ලොව නවීනතම ජංගම දුරකථන තාක්ෂණය සමීප කරමින් realme, මෙරට වෙළෙඳපොළට පිවිසෙයි

ලොව වේගයෙන් ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme පසුගිය නොවැම්බර් 23 වැනිදා පළමු වරට ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දුනි. මාර්ගගත තාක්ෂණය ඔස්සේ සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට realme ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ජනප්‍රිය යූටියුබ් නිර්මාණකරුවෙකු වන Chanux bro ද සම්බන්ධ වී සිටීම කැපීපෙනුණි.

උසස් ම තාක්ෂණය හා සුහුරු උපාංග කෙරේ දැඩි ආකර්ෂණයක් ඇති තරුණ වෙළෙඳපොළක් ලෙස ප්‍රකට ශ්‍රී ලංකාවට realme සන්නාමය පිවිසීමත් සමඟ එහි ලොව පුරා නිෂ්පාදන බෙදාහැරීම මිලියන 50 සීමාව ඉක්මවා යෑම ද විශේෂත්වයක් විය. වසර දෙකක් තුළ ලොව රටවල් 13ක හොඳම ජංගම දුරකථන සන්නාම 5 අතරට පිවිසි realme, මේ වනවිට ගෝලීය වශයෙන් 7 වැනි ස්ථානයේ පසුවන ජංගම දුරකථන සන්නාමය වේ. ‘Dare to leap’ තේමාව යටතේ තම නිෂ්පාදන ඉදිරිපත් කරන realme, ත්‍රාසජනක නව අත්දැකීම් කෙරෙහි කැමැත්තක් දක්වන තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් තම නවීනතම ජංගම දුරකථන පෙළ මෙසේ එළිදැක්වීය.

realme 7 – තියුණු කැමරාව සහ සුපිරි ගේම් අත්දැකීමක් සමඟ වේගවත් බැටරි ආරෝපණය
සෝනි IMX682 සෙන්සරය සහිත 64MP Quad කැමරාවකින් සන්නද්ධ මෙම නවතම දුරකථනයට ඉතාමත් තියුණු ලෙස ඡායාරූප ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම ලොව පළමුවරට හඳුන්වා දෙන Media Tek Helio G95 Gaming ප්‍රොසෙසරයක් ද එහි ඇතුළත් බැවින් ඉතාමත් විනෝද ජනක වීඩියෝ ක්‍රීඩා අත්දැකීමක් සමීප කිරීමට ද එය සමත් ය. ඊට අමතරව 30W Dart Charge පහසුකම ද අඩංගු බැවින් 5000mAh බැටරියේ සියයට 50ක ධාරිතාවක් මිනිත්තු 26කදී ලබාගැනීමේ සුවිශේෂී හැකියාව ද මෙම දුරකථනය සතු ය. අලංකාර පෙනුමකින් යුත් මෙම ස්මාර්ට් ජංගම දුරකථනයේ 90Hz Smooth තිරය අඟල් 6.5කින් යුතු අතර, Starry mode සහිත 16MP සෙල්ෆි කැමරාවක් ද පවතී.

TÜV Rheinland සහතිකකරණය සමත් වූ පළමු ස්මාර්ට් දුරකථනය වන මෙය සෝනි 64MP Quad කැමරාව සහිත මෙම කාණ්ඩයේ පළමු දුරකථනය වීම ද විශේෂත්වයකි. Wide-angle Quad කැමරාවේ අන්තර්ගත Sony IMX 682, f/1.8 aperture සහ අඟල් 1/1.73 වැනි විශේෂාංග හේතුවෙන් 6944*9248 ප්‍රමාණයේ උසස් ඡායාරූප ගැනීමේ හැකියාව ද එය සතු ය. තව ද එහි ඉහළ මට්ටමේ Gaming ප්‍රොසෙසරයට සමගාමීව An Tu Tu සහ 30W ආරෝපණ හැකියාව ද පවතින නිසා සුපිරි වීඩියෝ ක්‍රීඩා අත්දැකීමක් ද realme 7 පරිශීලකයින්ට හිමි වේ. මේ සියලු විශේෂාංග දෙස බැලීමේදී realme 7 යනු ක්‍රියාශීලී තාරුණ්‍යයට හොඳින්ම ගැලපෙන ස්මාර්ට් ජංගම දුරකථනයකි. මෙහි මිල රුපියල් 64,999 කි.

