
මෙරට ප්‍රමුඛත ම මෘදුකාංග විසඳුම් සම්පාදකයෙකුවන Persistent Systems Lanka සමාගම ශ්‍රී ලංකාවේ COVID-19 සහන මෙහෙවරට දක්වන දායකත්වයක් ලෙස පාදික සින්ක් සහ අධෝරක්ත උෂ්ණත්වමාන (Infrared Thermometers) පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය.
ඉන්දියාවේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති එම සමාගම ලොව පුරා කාර්යමණ්ඩල සාමාජිකයන් 11,000 කට අධික පිරිසක් සමගින් විවිධ කර්මාන්ත සහ කලාප ආවරණය කරමින් ව්‍යාපාරවල ඩිජිටල්කරණය සහ ව්‍යවසාය නවීකරණය වේගවත් කිරීමෙහි නිරත වෙයි.
එම සමාගම ගෝලීයව දියත්කරන ඇමරිකානු ඩොලර් මිලියන 3.3 ක සහන මෙහෙවරේ එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. COVID-19 වසංගතයට එරෙහි සටන සඳහා පාදික සින්ක් සහ අධෝරක්ත උෂ්ණත්වමාන 350 කට අධික සංඛ්‍යාවක් මෙරට පාසල්, විශ්වවිද්‍යාල සහ රෝහල් සඳහා ලබාදීමට එම සමාගම මේවන විට ද කටයුතුකර ඇත.
පරිත්‍යාගය නිල වශයෙන් බාරදීම පිළියන්දල SOS ළමා ගම්මානයේදී සිදුකෙරුණු අතර එම අවස්ථාව සඳහා SOS ළමා ගම්මාන ප්‍රධානී – අරමුදල් සංවර්ධන හා සන්නිවේදන- ගයන්ත දල්පදාදු, එම සංවිධානයේ කලමණාකාරිනී- ආයතනික හවුල්කාරීත්ව – නිපුනිකා රුහුනගේ සහ Persistent Systems Lanka සමාගමේ පරිපාලන සහකාර කළමනාකාරිනී සුලෝචනා මද්දුමගේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
Persistent Systems Lanka සමාගමේ පරිපාලන සහකාර කළමනාකාරිනී සුලෝචනා මද්දුමගේ මහත්මිය මෙහිදී සඳහන් කළේ, COVID-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිතවල වෙනසක් ඇතිකිරීම සඳහා තම සමාගම කැපවී සිටින බවත්, එම අරමුණ පෙරදැරිව මෙරට තුළ දියත්කරන ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ එක් අදියරක් ලෙස SOS ළමා ගම්මාන වෙත මෙම පරිත්‍යාග සිදු කළ බවත්ය.
SOS ළමා ගම්මාන යනු, දෙමාපිය රැකවරණය අහිමිවූ දරුවන් වෙනුවෙන් දිගුකාලීන රැකවරණය සලසන ස්වාධීන රාජ්‍ය නොවන සංවිධානයකි. එහි ප්‍රධාන කාර්යාලය ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති අතර ලොව පුරා රටවල් 136 ක SOS ළමා ගම්මාන ක්‍රියාත්මක වේ. දරුවන් රැකබලා ගැනීමට අමතරව පවුල් සවිබලගැන්වීම, වෘත්තීය පුහුණුව, පූර්ව ළමාවිය අධ්‍යාපනය සහ වෛද්‍ය පහසුකම් ආදී ශ්‍රී ලාංකේය සමාජයට වැදගත් ව්‍යාපෘති රැසක් ද SOS ළමා ගම්මාන හරහා සිදුකෙරේ.
වසර 70 කට අධික විශේෂඥ දැනුමකින් යුතු ලොව ප්‍රමුඛත ම ළමා රැකවරණ සංවිධානයවන SOS ළමා ගම්මාන මෙරට සමාගම් 10 ක් සමග අත්වැල් බැඳගෙන ඇත. අවශ්‍යතා සහිත දරුවන් හට පවුල් ගොඩනැගීම, දරුවන්ගේ අනාගතය සාක්ෂාත් කිරීම සහ ප්‍රදේශයේ ප්‍රජාවගේ සංවර්ධනයට දායකත්වය ලබාදීම සඳහා එම සංවිධානය තවත් ආයතන සහ සමාගම් සමග අත්වැල් බැඳගැනීමට අපේක්ෂා කරයි.

































