
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට රජය විසින්, රජයේ බැංකු හරහා කෝටි 383 ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදී තිබේ .
ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 189 ක් ද, මහජන බැංකුවෙන් රුපියල් කෝටි 184 ක් ද, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 10 ක් ද වශයෙන් මෙම මුදල් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.
මීට අමතරව වී අලෙවි මණ්ඩලයෙන් හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ලැබෙන ඉල්ලීම් අනුව මෙම බැංකු හරහා තවත් මුදල් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇතැයි මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

































