අඳුරු ආලෝකයට හොදම camera vivo ගෙන එයි

ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ නාම දීර්ඝ කාලයක් තිස්සේ සිය වෙළඳ නාමය යටතේ දුරකථන වල එක් සුවිශේෂ අංගයක් විශේෂයෙන් ඉස්මතු කර පෙන්වීම සඳහා අවධානය යොමු කළේය. නමුත් මෙම තත්ත්වයන් දියුණු වෙමින් ඉදිරියට ගමන් කිරීමේදී ස්මාර්ට් ජංගම දුරකථන පිළිබඳව ගැනුම්කරුවන් වඩ වඩාත් දැනුවත්භාවයක් ලබා ගන්නා ලදී.

ඒ අනුව processor, camera, display, material, පෙනුම සහ සිත්ගන්නා සුළු ස්වභාවය මෙන්ම දුරකථනයේ ක්‍රියාකාරිත්වය ඇතුළු විශේෂාංග රාශියක් පිළිබඳව ඔවුන්ට විවිධ ස්මාර්ට් ජංගම දුරකථන හරහා සංසන්දනාත්මක විශ්ලේෂණයක යෙදෙන්නට හැකියාව ලැබී ඇත. සමාජ මාධ්‍ය හරහා ඡායා රුප පල කිරීම සිය අනන්‍යතාවය ගොඩනගා ගැනීම සඳහා අත්‍යවශය අංගයක් බවට පත්වී තිබේ.

මෙම නව ප්‍රවණතා සමග කටයුතු කිරීමට විශිෂ්ඨ ක්‍රියාකාරිත්වයක් සහිත පරිපුර්ණ ස්මාර්ට් ජංගම දුරකථනයක් සිය පරිශීලකයන්ට ආකර්ශනීය විශේෂාංග සමඟ විස්මිත camera පහසුකම් ලබා දෙයි.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර තාක්ෂණික සන්නාමයක් වන vivo විසින් ඔවුන්ගේ ප්‍රමුඛතම vivo V20 කාණ්ඩයෙන් V20 සහ V20 SE යන නව ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි දෙකක් හඳුන්වා දී ඇත. මෙම ස්මාර්ට් ජංගම දුරකථන දෙකම ඕනෑම දුර්වල ආලෝකකරණ තත්වයන් තුළ වුවත් pro-grade images ග්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් සමන්විතය. V20 44MP Eye Autofocus සහ 64MP Night Camera සමන්විත වන අතර V20SE 32MP Super Night Selfie සහ 48MP Rear Cameraවකින් සමන්විතය.

මෙම V20 මාදිලිය ඡායාරුප වල ඉහළම clarity සහ focus කිරීමේ හැකියාවන්ගෙන් යුතු ගුණාත්මක සුපැහැදිලි ඡායා රූප ලබා දෙන best-in-class camera සහිතව නිපදවා ඇත.

vivo V20 දුරකථන මාදිලිය මගින් ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කැමරා තාක්‍ෂණය, අනාගත සැලසුම් සහ ප්‍රභල සමස්ත ක්‍රියාකාරීත්වයක් සහිත ස්මාර්ට් ජංගම දුරකථන ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් දිනෙන් දින නව්‍යකරණය වන තරුණ පරම්පරාවේ විලාසිතාවන් සහ බුද්ධිමත් පාරිභෝගිකයන්ගේ ජිවන රටාවට සරිලන පරිදි මෙම ස්මාර්ට් ජංගම දුරකථන උපායමාර්ගිකව වැඩි දියුණු කර ඇත.

පරිශීලකයාට උසස් ගුණාත්මක බවකින් යුතු ඡායා රූප සහ වීඩියෝ පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකිවන පරිදි V20 හි අති නවීන කැමරාව Eye Autofocus, Super Night Selfie mode හැකියාවන් සහිතව ඔබ අතට පත් වේ. V20 SE විසින් Super Night Selfie mode, Multi-Style Portrait, AI Face Beauty සහ Professional Portrait ගුණාංගයන්ගෙන් සමන්විතව තිබේ. එසේම Aura Screen Light තාක්‍ෂණික මාදිලිය මගින් එයට තවත් වැඩි ආකර්ශනීය පෙනුමක්ද හිමිකර දී ඇත.

