කලා පොළ 2021 මාර්ගගතව පැවැත්වෙයි

ජෝන් කීල්ස් පදනම සහ ජෝර්ජ් කීට් පදනම එක්ව සංවිධානය කළ කලා පොළ 2021 නත්තල් අදියර, පසුගිය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 28 දක්වා අතිසාර්ථක ලෙස මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්විණි. මේ යටතේ කලා ශිල්පීන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමටත්, අලෙවි කිරීමටත් www.srilankanartgallery.com ඩිජිටල් වෙබ් ගැලරිය ඔස්සේ අවස්ථාව සලසා දෙන ලදි.


කලා පොළ යනු ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව ආරම්භ වූ වැඩසටහනක් වන අතර, පසුගිය වසර 27 ක කාලය තුළ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය එහි ප්‍රධාන අනුග්‍රාහක සහ කළමනාකරු ලෙස කටයුතු කර ඇත. ශ්‍රී ලාංකික කලා ශිල්පීන්ට අත්වැලක් වෙමින්, ඔවුන්ට තම නිර්මාණ දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ වෙත රැගෙන යාමට අවස්ථාව සලසා දෙන මෙම වැඩසටහන, ජෝන් කීල්ස් පදනමේ ප්‍රජා සත්කාර වැඩසටහන් තුළ මූලික අවධානයක් යොමුවන අංශයක් වන ‘කලාව හා සංස්කෘතිය’ යටතේ ක්‍රියාවට නැංවෙන ප්‍රමුඛතම වැඩසටහනකි.


COVID-19 තත්ත්වය හේතුවෙන් 2021 පෙබරවාරි හා මාර්තු යන මාස වලදී කලා පොළ වැඩසටහන මුල්ම වරට අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදි. එහි සාර්ථකත්වය හේතුවෙන් නත්තල් සමය වෙනුවෙන් එහි තවත් අදියරක් පැවැත්වීමට සංවිධායකවරු කටයුතු කළහ. මීට කලාකරුවන් 273 දෙනෙකු නිර්මාණ 5,034 ක් ඉදිරිපත් කර තිබූ අතර, අන්තර්ජාලය ඔස්සේ 64,700 කට අධික පිරිසක් මෙම කලා පොළ නැරඹීමට එක්වූහ. මෙහිදී කලා නිර්මාණ 422 ක් අලෙවි කිරීමෙන් ලද ආදායම රු. මිලියන 12.6 ක් පමණ විය. මීට අමතරව තවත් නිර්මාණ 63 ක් සඳහා ඇණවුම් ලැබී තිබුණු අතර, මෙය COVID-19 තත්ත්වය හමුවේ පවා කලා නිර්මාණ සම්බන්ධයෙන් සමාජය තුළ පවතින උනන්දුවට මනා සාක්ෂියක් විය. ප්‍රධාන වැඩසටහනට අමතරව, ජාත්‍යන්තර කීර්තිය දිනූ කලාකරුවන් වන පාල පොතුපිටිය, අනෝලි පෙරේරා සහ සංජීවී සෙනෙවිරත්න සහභාගී වූ, අරුන් ඩයස් බණ්ඩාරනායක විසින් මෙහෙයවන ලද `Spotlight on Artist’ වැඩසටහන් මාලාවද, Shyamala School of Art විසින් මෙහෙවයන ලද නත්තල් ළමා වැඩමුළුවක්ද පවත්වන ලදි.


“කලාකරුවන්ට COVID-19 නිසා විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදුවී ඇති කාලයක, කලා පොළ වැඩසටහනට කලාකරුවන් සහ ප්‍රේක්ෂකයන් වෙතින් විශාල උනන්දුවක් පළවීම සතුටට කරුණක්. අපගේ හවුල්කරුවන් සමග අත්වැල් බැඳගෙන දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කලාව හා කලාකරුවන් දිරිමත් කිරීම සඳහා මෙවැනි වැඩසටහන ක්‍රියාවට නැංවීමට අප කටයුතු කරනවා.” ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවා ය.


අඛණ්ඩව දෙවැනි වරටත් මෙහි බැංකු සේවා සහකරු ලෙස නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කළ අතර, එහි පෞද්ගලික බැංකුකරණ සේවාවේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂ පූර්ව ප්‍රදර්ශනයක්ද පවත්වන ලදි. එමෙන්ම කලා පොළ ගනුදෙනු සඳහා FriMi සේවාව ඔස්සේ LankaQR කේත ක්‍රමය මගින් ගෙවීම් භාරගැනීමේ අවස්ථාව ලබාදීමටද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු කළේ ය.


කලාව හා සංස්කෘතිය යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය) මූලික අවධානය යොමු වී ඇති අංශ 6 අතරින් එක් අංශයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින් විශාලතම සමාගම වන, වසර 150 කට අධික ඉතිහාසයක් ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධව ක්ෂේත‍්‍ර 7 ක් ආවරණය කරන සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක වේ.

LMD සඟරාව මගින් අඛණ්ඩව වසර 16 ක් තිස්සේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කර ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සේවය කරන සංඛ්‍යාව 14,000 කට අධික ය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” දැක්ම මෙහෙයවන අතර, Plasticcyle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියාකරයි.