ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල බෙදාහරියි

ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාර මෙරට ආර්ථීකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර කොවිඞ් -19 තුළින් ඇති වූ අභියෝග හමුවේ ද මෙම ව්‍යාපාර ඵලදායීව අඛණ්ඩව පවත්වාගැනීම නව තත්ත්වය යටතේ ද ඉතාමත් වැදගත් ය. කොවිඩ් -19 වෛරසය පතුරවන ස්ථානයක් බවට පත් නොවී සේවා ස්ථානය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා සේවා ස්ථානයේ ආරක්ෂක සහ සෞඛ්‍යය නිර්ණායකයන් අත්‍යාවශ්‍ය අංගයක් වේ.

ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාරයන්හි සාමාන්‍යයෙන් සේවකයින් 50 කට අඩු සංඛ්‍යාවක් සේවයේ යොදවා ගන්නා අතර ඔවුන්ගෙන් බොහෝදෙනෙකු අවිධිමත් අංශයේ සේවයේ නියුතු සේවකයින් වේ.

ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාර බහුලව දැකිය හැකි ගම්පහ සහ කළුතර දිස්ත්‍රීක්කයන්හි පිහිටා ඇති එම ව්‍යාපාරයන් සේවය කිරීමට ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ව්‍යාපෘති සේවා සදහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යයාලය (UNOPS) සමග එක්ව ශ්‍රී ලංකා රුපියල් මිලියන 47 ක් වටිනා පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල බෙදා දීම ආරම්භ කරන ලදි.

UN COVID-19 Response and Recovery Multi-Partner Trust Fund (UN COVID-19 MPTF) හී අරමුදල් වලින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාපාරයන්ගේ සමාජ ආර්ථීක තත්ත්වය නැවත නගා සිටුවීම සඳහා සහාය වෙමින් ෂඛධ විසින් දියත් කළ වැඩසටහන්වලින් එකකි.

PPE කට්ටල බෙදා දීම 2020 නොවැම්බර් 18 වෙනි දා සිට ආරම්භ කළ අතර තරුණ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර ඒකකයේ (SED) සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලදි.

මෙම PPE කට්ටල තුළ අත්සෙදීමේ උපකරණ, සනීපාරක්ෂක දියර බෝතල්, ප්‍රථමාධාර කට්ටල, මුහුණු ආවරණ, අමුත්තන් වාර්තා කිරීමේ පොත්, සබන්, ටිෂු කඩදාසි පැකට්, මුහුණ පිසදීමේ කඩදාසි තුවා, උෂ්ණත්වය මැනීමේ අත් උපකරණ, වැසිකිලි සනීපාරක්ෂක දියර, අත් වැසුම් සහ පියන් සහිත අපද්‍රව්‍ය බදුන් ඇතුළත් විය.

කම්කරු අමාත්‍යංශයේ සහාය ඇතිව SED නිලධාරීන් විසින් සිදු කරන ලද ක්ෂණික සමීක්ෂණයක් හරහා කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි පිහිටා ඇති ව්‍යාපාර සහ ඔවුන්ගේ PPE අවශ්‍යාතවයන් හදුනාගැනීම සිදු කරන ලදි. සංචාරක – නවාතැන් , ආහාර සහ ආහාර සැකසුම්, රෙදිපිළි, නිර්මාණ සහ කෘෂි කර්මාන්තය යන විවිධ අංශ නියෝජනය කරන ආර්ථීක පසුබෑමකට ලක් වුණු සහ කාන්තා හිමිකාරත්වයෙන් යුත් ව්‍යාපාර මෙම සමීක්ෂණය සදහා ප්‍රධාන වශයෙන් යොදා ගන්නා ලදි.

ගම්පහ දිස්ත්‍රීක්කයේ කැළණිය, මීරිගම, මී ගමුව, කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ කළුතර දිස්ත්‍රීක්කයේ බේරුවල, කළුතර, පානදුර, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටි ව්‍යාපාර මෙම ව්‍යාපෘතිය සදහා යොදා ගන්නා ලදි.

මෙම දිස්ත්‍රීක්ක දෙකෙහි ඉතිරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය කරමින් තවත් PPE කට්ටල තොගයක් වසර අවසානයට පෙර බෙදා හැරීමට සැලසුම් කර ඇත.

PPE කට්ටල බෙදා දීම හා සමගාමීව ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාරත හී වෘත්තීය සුරක්ෂිතභාවය සහ සෞඛ්‍ය ආරක්ෂණය (OSH) නිර්ණායකයන් ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද සහ PPE කට්ටල භාවිතය පිළිබදව ව්‍යාපාර මට්ටමේ පුහුණුවක් ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය (NIOSH) මගින් ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන සේවා ස්ථාන සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වු අවදානම සහ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාර සදහා වූ නිර්ණායක, ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් සහ සේවකයින් මුහුණපාන මනෝසමාජ අවදානම සහ රජය විසින් ලබා දෙන මූල්‍ය සහාය ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබදව දැනුවත් කරන ජාතික වැඩසටහන හා සම්බන්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම වැඩසටහන ඵලදායීව ක්‍රියාත්මක කිරීම සදහා රජයේ ආයතන කිහිපියකම සහාය ලබා දුන් අතර විශේෂයෙන් කම්කරු අමාත්‍යංශය, කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය, තරුණ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන ඒකකය, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය (NIOSH), ශ්‍රී ලංකා මහ බැංකුව සහ සෞඛ්‍යය අමාත්‍යංශය සදහන් කළ යුතු අතර අනෙකුත් ආයතන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ලෝක ආහාර වැඩසටහන (WFP)ල ශ්‍රී ලංකා ලංකා සේව්‍ය සම්මේලනය, විවිධ වාණිජ බැංකු, කාන්තා වාණිජ මණ්ඩලය, මානසික සෞඛ්‍යය පිළිබද ආයතනය, මනෝවිද්‍යාඥයින්, මාධ්‍ය සහ ඡායාරූපකරුවන් ඇතුළත් විය