සිංහ සමාජ එක්ව ‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය දියත් කරයි

වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ කුසගින්න සහ මන්දපෝෂණය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, සිංහ සමාජ (MD 306) විසින් ‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය දියත් කර ඇත. වසර 3ක කාලයක් පුරා දිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පාසල් සිසුන්ට දෛනිකව ආහාර වේලක් ලබාදීමේ මූලික අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය සංවිධානය කර ඇත.

ජාතියේ දරුවන් කුසගින්න සහ මන්දපෝෂණය සමඟ සාර්ථකව සටන් කර නිරෝගීව ජීවත් වීම සහතික කිරීම සඳහා මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට, හැකි සෑම ආකාරයකින්ම පරිත්‍යාග කිරීමෙන් අත්වැල් බැඳ ගන්නා ලෙස ශ්‍රී ලාංකීය ජනතාවට ආරාධනා කරන අතර ඉතා කුඩා පරිත්‍යාගයන් පවා ඉතා විශාල වෙනසක් කිරීමට දායක වන බව නොඅනුමානය.

‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර https://www.lionsmd306.org/ වෙතින් ලබා ගත හැක.

මෙහි සංවිධාන මණ්ඩලය සියලුම පරිත්‍යාගශීලීන්ට සිය බලවත් කෘතඥතාව පළ කරන අතර පහත නම් කර ඇති ගිණුමට තම පරිත්‍යාගයන් බැර කිරීමට ආරාධනා කරනු ලබයි.

ගිණුමේ නම : Lions Clubs Int MD 306
බැංකුව: කොමර්ෂල් බැංකුව
ශාඛාව: රාජගිරිය
ගිණුම : 1000574089