NOLIMIT නවතම ශාඛාව Colombo City Center හිදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන NOLIMIT හි නවතම ශාඛාව පසුගියදා කොළඹ නගරයේ ප්‍රමුඛතම සාප්පු සංකීර්ණයක් වන Colombo City Center හිදී විවෘත කරන ලදි. 2022 පෙබරවාරි 12 දින පෙරවරු 10.30 ට මෙම ශාඛාව නිල වශයෙන් විවෘත කෙරුණු අතර, එම උත්සවයට සහභාගී වීමට පාරිභෝගිකයන්ටද අවස්ථාව උදා විය.

මෙය NOLIMIT ශාඛා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් පියවරක් වන අතර, පාරිභෝගිකයන්ට NOLIMIT වෙත අනන්‍ය සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගැනීමටද මෙය මහඟු අවස්ථාවක් වේ. මේ වනවිට දිවයිනේ ප්‍රධාන නගර 15ක NOLIMIT ශාඛා විවෘත කර ඇති අතර, Colombo City Center හි විවෘත කරන ලද ශාඛාව NOLIMIT ශාඛා ජාලයේ 24 වන ශාඛාවයි.


විශේෂ ආරාධිතයන්, ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූහ. ඔවුන් වෙනුවෙන් ශාඛා පරිශ්‍රය තුළ සුවිශේෂී විනෝදාත්මක අවස්ථා රැසක්ද සංවිධානය කර තිබිණි.


ශාඛාව විවෘත කළ දිනයේ භාණ්ඩ මිලදී ගත් පාරිභෝගිකයන්ට එම සියලුම මිලදී ගැනීම් සඳහා 25% ක වට්ටමක් හිමි වූ අතර, ඊට පසු දිනයේ (පෙබරවාරි 13) පැමිණි පාරිභෝගිකයන්ට 20% ක වට්ටමක් හිමි විය. දීර්ඝ කාලයක පටන් රටේ ජනප්‍රියම විලාසිතා සන්නාමයක් ලෙස ඉදිරියෙන්ම සිටින NOLIMIT, තම සියලුම ශාඛා වලදී පාරිභෝගිකයන්ට විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීමක් තිළිණ කිරීමට සෑම විටම කටයුතු කරයි.


“නවීනතම පහසුකම් වලින් සමන්විත අපගේ නවතම ශාඛාව Colombo City Center හිදී විවෘත කිරීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. NOLIMIT යනු කවදත් ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස් වන විලාසිතා අවශ්‍යතාවන් නො-අඩුව සපුරාලූ සන්නාමයක්. එමෙන්ම අප දිවයින පුරා පිහිටි අපගේ ශාඛා ජාලය හරහා පාරිභෝගිකයන්ට විශිෂ්ටතම තලයේ සේවාවක් ලබාදෙනවා. මෙම නව ශාඛාව විවෘත කිරීම, පාරිභෝගිකයන්ට තමන් ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලැබෙන පරිදි නවීනතම විලාසිතාවන් මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමේ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි.” NOLIMIT ප්‍රධාන අලෙවි නිලධාරී රනීස් ෂෙරිෆ් මහතා පැවසී ය.


සියලුම දෙනා වෙත පොදුවේ යහපත සලසන විවිධාකාරයේ වැඩසටහන් ක‍්‍රියාවට නංවමින් සහ එවැනි වැඩසටහන් වලට දායක වෙමින්, ජනතාව සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට NOLIMIT සෑමවිටම කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ ප්‍රමුඛතම සාප්පු සංකීර්ණයක් වන Colombo City Center හිදී විවෘත වූ නව NOLIMIT ශාඛාව සිය පාරිභෝගිකයින් හට නවතම විලාසිතා සමීප කරවන කේන්ද්‍රස්ථානයක් වනු නිසැක ය.