Citrus Hikka Wedding Fair 2023 ප්‍රදර්ශනයට අනාගත මනාල මනාලියන්ට ආරාධනා

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජනප්‍රියම හෝටලයක් මෙන්ම විවාහ මංගලෝත්සව සඳහා බොහෝ දෙනෙකුගේ තේරීමක් වන සිට්‍රස් හික්කඩුව හෝටලයේ ‘Citrus Hikka Wedding Fair 2023’ ප්‍රදර්ශනය 2023 මාර්තු 25 සහ 26 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී විවාහ මංගලෝත්සව පැවැත්වීම සඳහා සිට්‍රස් හික්කඩුව හෝටලයේ ඇති පහසුකම් දැකබලාගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබෙනු ඇත.

සාම්ප්‍රදායික උත්සව මෙන්ම වෙරළ තීරයේ පැවැත්වෙන විවාහ මංගලෝත්සව සඳහාද කදිමට ගැළපෙන සිට්‍රස් හික්කඩුව හෝටලය, තවත් පහසුකම් රාශියකින් සමන්විත වේ. මෙම ප්‍රදර්ශනය, අනාගත මනාල මනාලියන්ට තම විවාහ මංගලෝත්සව සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, රූපලාවණ්‍ය සේවාවන්, කේක්, රථවාහන සහ සැරසිලි ඇතුළු සියලුම සේවාවන් සියල්ල එකම ස්ථානයකින් ලබාගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

“මෙය විවාහ මංගලෝත්සව සැලසුම් කරන කොයිකාටත් ලැබෙන මහඟු අවස්ථාවක්. විවාහය සඳහා සිට්‍රස් හික්කඩුව හෝටලය තෝරාගන්නා අයට, ඉතාමත් සුන්දර පරිසරයක, සියලු පහසුකම් සහිතව, අපගේ සුහදශීලී සේවය සමගින් ජීවිතයේ සදානුස්මරණීය දිනයක චමත්කාරය අත්විඳීමට හැකි වෙනවා. ඔබත් සමග අත්වැල් බැඳගෙන ඒ සිහිනය සැබෑ කරදීමට අප සූදානම්.” සිට්‍රස් ලෙෂර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තල්වත්ත මහතා පැවසී ය.


Citrus Hikka Wedding Fair 2023 ප්‍රදර්ශනයේදී විවාහ මංගලෝත්සව සඳහා සිට්‍රස් හික්කඩුව හෝටලය වෙන්කරවා ගන්නා මනාල මනාලියන්ට 20% ක් දක්වා වට්ටම් හිමි වේ. එය වඩාත් සහනදායී ගාස්තු යටතේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම හෝටලයක තම විවාහ මංගලෝත්සවය පැවැත්වීම සඳහා ඔවුන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු, 0775774405 අංකයෙන් අමිල ඇමතීමෙන් ලබාගත හැක වේ.