මේ අවුරුදු සමයේ සම්පත්කාඩ්ස් වෙතින් 60%ක් දක්වා සුවිශේෂී වට්ටම් රැසක්

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මඟින් සිදු කරන ගනුදෙනු සඳහා අසමසම වට්ටම් හා ප්‍රතිලාභ ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත්තේ මේ උත්සව සමයේ තම වටිනා ගනුදෙනුකරුවන් අගය කරනු වස් මාර්තු හා අප්‍රේල් මාසයන්හිදී අලෙවිසැල් හා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මිලදී ගැනීම් සඳහා 60%ක් දක්වා වට්ටම් හිමි කර දෙමිනි.


ඇඳුම් පැළඳුම්, තෑගි භාණ්ඩ, සෞඛ්‍යාරක්ෂණ හා අධ්‍යාපන, විදුලි හා ගෘහ භාණ්ඩ, ස්වරණාභරණ, ආහාර පාන හා අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම කාඩ්පත් හිමියන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා වන විවිධ භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී මෙම ප්‍රතිලාභ ලබා දීමට සම්පත්කාඩ්ස් ඉදිරිපත්ව ඇත.

දර්ශින් පතිනායක – සහකාර සාමාන්‍යාධිකාරී – කාඩ් මධ්‍යස්ථාන


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – කාඩ් මධ්‍යස්ථාන, දර්ශින් පතිනායක මහතා සඳහන් කර සිටියේ “සමෘද්ධිය, සෞභාග්‍ය හා සතුට සංකේතවත් කරන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉතා සුවිශේෂී උත්සවයක්. නිරන්තරයෙන්ම කාඩ්පත් හිමියන් වෙත ප්‍රතිලාභ හිමි කර දීමට කටයුතු කරන සම්පත්කාඩ්ස් මෙවරත් අවුරුදු සමය සැබැවින්ම ප්‍රීතිමත් සැමරුමක් බවට පත් කිරීම වෙනුවෙන් අසමසම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර ඇත” යනුවෙනි.


එහිදී ඇඳුම් පැළඳුම් සඳහා 35%ක් දක්වාද , පාවහන් සඳහා 20% දක්වාද වට්ටම් හිමි කර ගත හැකි අතර ඇස් කණ්ණාඩි හා අව් කණ්ණාඩි සඳහා 30%ක් දක්වා වට්ටම් ලබා ගත හැකි වේ. තවද ළමා ඇඳුම් සහ උපකරණ වෙනුවෙන් 20%ක වට්ටමක්ද, ස්වරණාභරණ වෙනුවෙන් 60%ක් දක්වා ද වට්ටම් හිමි කර ගැනීමේ අවකාශ සම්පත්ු කාඩ්පත් හිමියන් වෙත උදා වේ. තෑගි භාණ්ඩ මිලදී ගැනීමේදී සම්පත් කාඩ්පත් හිමියන් හට 40%ක් දක්වා වට්ටම් හිමි කරගත හැකි අතරම විදුලි හා ගෘහ උපකරණ මාස 40 දක්වා පහසු ගෙවීමේ සැලසුම් යටතේ පොලී රහිතව මිලදී ගැනීමේ සුවිශේෂී අවස්ථාවද උදා වේ.


ඒ යටතේ House of Fashions, Spring & Summer, Cool Planet, Kelly Felder, Fashion Bug, Hameedia, Crocodile, Uptown Kandy, Diliganz, CIB, Beverly Street, The Factory Outlet, Dilly & Carlo, Arienti, Mimosa යන අලෙවිසැල් ඇතුළු තවත් අලෙවිසැල් රැසකින් නිමි ඇඳුම් හා රෙදි පිළි මිලදී ගැනීමේදී සම්පත් බැංකු කාඩ්පත් හිමියන් වෙත 35%ක් දක්වා වටටම් හිමි කර ගැනීමට අවකාශ උදා වේ.


