නිදහස් සතියේ උපන් දරුවන්ට ඉසුරු උදාන තෑගි සහතික

සෑම වසරකම නිදහස් දිනයට සමගාමීව මහජන බැංකුව ක්‍රියාත්මක කරනු ලබන නිදහසේ උපත වැඩසටහන මෙවර ද දිවයින පුරා පිහිටි රෝහල් රැසකදී පැවැත්විණි. ඒ අනුව මෙහි ප්‍රදාන උත්සවය ඊයේ පෙරවරු 9.30 ට බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ දී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරීන් / සාමාන්‍ය අධිකාරි රසික ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

නිදහසේ උපත වැඩසටහන යටතේ පෙබරවාරි  01 වැනි දින සිට 07 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම බිළිඳෙකු වෙනුවෙන්ම රුපියල් දෙදහක් වටිනා ඉසුරු උදාන තෑගි සහතිකයක් විඳින වීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත.

නිදහසේ අභිමානය සමරන අතර දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමව්පියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින් මහජන බැංකුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන ලදී. මහජන බැංකු කාර්ය මණ්ඩලය පිරි දුන් උපන් රෝහල් වෙතම ගොස් මෙම තිබිණ දින එම දරුවන් වෙනුවෙන් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන විශේෂත්වයකි.

මීට අමතරව බොරැල්ල ද සොයිසා කාන්තා රෝහල ඇතුළුව දිවයින පුරා මහජන බැංකුවේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, යාපනය, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොණරාගල, නුවරඑළිය, පොළොන්නරුව, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය, වන්නි සහ කොළඹ යන ප්‍රාදේශිකයන්හි රෝහල් රැසක නිදහසේ උපත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත .