Fara Holdings, ඇමතුමකින් නඩත්තු සේවා ලබා දිය හැකි නවතම “Handy Master” දියත් කරයි

Fara Holdings (පුද්.) සමාගම කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් දුරකථන ඇමතුමකින් නඩත්තු සේවාවන් ලබාදිය හැකි සිය “Handy Master” සේවාව හඳුන්වා දීම පසුගියදා සිදුකළේය.

මූලික පියවරක් ලෙස කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල නිවාස, මහල් නිවාස හෝටල්, වෙළෙඳසැල් ඇතුළු ඕනෑම ආයතනයක සිවිල් සහ MEP (කාර්මික, විදුලි සහ ජලනල) නඩත්තු සේවාවන් සැපයීම මෙම සේවාව මගින් සිදුකරන අතර, ජාතික අවශ්‍යතාවයක් සපුරාලීම වෙනුවෙන් මෙම සේවාව ඉදිරියේ දී දිවයින පුරා ව්‍යාප්ත කිරීමට ද නියමිත ය. මෙම “Handy Master” සේවා පාරිභෝගිකයින් හට 1336 යන අපගේ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ වගේම මෑතකදි හඳුන්වා දෙනු ලැබූ Handy Master ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ඉතා පහසුවෙන් සේවාවන් ලබාගත හැකිවීමද විශේෂත්වයකි.


ගොඩනැගිලි නඩත්තු කිරීමේ කාර්යයේ දී පාරිභෝගිකයන් මුහුණදෙන අභියෝග තේරුම් ගත් Fara Holdings සමාගම, එයට විසඳුමක් වශයෙන් ක්ෂණික දුරකථන ඇමතුමකින් හෝ ජංගම දුරකථන යෙදවුම්ක් ස්පර්ශ කිරීමෙන් කාර්යක්ෂම සහ වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමේ සන්නාමයක් හඳුන්වා දී ඇත. මේ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ට වෘත්තීය නිපුණත්වයකින් සහ කුසලතාවයෙන් යුතු කණ්ඩායමකගේ ඉහළ සේවා ක්ෂණිකව සහ නියමිත වේලාවට අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට අපට හැකියාව ලැබී ඇත.


Handy Master විදිහට අප සෑම වෘත්තීය කාර්යයකදී ම විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීම තුළින් පාරිභෝගික තෘප්තිය සහතික කිරීමට කැපවීම සිටියි. එහිදී අපගේ ගනුදෙනුකරුවන් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනගා ගැනීම අපේක්ෂා කරමින් ආකර්ෂණීය මිල ගණන් සහ එක් එක් සේවාදයකයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයේ නම්‍යශීලී සේවා ලබා දීමට යොමුවීම ප්‍රධාන කරුණකි.


”කොළඹ ජනතාව වෙත මෙම Handy Master සේවාව හඳුන්වා දීමට හැකිවීම සම්බන්ධයෙන් අපි බෙහෙවින්ම සතුටට පත්වෙනවා.” යනුවෙන් Fara Holdings ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි තුවාන් ෆර්සාන් මහතා ප්‍රකාශ කළේ ය. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමන් ප්‍රකාශ කර සිටියේ “අපගේ ඉලක්කය වන්නේ කොළඹ සිටින ජනතාව සඳහා පහසු සහ විශ්වාසනීය ඇමතුම් නඩත්තු සේවාවක් සැපයීමයි. අපගේ දක්ෂ වෘත්තිකයන් කණ්ඩායම සහ අපගේ පරිශීලක හිතකාමී යෙදුම තුළින් එම ඉලක්කය සපුරා ගැනීමට අපට හැකිවන බව අපේ දැඩි විශ්වාසය යි.”


ඔබට මෙම “Handy Master” ඇමතුම් නඩත්තු සේවාව සම්බන්ධයෙන් වැඩි විස්තර අපගේ faraholding.lk වෙබ් අඩවියට පිවිස ලබාග හැක.