DSI, Bata, Genelle, Helanka අලෙවිසැල් තුළින් පාවහන් මිලදී ගැනීමේදී 15% සිට 20% දක්වා වට්ටම් ලබා ගත හැකි අතර ඇස් කණ්ණාඩි හා අව් කණ්ණාඩි මිලදී ගැනීමේදී George Goonerathne, Techno Vision, Wickramarachchi Opticians, Eagle Vision, Eric Rajapaksha, Albert Edirisinghe යනාදී අලෙවිසැල් තුළින් 30%ක් දක්වා වටටම් ලබා ගැනීමටද සම්පත් කාඩ්පත් හිමියන්ට අවකාශ සැලසේ.


වැඩිහිටියන්ට පමණක් නොව දරුවන් වෙතද උත්සව සමයේ සතුට කැන්දන් Arista, Velona, Baby Bear, The Kidswarehouse සහ Baby Mart හිදී 20%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාව සළසා ඇති සම්පත් බැංකුව Raddella Jewellers, Tiesh, Vogue Jewellers, Aminra Jewellers, Mallika Hemachandra Jewellers, Raja Jewellers ඇතුළු ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ මධ්‍යස්ථානයන් වෙතින් 60% දක්වා වටටම් හිමි කර ගනිමින් රන් භාණ්ඩ හා ආභරණ මිලදී ගැනීමේ අවස්ථාව සළසා දී ඇත්තේ ආදරණීයයන් වෙත වටිනා ත්‍යාගයන් ලබා දීමේ අවස්ථාවද සම්පත් කාඩ්පත් හිමියන් වෙත සලසා දෙමිනි. එසේම නව වසර වෙනුවෙන් Wimaladharma & Sons Watches, Cosmetics.lk, British Cosmetics, Spa Ceylon, Luvessence, Christell Skin Clinic යනාදී අලෙවිසැල් තුළින් තෑගි වර්ග මිලදී ගන්නා සම්පත් බැංකු කාඩ්පත් හිමියන්ට 40%ක් දක්වා වට්ටම් හිමිකර ගැනීමේ සුවිසල් අවස්ථාවද උදා වේ.


මෙම උත්සව සමයේදී පොත් පත් මිලදී ගැනීම වෙනුවෙන් 30%ක වට්ටමක්ද අධ්‍යාපන මධ්‍යස්ථාන සඳහා වන ගෙවීම් සඳහා මාස 6 ක පොලී රහිත ගෙවීම් පහසුකම්ද , රෝහල් හා Covid -19 හදිසි ආරක්ෂණ මධ්‍යස්ථානයක බිල්පත් ගෙවීමේදී මාස 6 සිට 12 දක්වා පොලී රහිත වාරික ගෙවීමේ හැකියාවද උදා කර දී ඇති සම්පත්කාඩ්ස් ව්‍යායාම උපකරණ මිලදී ගැනීමේදී මාස 40ක් දක්වා පොලී රහිත වාරික ගෙවීමේ පහසුකම්ද සළසා දී ඇත. එසේම එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාව සම්පත් කාඩ්පත් හිමියන්ට උදා වන අතර හෝටල් හා අවන්හල් තුළින් 20%ක් දක්වා වට්ටම්ද සංචාරයන්හිදී මාස 12ක් දක්වා පොලී රහිත වාරික ගෙවීමේ පහසුකම්ද ලබා ගැනීමේ හැකියාව ඔවුන් වෙත ලබා දී ඇත.


තවද අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් සිදු කරන කාඩ්පත් හිමියන් හට 30%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාව ද උදා කර දී ඇති සම්පත් බැංකුව Softlogic, Abans, Arpico Furniture, Dialog, Browns, Rocell, Singer, Damro, Don Carolis and Sons, Metropolitan Computers, Quantum fitness ඇතුළු අලෙවිසැල් රැසකින් මාස 12, 24 හා 40 කාලයක් සඳහා පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමය යටතේ විදුලි හා ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද සම්පත් බැංකු කාඩ්පත් හිමියන්ට උදා කර දී තිබීම අලුත් අවුරුද්දේ සතුට තව තවත් ඉහළ යාමට හේතුවක් වනු ඇත.


