ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පැහැදිලි කිරීමක් සිදුකරයි

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ වැටුප සහ වයස සම්බන්ධව මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ පැතිර යන කරුණු සාවද්‍ය බව ශ්‍රී ලංකන් ගුවන්සේවය දන්වා සිටිමු.

ගුවන් සේවා කලමණකරණ විශේෂඥයෙකු රිචඩ් නටාල් මහතා ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරීවරයා පත්වීම් ලැබුවේ පසුගිය නොවැම්බර් මස පළමුවැනි දිනයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික බඳවාගැනීමේ පටිපාටියට අනුකූලව නිසි අනුමැතියක් සහිතව ඒ මහතා ගුවන්සේවයට සම්බන්ධවූ බවට ශ්‍රී ලංකන් ගුවන්සේවය දන්වා සිටිමු

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දෙසැම්බර් මස 31 වැනිදා සිට පුරප්පාඩුව පැවැතීම නිසාඅධ්‍යක්ෂ මණ්ඩලය විසින් රිචඩ් නටාල් මහතා එම ධූරයේ තාවකාලිකව වැඩ බැලීම සඳහා පත්කරනු ලැබුවේ එවක ගුවන් සමාගමේ දෙවැනි ජ්‍යෙෂ්ඨතම ධූරය ඒ මහතා හොබවීම හේතුවෙන්.

රිචඩ් නටාල් මහතා ප්‍රධාන වාණිජ නිලධාරී තනතුරට අමතරව තාවකාලිකව තව දුරටත් ගුවන් සමගාමේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ කටයුතු කරනු ඇති.