‘Race The Pearl’ සඳහා පාපැදි ධාවන තරගකරුවන් 60කට අධික පිරිසක්

ශ‍්‍රී ලංකාවේ දකුණුලක සිට උතුරුකරයට කිලෝමීටර් 600 ක ප‍්‍රදේශය ආවරණය වන පරිදි සංවිධානය කළ පැය 24 ක ධාවන තරඟයක් වන ‘Race The Pearl’ පස්වන අදියර 2022 නොවැම්බර් 5 වන දින දකුණු පළාතේ දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වේ. ප‍්‍රමුඛ පෙළේ පාපැදි ධාවන තරගකරුවන් හය දෙනෙක එනම් ඇමරිකා එක්සත් ජනපදයේ එක් අයෙක්, මහා බ්‍රිතාන්‍යයෙන් තිදෙනෙක් සහ ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ‘Race The Pearl’ තරඟයට නායකත්වය දෙන අතර තවත් 50 දෙනෙකුට වැඩි පිරිසක් මෙයට සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කරයි.


දෙවුන්දරින් ආරම්භ වන මෙය ශ‍්‍රී ලංකාවේ උතුරු අර්ධද්වීපයේ ඉහළම ස්ථානය වන පේදුරුතුඩුවට ළඟා වීමට නියමිත අතර මෙය අදියර පහකින් සමන්විත වේ. පළමු අදියරින් දෙවුන්දර සිට වැල්ලවාය දක්වා කිලෝමීටර් 145 ක දුරක් ද, දෙවන අදියරින් වැල්ලවායේ සිට මහියංගනය දක්වා කිලෝමීටර් 116 ක දුරක් ද ආවරණය කරනු ඇත.


තුන්වන අදියරින් මහියංගන සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 92 ක් ආවරණය කරන අතර එය සියලූම අදියරවලින් කෙටිම අදියර වේ. දඹුල්ලෙන් ආරම්භ වී වවුනියාවෙන් අවසන් වන සිව්වැනි අදියරේ දුර කිලෝමීටර් 106 ක් වන අතර අවසන් අදියර වව්නියාව සහ පේදුරුතුඩුව අතර කිලෝමීටර් 142 කි. ශ්‍රී ලංකාවේ දෙකෙලවර යා කරන ජව අධික තරඟයක් වන RAAM (Race Across America) සඳහා සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස සලකන අතර RAAM යනු බටහිර සිට නැගෙනහිර වෙරළ දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ කිලෝමීටර් 4,800 කට වඩා වැඩි දුරක් ආවරණය කරන ජාත්‍යන්තරය තුළ ප‍්‍රසිද්ධ පාපැදි ධාවන තරඟයකි.
‘Race The Pearl’ ධාවන අධ්‍යක්ෂ සහ සංවිධායක යසස් හේවගේ මහතා පවසන පරිදි ප‍්‍රධාන පාපැදි ධාවන තරගකරුවන් හයදෙනා වන අමෙරිකාවේ එක් අයෙක්, ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙක් සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනා RAAM සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් ආරම්භයේ සිට අවසානය දක්වාම උපරිම උනන්දුවකින් අඛණ්ඩව තරඟවදිනු ඇත.
”50ක් හෝ ඊට වැඩි ගණනක් වූ අනෙකුත් පාපැදිකරුවන් තෝරාගත් අදියරයන්ට පමණක් සහභාගිවන්නන් ලෙසින් ‘Race The Pearl’ සඳහා එක් වෙනවා. ඔවුන් අදියර වශයෙන් සහ විවිධ කණ්ඩායම් වශයෙන් හෝ පුද්ගලයන් වශයෙන් පැය 24 පුරාවට තරඟ කරනවා.” යනුවෙන් හේවගේ මහතා අනාවරණය කළේය.


තරඟ දිනයට පෙර සියලූම ලියාපදිංචි සහභාගිවන්නන්ට සංවිධායකයින් විසින් වයිට් රයිඩර් ජර්සිය ලබා දෙනු ඇත. ඊට අමතරව පැය 30ක කඩඉම් කාලය තුළ තරඟය නිමා කරන සියලූ දෙනාටම ෆිනිෂර් ටී ෂර්ට් එකක් පිරිනමන අතර ධාවන කාලය (පැය 24) තුළ අවසන් රේඛාවට ළඟා වන සියලූම තරගකරුවන්ට ග‍්‍රිට් පදක්කමක් හිමි වේ. පැය 24 ක ඒකල සහ පැය 24 ක කණ්ඩායම් ධාවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරඟ කාලය අභිබවා කීර්තිමත් පර්ල් ජර්සි දිනා ගැනීමට සුදුසුකම් ලබන අතර එය සංවිධායකයින් විසින් අවසාන ජයග‍්‍රහණය ලෙස සැලකේ.


