ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ මැදිහත්වීමෙන් ජපානයෙන් ලංකාවට ආධාර ලැබෙයි

ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ සභාපති රෝෂණ වඩුගේ මහතා විසින් ජපානයේ ප්‍රධාන පෙළේ සංවිධානයක් වන “Nippon donation foundation” සංවිධානයට කරන ලද ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාවට මේ මොහොතේ ජපානයෙන් ආධාර සහ උදව් ලබා දීමේ ආරම්භයක් වශයෙන්, “Nippon donation foundation” සංවිධානය මගින් ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට ඉදිරිපත්ව ඇත.


එ සදහා එම සංවිධානයේ ගරු සභාපති යූමා මුරනුශි මැතිතුමා සහ එම සංවිධානයේ ජාතියන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ ආචාර්ය රුවන් පෙරේරා මැතිතුමා ඇතුළු ජපන් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණේන ලදි.

එ අනුව ඔවුන් විසින් මූලික අදියරේ දී රුපියල් මිලියන 10 ක මුදලක් 2022/6/23 වැනි දින ශ්‍රී ලංකා රජයට අත්‍යවශය ඖෂධ ලබා ගැනිම සදහා පරිත්‍යාග කරන ලද අතර, එම මුලික ආධාර ප්‍රදානය පිළිබඳ සහ ඔවුන් විසින් ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කිරීමට නියමිත ජපාන ව්‍යාපාර ආයෝජන සහ ‍ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජපානයේ තිබෙන ව්‍යාපාර අවස්ථා දැනුවත් කිරීම, එම ව්‍යාපාරික අවස්ථාවන් ලබා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන්, “ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාර හමුවක්” 2022/6/23 දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී දිවයිනේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයින්, විද්වතුන් සහ ජපාන ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම් සඳහා ප්‍රධාන වශයෙන්, මේ මොහොතේ අත්‍යවශ්‍ය වන විදේශ මුදල් ආයෝජන, විදේශ ආධාර සහ දේශීය ව්‍යාපාර සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථාවන් ලබා ගැනීම සඳහා ජාතික කර්තව්‍යයක් මේ මොහොතේ ඉටු ඉටුකරමින් ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාව සහ එහි සභාපති රෝෂණ වඩුගේ මහතාගේ මැදිහත් වීම හරහා ජපානයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආචාර්ය රුවන් පෙරේරා මහතා, ඒ සඳහා ඔහුගේ සම්පූර්ණ දායකත්වය ලබා දී ඇත,,

ඉදිරියේ දී, ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාව හරහා ජපානයේ විශාල රැකියා වෙළෙඳ පොළක් ශ්‍රී ලංකාවට ලබාදීමට මේ වන විට කටයුතු කරමින් පවතී.


තවද නුදුරේදිම ජපාන ව්‍යාපාර දූත පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත අතර ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ජපාන ව්‍යාපාරික සමුළුවක් පැවැත්වීමට කටයුතු කරමින් ඇත.


ඒ හරහා දේශීය ව්‍යාපාර සඳහා ජපාන මුදල් ආයෝජන ලබාදීමටත් දේශීය බැංකු සඳහා ජපාන ණය ආධාර ලබා දීමටත් දේශීය අපනයන කරුවන් සඳහා ජපාන වෙළෙඳ පොළ පුළුල් ව විවෘත කර දීමටත් බලාපොරොත්තු වේ

මෙවැනි දැවැන්ත කාලෝචිත, ජාතික මෙහෙවරක් සඳහා ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ සභාපති රෝෂණ වඩුගේ මහතාගේ මැදිහත් වීමත්,එ සදහා සම්පුර්ණ දායකත්වය දැක්වු ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ ජාතික සංවිධායක ශශිකා ඩිසිල්වා මහත්මිය සහ එම සභාවේ සමස්ථ පිරිසගේ කැපවිමෙත් සමග එක්ව කටයුතු කරමින් ජාපානයේ “Nippon donation foundation” සංවිධානයේ ඉදිරි බලාපොරොත්තුව ජපාන් රටේ නිසි අවධානය ශ්‍රී ලංකාවට මේ අවශ්‍යම මොහොතේ යොමු කරගනිමින් ජපන් රටේ මැදිහත්වීම හරහා ශ්‍රී ලංකීය ආර්ථිකය ඉක්මනින් නගා සිටුවීමට ඔවුන්ගේ සහ ජපානයේ නොමද සහයෝගය අප මාතෘ භූමියට ලබාදීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here