වංචා කළ බවට සම්පත් බැංකුව අධිකරණයේදී පිළිගනියි

සිය ගනුදෙනුකරුවන්ගේ මුදල් වංචා කල බවට සම්පත් බැංකුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී පිළිගෙන තිබේ.
සම්පත් බැංකුව සිය තැම්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රහස් පොලීසිය සිදු කරන විශේෂ විමර්ශනයට අදාල පැමිණිල්ලක් සලකා බැලූ අවස්ථාවේදී සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටි සිටි නීතිඥ මණ්ඩලයක් විසින් එලෙස පිළිගෙන තිබේ.
“සම්පත් බැංකුව තුල සවස 6 න් පසුව, එනම් රාත්‍රි කාලයේදිත් ගණුදෙනු සිදුවී තිබෙනවා. බැංකුවක නියමිත සේවා කාලයෙන් පසුව යම් සැක කටයුතු ගණුදෙනුවක් සිදුවේනම් ඒ පිලිබඳ ඉහල නිලධාරින් දැනුවත් වෙනවා. එම නිසා සම්පත් බැංකුව තුල සිදුව තිබෙන මහා පරිමාණ වංචාවේ වගකීමෙන් බැහැරවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලයට හැකියාවක් නැහැ” යැයි සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාවෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පැවැසීය.
අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් අදාල නඩුව කැදවු අවස්ථාවේදී උපුල් ජයසුරිය මහතා එසේ පැවැසීය.
ලෝක රන් සම්මාන ලාභී හෙළ ⁣⁣⁣⁣වෛද්‍යවරයකු වන කැලුම් වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් විමර්ශනයේදී රහස් පොලිසිය විසින් සම්පත් බැංකුවේ මහා පරිමාණ වංචාව පිළිබඳව හෙළිදරව් කරගෙන තිබුණි.
සම්පත් බැංකුවේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේය.
මලික් රණසිංහ (සභාපති), නන්ද ප්‍රනාන්දු (කළමනාකාර අධ්‍යක්ෂ), සන්ජීව් සේනානායක, ධාරා විජේතිලක, අනිකා සේනානායක, රනිල් පතිරණ, රුෂන්ක සිල්වා, දිලිප් ද එස්. විජේරත්න, අරෝෂි නානායක්කාර, සංජීව වීරවර්ණ, ලසන්ත සේනාරත්න (සමාගම් කළමනාකරු), මුදිත වල්පොල (සමාගම් නියෝජ්‍ය ලේකම්)