මෙම තරඟය අතරතුර අලිමංකඩ, ඉහළ උන්නතාංශයක් සහිත ලග්ගල වැනි ප‍්‍රදේශ, අව්ව වැස්ස වැනි විවිධ දේශගුණික තත්වයන්ට වගේම අනපේක්ෂිත අලි පාරට පැමිණීම් වලටද මුහුණදීමට සිදුවනු ඇත.ිඍ්ජැ ඔයැ ඡුැ්රක’ තරඟාවලියට සහභාගී වන තරඟකරුවන්ට දිවයින වටා ඇති ස්වභාව සෞන්දර්ය අත්විඳිමින් අමතක නොවන අත්දැකීමක් ලබාගත හැකි වනු ඇත.


‘Race The Pearl’ සංවිධානය කරනු ලබන්නේ Ironman 70’3 Colombo ද හි සංවිධානාත්මක සහ යාන්ත‍්‍රික හවුල්කරු වන Spinner Cycling සහ තවත් එවැනිම ආකාරයේ පාපැදි අත්දැකීමක් වන ‘Around The Pearl in 10 Days’ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය විසින් අනුමත කර සහය දක්වන අතර ඔවුන් මෙම පාපැදි අත්දැකීම් තුළින් ඔවුන් ‘Visit Sri Lanka’ සහ ‘Save Sri Lankan Smile’ වැඩසටහන් ලොවට ගෙන යාමට අපේක්ෂා කරයි.


වසර ගණනාවක් පුරා එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ටේ‍්‍රලියාව, මෙක්සිකෝව, කිර්ගිස්තානය, ජර්මනිය, ප‍්‍රංශය යන රටවලින් තරඟකරුවන් ‘Race The Pearl’ සඳහා සහභාගි වූ අතර දැන් ශ‍්‍රී ලාංකිකයින්ද ඒ සඳහා උනන්දුවක් දක්වයි.
—Ironman 70’3 ෆ‍්‍රැන්චයිස් සතියක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ආදායමක් ලබා ක‍්‍රීඩා සංචාරක ව්‍යාපාරයේ මිණුම් ලකුණක් තබමින් ශ‍්‍රී ලංකාවේ පා පැදි සංචාරක ව්‍යාපාරය (Cycling Tourism) ප‍්‍රවර්ධනය කිරීමේ කොටසක් ලෙස ‘Race The Pearl’ හරහා ‘Race Vacation’ අංශය ගොඩනැගීමට අපේක්ෂා කරනවා.” යනුවෙන් හේවගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.
ශ‍්‍රී ලාංකික ඉසව්වක් වන ‘Race The Pearl’ තරඟය ජාත්‍යන්තරව ප‍්‍රවර්ධනය කිරීම සඳහා විවිධ අනුග‍්‍රාහකයින් සිය දායකත්වය ලබාදෙන ලදි. රයිඩර් ජර්සිය ලබා දීමට MAS ක‍්‍රීඩා ඉදිරිපත් වූ අතර ”සමහන් ස්වස්ථ අමෘතය” සහ ”වේදනාවට ක්ෂණික සහනය ලබාදෙන සිද්ධාලේප” වැනි මෙරට ජාත්‍යන්තර සන්නාමයන් මෙම තරඟය වෙනුවෙන් අනුග‍්‍රහය දක්වයි. තරඟකරුවන් තරඟය අතරතුර රාත‍්‍රී කාලය ගත කිරීමට කාමර 200කට අධික සංඛ්‍යාවක් ලබාගන්නා අතර ආහාර පාන මිලදී ගැනීම් සඳහා ‘Race The Pearl’ සමඟ එක්ව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශවලට සහාය දක්වයි.
ෆෙස්බුක් සහ ඉන්ස්ටග‍්‍රෑම් හරහා www.racethepearl.com වෙත ‘Race The Pearl’ පිිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.