කියවීමට කැමැත්තක් දක්වන්නන් හට Promateworld.com, Sarasavi, Atlas.lk, Samayawardhana Books සහ Grantha.lk තුළින් පොත්පත් මිලදී ගැනීමේදී 30%ක වට්ටමක් අත්විඳිය හැකි අතර ශ්‍රී ලංකාවෙ ඕනෑම රෝහලක හෝ ක්‍දඩසා-19 හදිසි ආරක්ෂණ මධ්‍යස්ථානයක බිල්පත් ගෙවීමේදී මාස 6 සිට 12 දක්වා පොලී රහිත මාසික ගෙවීම් සිදු කිරීමේ හැකියාවද Eser Marketing, Quantum Fitness, Eser International යනාදී මධ්‍යස්ථානයන් මඟින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා මාස 40 ක කාලයක් පොලී රහිත වාරික ගෙවීම් සිදු කිරීමේ හැකියාවද උදා වේ. එපමණක් නොව අධ්‍යාපනයට අදාල ගෙවීම්හිදී මාස 6ක පොලී රහිත වාරික ලෙස ගෙවීමේ හැකියාවද සම්පත් බැංකු කාඩ්පත් හිමියන්ට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත.


උදා වන වසන්තයේ තමන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවන් ආදරණීයයන් සමඟ බෙදා හදා ගන්නට Hilton හි FLOW , Taj Samudra හි Navratna සහ Golden Dragon, Movenpick හි AYU සහ Robata Grill, Waters Edge හි Pranzo, Thuna Paha, Boardwalk සහ Kobe හි , Isso, Irish Pub & Grill යන අවන්හල් තුළින් 20%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ හැකියාවද කාඩ්පත් හිමියන් වෙත උදා වේ. එසේම Hayleys Travel, Browns Travels, Acorn, Classic Travels, GS Travels, 2nd Chance Travels සමඟින් සිදු කරන සංචාරයන් හිදී මාස 12ක් දක්වා පොලී රහිත වාරික ගෙවීමේ හැකියාවද කාඩ්පත් හිමියන්ගේ සතුටට හේතු වනු නොඅනුමානය.


තවද Cargills Foodcity, Arpico, Glomark, Keells, Laugfs සහ Providore.lk. වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් සම්පත් කාඩ්පත් මඟින් අත්විඳිය හැකි අතර Toyota වාහනවල නඩත්තු සේවා සඳහා 35%ක් දක්වා වට්ටම් සමඟින් මාස 24ක් දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් ද Jaguar Land Rover වාහනවල නඩත්තු සේවා සඳහා මාස 12ක පොලී රහිත ගෙවීමේ පහසුකම් ද හිමි කර ගැනීමට හැකියාව ඇත.


සෑම විටම තම කාඩ්පත් හිමියන් වෙත අවුරුදු සමයේ හොඳම වට්ටම් හිමි කර දෙමින් සුවිශේෂී පහසුකම් රැසක් හඳන්වා දී ඇති සම්පත්කාඩ්ස් Sampath Extended Settlement Plan යටතේ දේශීයව හෝ විදේශීයව සිදු කරනු ලබන ඕනෑම ගනුදෙනුවක් වාරික ගෙවීමේ සැලසුමක් බවට පරිවර්තනය කර ගැනීමේ පහසුවද අත්කර දී ඇත්තේ උදාවන අවුරුදු සමයට මහත් අස්වැසිල්ලක් එක් කරමිනි.


වට්ටම් හා ප්‍රවර්ධනයන් පිළිබඳ වැඩි විස්තර සඳහා http://www.sampath.lk වෙත පිවිසන්න. නැත්නම් 0112 300 604 අමතන්න.