ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉහලට

ගෙවුන මාසයක කාලය තුල ශ්‍රී‍ ලංකාවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබේ.

2019 නොවැම්බර් මාසයේදී මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.5 ක මට්ටමක පැවැතුණි. එය දෙසැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 7.6 ක් දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි.

නව ආයෝජන ව්‍යාපෘති සමඟ 2020 වසරේ විදේශ සංචිත ප‍්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.