මැලිබන් සමාගමේ සම අනුග්‍රහකත්වයෙන් 2023 ‘යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය’ මුට්ට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදන සමාගමක් වන මැලිබන්, 2023 යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන සඳහා සම අනුග්‍රාහක දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව ඇත. යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය වන යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය අඛණ්ඩව 13වන වරටත් මාර්තු මස 03,04 සහ 05 යන දිනයන් හිදි මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ පෝෂණය සහ හෙට දවස වෙනුවෙන් නිරන්තරව කැපවෙන මැලිබන් සමාගම, යාපනය ප්‍රදේශයේ ජනතාව වෙත නව අවස්ථාවන් විවර කරදෙන මෙම ප්‍රදර්ශනය සමඟ මෙවරද එක්වෙන අතර, එහිදී එම ප්‍රදේශයේ ජනතාව වෙත මැලිබන් නිෂ්පාදන රසයන් අත්විඳීමේ අවස්ථාවද උදාකර දි ඇත.
දශක කිහිපයක යුධ සමයෙන් පසුව යාපනය අර්ධද්වීපය ලෝකයට විවර කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබාදුන් යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය, එම ප්‍රදේශයේ ජනතාවට සහ ව්‍යවසායකයන් හට නව අපේක්ෂාවක්, ශක්තියක් ලබා දීමට සමත් වූ අතර, එමගින් එම ප්‍රදේශයේ ව්‍යවසායකයන් හට නව අවස්ථාවන් විවර කිරීමටද සමත් විය.


සිය පාරිභෝගික භවතුන් වෙන නවමු අත්දැකීමක් ලබා දෙමින් මැලිබන් සමාගම මගින් මෙම ප්‍රදර්ශන භූමියේ ආකර්ෂණීය ප්‍රදර්ශන කුටි නිර්මාණය කර ඇති අතර එහිදී ආකර්ෂණීය වටිටම් රැසක් යටතේ මැලිබන් නිෂ්පාදන මිල දී ගැනීමේ අවස්ථාවද සළසා ඇත. තවද ඔබගේ විනෝදාස්වාදය උදෙසා මැලිබන් සමාගමගම විසින් විනෝදාස්වාදජනක ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් රැසක් ද සංවිධානය කර ඇති අතර එහිදී වටිනා ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාවද ලබා දී ඇත.