Tuesday, November 10, 2026

අංකය වෙනස් නොකර දුරකථන සේවා සපයන්නා තෝරාගැනීමට අවස්ථාව

ජංගම දුරකථන ග්‍රාහකයන්ට එකම අංකයකින් ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ සිය ඇමතුම් ඇමතුම් ලබාගැනීමේ පහසුකම සැපයීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගනිමින් සිටිනු ලබයි.
ඒ සඳහා මූලික පියවර ⁣මේ වන විටත් ගෙන ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කලේ.
මෙම ක්‍රමවේදය දැනට ඉන්දියාව, මලයාසියාව ආදී රටවල දැනටමත් ක්‍රියාත්මක වන අතර, ජංගම දුරකථන අංකය වෙනස් නොකර දුරකථන සේවා සපයන්නා තෝරාගැනීම හෝ වෙනස් කිරීමට මෙමඟින් පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙනු ඇත.