Vantage අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉටුකරන මෙහෙවර අගයයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී, Ebony Holdings සභාපති රස්මි රහීම් මහතා විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි. මෙම උත්සවය 2022 ජනවාරි 20වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ‘Monarch Imperial’ හිදී පැවැත්විණි. පාපන්දු ඇතුළුව සමස්තයක් ලෙස රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නාමල් රාජපක්ෂ මැතිතුමන් ලබාදෙන විශිෂ්ට දායකත්වය අගයමින් මෙම සමරු තිළිණය පිරිනමන ලදි.


Ebony Holdings යනු මෙරට ජනප්‍රියම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Vantage වෙළඳ නාමය හිමි සමාගමයි. Vantage ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල හවුල්කරුද වේ.


මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් රස්මි රහීම් මහතා මෙසේ පැවසී ය. “ගරු නාමල් රාජපක්ෂ මහතා ආසියාවේ තරුණම ක්‍රීඩා අමාත්‍යවරුන් අතරින් කෙනෙක්. පාපන්දු ඇතුළුව රටේ සියලුම ක්‍රීඩාවන් නගාසිටුවීම සඳහා ඒ මහතා දක්වන උනන්දුව හා කැපවීම ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල සහකරු වන Vantage, රටේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම හා ප්‍රචලිත කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජනයන් සිදුකර තිබෙනවා. මේ උත්සාහයේදී අපට සෑම විටම නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ආශීර්වාදය හිමිවුණා. එම නිසා, එතුමාගේ සහයෝගය හා දැක්ම මෙලෙස ඇගයීමට ලක්කිරීමට අප තීරණය කළා.”


ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තවමත් දියුණු වෙමින් පවතින බවත්, ඒ සඳහා මූල්‍යමය වශයෙන් මෙන්ම තවත් නොයෙක් අයුරින් සහයෝගය ලබාදීම වැදගත් බවත් Ebony Holdings සමාගම විශ්වාස කරයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග මෙම ඇතිකරගත් හවුල්කාරීත්වය ඔස්සේ රටේ පාපන්දු ක්‍රීඩාව නගාසිටුවීමට දායක වීමට හැකිවීම පිළිබඳව එම සමාගම අතිශයින් සතුටු වේ.


Vantage යනු Ebony Holdings හි ප්‍රමුඛතම සන්නාම අතරින් එකකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගම් අතරින් එකක් වන එම සමාගම සතුව දීපව්‍යාප්ත බෙදාහැරීම් ජාලයක්ද පවතී. Vantage නාමයට අමතරව, උසස් තත්ත්වයේ ඇඟලුම් සම්බන්ධයෙන් විශාල පිළිගැනීමක් හිමි Ebony සහ Luxure වැනි නාමයන්ද එම සමාගම සතු වන අතර, මේ සියල්ල ශ්‍රී ලංකාවේ පිරිමි ඇඟලුම් විලාසිතා සම්බන්ධයෙන් පුරෝගාමී නාමයන් ලෙස සැලකේ. උසස් ප්‍රමිතිය සහ විශිෂ්ටතම පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් එම සමාගම පාරිභෝගිකයන්ගේ නොමඳ පැසසුමට ලක්වී ඇති අතර, පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි, උසස්ම තත්ත්වයේ ඇඟලුම් හා විලාසිතා හඳුන්වා දීමට Ebony Holdings සෑම විටම කටයුතු කරයි.