Tuesday, November 10, 2026

කොළඹ කොටස් වෙළෙඳපොළ යලි යථා තත්වය⁣ට ගෙන එනවා – අගමැති

කඩා වැටී තිබෙන කොළඹ කොටස් වෙළඳපොළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කොළඹ කොටස් වෙළඳපොළේ තැරැව්කාර සමාගම් නියෝජිතයන් සමග කළ සාකච්ඡාවකදී අගමැතිවරයා එසේ පැවසීය.

ඉකුත් රජයේ අකාර්‍යක්‍ෂම පාලනය හේතුවෙන් විනාශ වූ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට වත්මන් රජය කඩිනමින් ක‍්‍රියාත්මක කරන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය වසර හතරහමාරක කාලය තුළදී කොළඹ කොටස් වෙළඳපොළ බරපතල අන්දමින් කඩා වැටීමකට ලක්වූ බැවින් කොටස් තැරැව්කාර සමාගම් විශාල ප‍්‍රමාණයක් වසාදමා ඇතැයිද මේ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමිව තිබෙන බව එහිදී නියෝජිතයෝ අගමැතිවරයාට පෙන්වා දුන්හ.

කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ඉතාම සීඝ‍්‍රයෙන් ඉහළ නංවා ගැනීම සඳහාත් විදේශීය ආයෝජන මෙරටට ගෙන්වාගැනීම සඳහාත් සේවක අර්ථසාදක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජන සඳහා යොමුකළ යුතු බව මෙහිදී එම සමාගම් අවධාරණය කළහ.