ෆීනික්ස් සමාගම Great Place To Work® තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

රටවල් 60කට වැඩි ගණනක සමාගම් දහස් ගණනක් අධ්‍යයනය කර ඒවායේ සේවා ස්ථාන සංස්කෘතිය අගයන Great Place To Work® ආයතනය විසින් ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන ෆීනික්ස් සමාගම සේවය කිරීමට ඉතා සුදුසු ස්ථානයක් ලෙස සහතික කරන ලදී. මෙම සහතිකකරණය සමඟම ෆීනික්ස් සමාගම ලොව විශිෂ්ටම ආයතනයක් බවට පත් වේ.

සිය සේවක මණ්ඩලය තම සමාගමට සුවිශාල සම්පතක් ලෙස ෆීනික්ස් සමාගම විශ්වාස කරයි. සේවකයන් සිය විශාලම වත්කම ලෙස සළකන ෆීනික්ස් සමාගම සේවකයන් අතර අන්‍යොන්‍ය ගෞරවය‚ විශ්වාසය සහ සහයෝගීතාව වර්ධනය වන ආයතනික සංස්කෘතියක් ඇති කිරීමට උත්සාහ කරයි. ඉහළ වන්දි ප්‍රතිලාභ‚ සෞඛ්‍ය රක්ෂණය සහ වැටුප් ගෙවන නිවාඩු ඇතුළු ප්‍රතිලාභ මෙන්ම වෘත්තීය සංවර්ධනය සහ වෘත්තීය දියුණුව සඳහා ෆීනික්ස් සමාගම සිය සේවකයන්ට විවිධ අවස්ථා පිරිනමයි.


Great Place To Work® ආයතනය විසින් පිරිනමන ලද සහතිකය ෆීනික්ස් සමාගම ධනාත්මකව සියල්ලන්ටම ප්‍රතිලාභ ලැබෙන සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැප වී සිටින බවට උදාහරණයකි. Great Place To Work® ආයතනයේ සහතිකකරණ ක්‍රියාවලියට නිර්නාමික සේවක සමීක්ෂණයක් සහ සමාගමේ ප්‍රතිපත්ති‚ භාවිතය සහ සංස්කෘතිය පිළිබඳ විගණනයක් ඇතුළත් වේ. Great Place To Work® ආයතනය සිදු කළ විගණනයෙන් ලැබෙන තොරතුරු සමාගම තුළ ධනාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා නිවැරදි මඟ පෙන්වීමක් සිදු කර ඇත. ෆීනික්ස් සමාගම තම සේවකයන්ට පෞද්ගලික සහ වෘත්තීයමය වශයෙන් දියුණු වීමට සහ වර්ධනය වීමට අවශ්‍ය සහයෝගය‚ සම්පත් සහ අවස්ථා අඛණ්ඩව සපයමින් Great Place To Work® ආයතනය විසින් සහතික කරනු ලැබූ සමාගමක් ලෙස ඉදිරියට ගමන් කිරීමට අපේක්ෂා කරයි.