියෙන් පසු සේවා ජාලය නිසා තම පාරිභෝගිකයන් හට අවශ්‍ය සේවා සහ අළුත්වැඩියා පහසුකම්ද ලබා දීමට හැකියාව ලැබී තිබේ.

එමෙන්ම අයිඩියල් ව්‍යාපාර සමූහයට අනුබද්ධ සමාගමක් වන අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් දිවයින පුරා පිහිටා ඇති තම සේවා සහ අළුත්වැඩියා මධ්‍යස්ථානවලදී ද මෙම සේවා කදවුර (Mahindra care fest) සිදු කිරීමට දැනටමත් කටයුතු සූදානම් කර තිබේ. එම වැඩසටහන් ලබන පෙබරවාරි මාසය තුළ දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන වල පවත්වනු ලබයි. එහි පළමු අදියර මෙන් මස 24, 25 දෙදින පුරා රත්මලානේ ප්‍රධාන සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථානවලද මෙම වැඩසටහන පැවැත්වේ. අනුරාධපුර අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථානය මඟින් මෙම වැඩසටහන ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එමෙන්ම මෙම සේවා කදවුර මගින් මහින්ද්‍ර බර වාහන හිමියන් සඳහාද සියලුම සේවා කටයුතු සලසාදීමට සැලසුම් කර තිබේ.

මහින්ද්‍ර මෝටර් රථ අලෙවිය සහ අලෙවියෙන් පසු සුවිශේෂී සේවා සපයන කීර්තිමත් ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම මහින්ද්‍ර අයිඩියල් ලංකා සමාගම 2019 වසරේ ආරම්භ කිරීමත් සමඟ දේශීය කොටස් ද 30% කට අධික ප්‍රමාණයක් එක් කරමින් මෙරටදීම mahindra KUV100NXT එකලස් කිරීම ආරම්භ කරන ලදී. එම කර්මාන්ත ශාලාව මගින් මේ වන විට KUV 100 NXT පෙට්‍රල් රථයට අමතරව KUV 100 NXT ඩීසල් රථය, mahindra bolero City Pik-Up රථයද දේශීය කොටස් එකතු කරමින් එකලස් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිටින අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ පාරිභෝගිකයන්ට මෙම අවස්ථාවට සම්බන්ධ වී උපරිම සේවාවක් ලබා ගන්නා ලෙසට අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම සියලුම මහින්ද්‍ර රථවාහන පාරිභෝගිකයන්ට විවෘත ආරාධනාවක් සිදුකරයි.