වැඩි මිලට කුකුල් මස් අලෙවි කලොත් වැඩ වරදියි

පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් මේ දිනවල සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි

වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණිලි ලැබී ඇති බව එම අධිකාරිය පවසයි.

සම සහිත කුකුල් මස් සඳහා රුපියල් 430 ක් සහ සම රහිත කුකුල් මස් සදහා රුපියල් 500 ක් ලෙස පාලන මිල නියම කරමින් රජය විසින් පසුගියදා ගැසට් පත්‍රයක් ද නිකුත් කළේය.

ගැසට් පත්‍රයේ සදහන් මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් පැමිණිලි ජනතාවට ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.