සණස රථවාහන රක්ෂණාවරන තැපැල් කාර්යාල හරහා ලබාදීම අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් ලෙස ජන හද ජයගත් සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම තම රථවාහන රක්ෂණ විසඳුම් ජනතාවට සමීප කිරීමේ තවත් එක් වැඩසටහනක් ලෙස ශ්‍රි ලංකාවේ විසිරී පැතිරී තිබෙන තැපැල් හා උප තැපැල් කාර්යාල හරහා රථවාහන රක්ෂණ ලබාදීම ආරම්භ කොට තිබේ.


මේ අනුව ජනතාවට තම මෝටර් රථයේ රක්ෂණාවරණය අළුත් කිරීමේ හා නව රක්ෂණාවරණ ලබාගැනීම තමන්ට ආසන්න තැපැල් හෝ උප තැපැල් කාර්යාල හරහා සිදුකරගැනීමේ පහසුව හිමිවේ.


මෙහි සමාරම්භක උළෙල පසුගිය දිනෙක ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ, එහි ප්‍රධාන විධායක නිළධාරී නිමල් පෙරේරා, එහි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී වසන්ත පෙරේරා මහතා ඇතුළු නිළධාරින් පිරිසක් සණස සමගම නියෝජනය කරමින්ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ද මේ අවස්ථාව සඳහා සහභාගී විය.