සණස ලයිෆ් ලෝකයේ හොඳම සමාගම් 100 අතරට එක්වෙයි

සුප‍්‍රකට අන්තර්ජාතික ව්‍යාපාර සඟරාවක් වන ගෝලීය බැංකු හා මූල්‍ය සඟරාව (Global Banking & Finance) සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම වෙත The Next 100 Global 2021 නමින් හැඳින්වෙන සුවිශේෂ ඇගයීම සම්මානය පිරිනමයි. මේ සඳහා ලෝකයෙන්ම තෝරා ගන්නේ සමාගම් 100ක් පමණි.

එක්සත් රාජධානිය මූලිකව ක‍්‍රියාත්මක වන ගෝලීය බැංකු හා මූල්‍ය සඟරාව සෑම වසරකම අන්තර්ජාතික වශයෙන් කැපී පෙනෙන ව්‍යාපාරවලට සම්මාන පිරිනමයි. මෙවර සම්මාන පිරිනැමීමේදී නිර්දේශිත ආයතනයවල වර්ධන වේගය, මූල්‍ය ස්ථායිතාව, සමාජ වගකීම් වැනි පුළුල් ක්ෂේත‍්‍රයක නිර්ණායක ඇගැයීමට ලක් කර තිබේ. පසුගිය වසරේදී ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැුසකින් පිදුම් ලැබූ සණස ලයිෆ් සමාගම 2021 ගෝලීය බැංකු හා මූල්‍ය සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ශීඝ‍්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම Fastest Growing Life Insurance Company in Sri Lanka – 2021) ලෙසද තේරී පත් විය.

වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සහිත සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ඇරැඹුණේ හදිසි අනතුරකදී රක්ෂණ ප‍්‍රතිලාභ නොලබන ග‍්‍රාමීය ජනතාවට සහනයක් සැලසීමටය. දැවැන්ත රක්ෂණ සමාගමකට අඩිතාලම සපයමින් 1991 ඔක්තෝම්බර් මාසයේදී සමස්ත ලංකා අන්‍යොන්‍ය රක්ෂණ සංවිධානය (ALMAO) යන නමින් ශ්‍රී ලංකාවේ පිහිටවූ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, රු. 5 සිට රු. 20 දක්වා වූ කුඩා මාසික ගාස්තුවක් අය කරමින් සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රක්ෂණ විසඳුම් සැපයුවේය. 2003දී සණස, ජීවිත රක්ෂණ සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලපත‍්‍රයද, ඉන් දෙවසරකට පසු සාමාන්‍ය රක්ෂණ සමාගමක් ලෙස ක‍්‍රියාත්මක වීමේ බලපත‍්‍රයද හිමි කර ගත්තේය. 2021දී කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් බවට පත් වූ සණස ලයිෆ් වර්තමානයේදී මෙරට තරුණ පරම්පරාවට රැකියා දහස් ගණනක් උදා කර දෙන ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රක්ෂණ සේවා සැපයුම්කරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here