සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මාතර ශාඛාව නව පරිශ්‍රයකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ මාතර ශාඛාව සිය පාරිභෝගිකයන්ට ඉහළ සේවාවක් සැපයීමේ අරමුණින් නව පරිශ්‍රයක නව මුහුණුවරකින් ස්ථාපනය කරන ලදි. අංක 7$1, අරුණ ඉන්ඩස්ට්‍රීස් ඉහළ මහල, ස්ටේෂන් පාර, මාතර යන ස්ථානයේ සේවා කටයුතු පවත්වා ගෙන ගිය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය පසුගියදා අංක 85, හක්මණ පාර, මාතර යන ස්ථානයේ උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.


තම ශාඛා ජාලය පුළුල් වපසරියක ව්‍යාප්ත කරමින් අඛණ්ඩව වර්ධනය වීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම විසින් සියලු පහසුකම් සහිතව විවෘත කරන ලද මෙම ශාඛාව මඟින් එම ප්‍රදේශයේ ජනතාවට සමාගමේ සියලුම රක්ෂණ විසඳුම් පිරිනමනු ඇත. සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් සහභාගී වූ අතර උත්සව සභාව අමතමින් ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පැවසුවේ ක්ෂේත්‍රයේ පවතින තරගකාරීත්වය හමුවේ ඒ හා තරග වදිමින් යන මේ ගමනේදී දැවැන්ත රක්ෂණ සමාගමක් වශයෙන් සිය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් ජනතාවට උපරිම සේවාවක් සැළසීමට කැප වී සිටින බවය. පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා විශ්වාසනීය සේවයක් සැපයීමට නිරන්තරයෙන් කැප වී සිටින සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය ශාඛා ජාලය තව දුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරයි.