Best Global Brands 2020 ශ්‍රේණිගත කිරීමට අනුව ඉහළම සන්නාම පහ අතරට Samsung Electronics එක්වෙයි

ගෝලීය සන්නාම විශේෂඥතා සමාගමක් වන Interbrand එළිදැක්වූ  Best Global Brands 2020 ලයිස්තුවට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 62.3 ඉහළ සන්නාම වටිනාකමක් වාර්තා කරගනිමින් තමන් එම ශ්‍රේණිගත කිරීම් වල පස්වැනි තැනට පත්වූ බව Samsung Electronics මෙසේ නිවේදනය කරයි. 2020 වසරේ ඇතිවු ගෝලීය කොවිඞ්-19 වසංගතය නිසා සමාගම් වලට මුහුණදීමට සිදුවූ ආර්ථික අභියෝගයන් ද අතික්‍රමණය කරමින් 2019 සන්නාම වටිනාකම වූ ඇමරිකානු ඩොලර් බිලියන 61.1ට වඩා 2020 වසරේ දී 2%ක වර්ධනයක් ද සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 62.3ක සන්නාම වටිනාකමක් අත්පත් කරගැනීමට ඔවුන්ට හැකිවී තිබේ.

“2000 වසරේ දී සන්නාම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5.2ක් සමඟ ශ්‍රේණිගත කිරීම්වල 43 වැනියා වෙමින් අපි ඉහළට නැඟීම ආරම්භ කළා. මේ වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 62.3ක සන්නාම වටිනාකමක් අත්පත් කරගනිමින් අපි ලෝකයේ හොඳම පස්දෙනා අතර රැඳී සිටිනවා.යැයි Samsung Electronicsහි ගෝලීය අලෙවි ප්‍රධානී, YH Lee මහතා අදහස් දැක්වූ අතර ලෝකය පුරා විසිරී සිටින අපේ පාරිභෝගික ජනතාවගේ සහයෝගය නැත්නම් අපිට මේ ජයග්‍රහණය ලබාගන්න පුලුවන් වෙන්නේ නෑ. අපේ ගෝලීය සන්නාමයේ අගය වැඩිදියුණු කරගැනීමට අපි පාරිභෝගිකයන් සමඟ සබඳතා ගොඩනඟා ගන්නවා සහ සන්නිවේදනය තවදුරටත් පවත්වාගෙන යනවා.යැයි ප්‍රකාශ කර සිටියේය.

Interbrand විසින් Best Global Brands ප්‍රකාශනය ප්‍රථමවරට එළිදැක්වූ 2000 වසරේ ශ්‍රේණිගත කිරීම්වල 43 වැනි ස්ථානයේ සිට අද දක්වා සමාගම ක්‍රමානුකූල වර්ධනයක් නොකඩවා අත්පත් කරගෙන තිබේ. 2012 වසරේ දී ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතර නමවැනි ස්ථානය වාර්තා කරගැනීමට සමත්වූ Samsung සමාගම එතැන් සිට වේගවත් වර්ධනයක් වාර්තාකරමින් 2017 වසරේ දී හයවැනි ස්ථානයත් 2020 වසරේ දී පස්වැනි ස්ථානයත් හිමිකරගනු ලැබීය. දිගින් දිගටම නව්‍ය තාක්ෂණික හඳුන්වාදීම් ඉදිරිපත් කරමින් සහ ගෝලීය මට්ටමින් ආකර්ශනීය අලෙවිකරණ ක්‍රියාකාරකම් ව්‍යාප්ත කරමින් Interbrand ඉදිරිපත් කරන ලෝකයේ වඩාත්ම වටිනා සන්නාමයන් 100යේ list of 100 most valuable brands in the world& ලයිස්තුවේ ඉහළටම ගමන් කිරීමට Samsung සමත්වී තිබේ.

5G  ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොළ තුළ ප්‍රමුඛයා ලෙස තම ස්ථානය ස්ථාවර කරගැනීමට Samsung සමත්වී ඇති අතර Galaxy A series දුරකථන පෙළ සහ Awesome වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය වැනි ආකර්ශනීය අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හරහා Generation Z පරම්පරාව සිය සන්නාමය සමඟ එකතුකර ගැනීමට සමත්වී තිබේ. Galaxy Z Flip වැනි නව නිපැයුම් මාදිලියක් නිර්මාණය කරමින් ක්ෂේත්‍රයට නව ඉදිරිපත් කිරීම් ආදී නව්‍ය සන්නිවේදන තාක්ෂණ මෙවලම් දිගින් දිගටම හඳුන්වාදීමට Samsung සමාගම කැපවෙයි.

Interbrand අනුව Samsung අත්පත් කරගත් වර්ධනය වෙනුවෙන් ප්‍රධාන සාධක කිහිපයක් වැදගත් කාර්යයක් ඉටුකර තිබේ.

  • ආයතනික සමාජ වගකීම් ඉටුකරමින් කොවිඞ්-19 ගෝලීය වසංගතය මර්දනය කිරීමට දැක්වූ ඉක්මන් ප්‍රතිචාරය සහ ආරම්භ කළ ඒකාබද්ධ ගෝලීය ව්‍යාපාරය
  • තිරසර සංවර්ධනයක් උදෙසා සමාගම පවත්වාගෙන යන පුළුල් ක්‍රියාකාරකම් පෙළ
  • කෘතිම බුද්ධිය (AI) , 5G සහ Internet of Things (IoT) ආදී උසස් තාක්ෂණික සංවර්ධනයන් වෙනුවෙන් කළ ආයෝජන මෙන්ම  Galaxy Fold” The Terrace සහ BESPOKE refrigeratorConsistent ආදී නව්‍ය  තාක්ෂණික හඳුන්වාදීම් සහ නිපැයුම් දිගින් දිගටම වෙළඳපොළට ඉදිරිපත් කිරීම

Visual Display ව්‍යාපාරය තුළ පාරිභෝගිකයන්ගේ නව ජීවන රටාවන්ට අනුගතවන පරිදි සුවිශේෂී තාක්ෂණික හඳුන්වාදීම් සමඟ TV කාණ්ඩය තුළ ඉදිරියෙන්ම සිටීමට Samsung සමත්වී තිබේ. එසේම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට සහ දුබලතා ඇති පුද්ගලයන්ට TV භාවිත කිරීමේ අවකාශය වර්ධනය කරමින් ද පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක් හඳුන්වාදීම මඟින් ද මෙම ව්‍යාපාර අංශයේ තිරසරබව පවත්වා ගැනීමට Samsung දිගින් දිගටම කැපවෙයි.

මේ සියල්ලටම ඉහළින් පශ්චාත් කොවිඞ්-19 වසංගත අභියෝගයන් ජයගැනීම නව තාක්ෂණ භාවිතාවන් හඳුන්වාදෙමින් සිදුකළ අසමසම කැපකිරීම, ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයට Samsung ඔසවා තැබීමේ මුලික කාරණය විය.

මුල්‍ය කාර්ය සාධනය, මිලදී ගැනීම වෙනුවෙන් සන්නාමයේ බලපෑම සහ සන්නාමයේ තරඟකාරීත්වය ඇතුළු විවිධ අංශයන් ඔස්සේ සිදුකරන පරිපූර්ණ විශ්ලේෂණ පදනම් කරගෙන Interbrand විසින් අදාළ සන්නාමයේ වටිනාකම ශ්‍රේණිගත කරනු ලැබේ.