TV සහ පත්තර හංගන සම්පත් බැංකුවේ සක්විති වංචාව

සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචාවට අදාලව අධිකරණ නියෝග මත සිදු කළ වෝහාරික විගණනයේ වාර්තාව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

පිටු 1000 කට අධික එම වාර්තාව මගින් හෙළිවන දෑ සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ නිළධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබයි.

සම්පත් බැංකුවේ තැන්පත්කරැවන්ට සිදුව ඇතැයි කියන මෙම මහා පරිමාණ වංචාවට අදාල නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙයි. හෙට දින එළිය කරන බව කියන සම්පත් බැංකුවේ සිදුව ඇති මෙම සක්විති වංචාව පිළිබඳව පුවත් පලකිරීමෙන් TV සහ පුවත්පත් වැළකී සිටියේය.

එලෙස TV සහ පුවත්පත් සියල්ල විසින් අදාල සක්විති වංචාව වසන් කර ඇත්තේ තම ආයතන වලට රුපියල් ලක්ෂ ගණනින් ලැබෙන සම්පත් බැංකුවේ දැන්වීමි අහිමි වී යනු ඇතැයි යන බිය නිසා බව BIZREPORT.LK වෙත වාර්තා වෙයි.

නමුත් අදාල සම්පත් බැංකුවේ වංචාව අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් පමණක් අඛණ්ඩව වාර්තා කර තිබුණි .

අන්තර්ජාතික රන් සම්මානලාභී හෙළ වෛද්‍යවරයකු වන කැලුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් විමර්ශනයේදී රහස් පොලිසිය විසින් සම්පත් බැංකුවේ සක්විති වංචාව පිළිබඳව හෙළිදරව් කරගෙන තිබුණි .