realme C series – එදිනෙදා තාරුණ්‍යය සඳහා ම ගැලපෙන, දිගු බැටරි ආයු කාලයක් සහ සුන්දර පෙනුම

වර්තමානය වන විට බොහෝ තරුණ තරුණියන් වැඩ රාජකාරි අධික කාලයක් ගත කරනු දක්නට ලැබේ. එසේ වෙහෙසී කටයුතු කරන තාරුණ්‍යයට realme C series දුරකථන පෙළ හොඳින් ගැලපේ. ශක්තිමත්ව මෙන්ම අලංකාර ලෙස නිර්මාණය කර ඇති මෙම දුරකථනය සතුව අති ප්‍රබල බැටරියක් පවතී. එනිසා දින කිහිපයක් වුවද කිසිදු වදවීමකින් තොරව සිත් සේ දුරකථනය භාවිත කිරීමේ හැකියාව තරුණ තරුණියන්ට හිමි වේ.

බැටරි ආයු කාලය අඩු වීම වර්තමානයේ බොහෝ ජංගම දුරකථන පරිශීලකයින් මුහුණ දෙන ගැටලුවකි. ඊට විසඳුමක් ලෙස මෙම දුරකථන පෙළෙහි අධි බලැති බැටරියක් යොදා ඇති අතර realme C12 දුරකථනයේ බැටරි ධාරිතාව 6000mAh තරම් ඉහළ අගයක් ගනී. ඒ හරහා eight core ප්‍රොසෙසරය මෙන්ම අඟල් 6.5 සුවිසල් තිරය ද, කැමරා තුනකින් සමන්විත කැමරා පද්ධතිය ද අපහසුවකින් තොරව බලගැන්වේ. තව ද දුරකථනයේ සමස්ත නිමැවුමේ ඇති අලංකාර බව නිසා තරුණ පරපුරේ විශාල ආකර්ෂණයක් ඒ වෙත හිමිවනු නොඅනුමාන ය.

Quad කැමරාවකින් යුත් C කාණ්ඩයේ පළමු දුරකථනය වන C12හි ප්‍රධාන කැමරාව 13MP වන අතර විශාල f/2.2 aperture පහසුකම නිසා වඩාත් සුපැහැදිලි ඡායාරූප ගැනීමට හැකි වේ. මෙම දුරකථනයේ මිල රුපියල් 27,999කි.

මෙම කාණ්ඩයේ තවත් දුරකථනයක් වන C11 සතුව 5000mAh බැටරියක් පවතින අතර, සාමාන්‍ය තත්ත්වය යටතේ දින 40ක් එක් ආරෝපණයකින් ක්‍රියාත්මක වීමට එය සමත් ය. සුප්‍රකට ලන්දේසි චිත්‍ර ශිල්පියෙකු වන මොන්ඩ්‍රියන්ගේ පින්තාරු ඇසුරු කරගනිමින් නිර්මාණය කර ඇති මෙම දුරකථනය, අලුත් සහ වෙනස් දෙයක් සඳහා වැඩි ඇල්මක් දක්වන තරුණ පිරිස් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද්දකි. එහි 20:9 අනුපාතය සහිත අඟල් 6.5ක තිරය ද විශිෂ්ට ස්මාර්ට් දුරකථන අත්දැකීමක් ළඟා කරදෙයි. 13MP ප්‍රධාන කැමරාවට පුළුල් පරාසයක් හසුවන ලෙස ඡායාරූප ගත හැකි අතර Nightscape mode සහිත පසුපස ද්විත්ව කැමරාවක් ද මෙම දුරකථනයේ අන්තර්ගත වේ. MediaTek Helio G35 ප්‍රොසෙසරයකින් බලගැන්වෙන මෙම දුරකථනයේ මිල රුපියල් 19,999කි.