නිරන්තරයෙන් ගමනේ යෙදෙන පරිශීලකයන් වෙනුවෙන් ප්‍රබල පරිගණක මෙවලමක් අකාරයෙන් මෙම ජංගම දුරකථන දෙකම නිර්මාණය කර ඇත. V20 මාදිලියේ සුඛෝපභෝගී ultra-sleek සහ stylish වර්ණ සංයෝගය බුද්ධිමත් තරුණ පරම්පරාවේ වෙනස්වන ජිවන රටාවන් සමඟ එකින් ගැලපෙන ආකර්ශනීය බවක් ගෙන දෙන අතර උපාංගයේ ආකර්ශනීය බව සහ එහි ප්‍රභල ක්‍රියාකාරිත්වය ද ඊටම සරිලන ආකාරයෙන් මනාව ගලපා ඇත.

V20 ස්මාර්ට් ජංගම දුරකථනයට සිහින් හා ඉහළ වටිනාකමකින් යුතු පෙනුමක් ඇති අතර එය 7.38mm තරම් සිහින් බවකින් හා 171g සැහැල්ලු බරකින් යුතු වේ. නවෝත්පාදක ඉදිරිපස කැමරාවක් ඇති අතර Autofocus තාක්ෂණයට තියුණු සෙල්ෆි සඳහා චලනය වන වස්තූන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇත. Super Night Mode සහිත 64MP rear cameraව මගින් සෑම රූගත කිරීමකදීම high-definition quality සහ standing extreme zooming පහසුකම් මගින් සුපැහැදිලි දසුන් ලබා දෙයි. විනාඩි 30 ක් තුළ 65% ක බැටරි ආරෝපණ හැකියාවකින් යුතු V20 හි 33W FlashCharge හැකියාව ද වේ.

V20 මාදිලියේ තවත් කැපී පෙනෙන හඳුන්වාදීමක් වන්නේ ඕනෑම මොහොතම ඕනෑම ස්ථානයක සිට studio quality ඡායා රූප ලබා ගත හැකි vivo V20 SE ස්මාර්ට් ජංගම දුරකථනයයි. V20 SE සිනිඳු හා ඉන්ද්‍රජාලික මෝස්තරයක් සහිත polymer වලින් නිපදවා ඇති සැහැල්ලු ත්‍රිමාණ හැඩයක් ගනී. එය එහි 32MP Super Night Selfie front camera සඳහා සුමට හා සුවපහසු නිමාවක් ලබා දෙයි. එමගින් ජීවිතයේ සෑම වටිනා මොහොතකම මතකයන් ග්‍රහණය කර ගැනීම සඳහා අවස්ථාව සලසයි. රාත්‍රියේ පවා මෙම තාක්‍ෂණය අඳුරු පැල්ලම් දීප්තිමත් කරන අතර වැඩි දීප්තිය, පැහැදිලිබවක් සහ සමබරතාවය රැකදෙයි. 48MP Multi-Scenario Photography rear camera, 33W FlashCharge එහි සිනිඳු ඉන්ද්‍රජාලික සැලසුම වැනි අමතර විශේෂාංග V20 SE ඔබේ අත්ල මතට ගෙනවිත් තිබේ.

V20 ස්මාට් ජංගම දුරකථන මාදිලියේ සිහින් පෙනුම, සැහැල්ලු බර සහ අද්විතීය වර්ණ මාලාව ප්‍රබල ලෙස පිළිබිඹු කරන්නේ පරිශීලකයින්ට වේගවත් ජීවන රටාවක් සහ සුඛෝපභෝගී හැඟීමක් අත්විඳීමට උපකාර කිරීමට vivo සතු කැමැත්තයි. ඒ සඳහා නිවැරදි දේ කිරීමේ බෙන්ෆෙන් දර්ශනය මගින් මෙහෙයවීම ලැබෙන අතර මෙරට තරුණ පාරිභෝගිකයින්ගේ උනන්දුව අධ්‍යයනය කිරීමෙන් සහ දේශීය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන විසඳුම් සැලසුම් කරමින් vivo සමාගම “More Local, More Global” ව්‍යාපාර උපායමාර්ගය අනුගමනය කරයි.

Photography, gaming, විනෝදාස්වාදය සහ ස්මාර්ට්ෆෝන් නිර්මාණයේ වෙනස්වන ප්‍රවණතා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නෙකුට අවශ්‍ය හොඳම දේ සැපයීම සඳහා V20 ස්මාර්ට් ජංගම දුරකථන මාලාව උපායමාර්ගිකව නිපදවා ඇත. V20 මාලාව ස්මාර්ට්ෆෝන් කර්මාන්තයේ නව මිණුම් දණ්ඩක් සකසා තිබෙන අතර V20 ශ්‍රේණියේ සාර්ථකත්වය ශ්‍රී ලාංකික වෙළෙඳපොළ කෙරෙහි ඇති දැඩි ග්‍රහණයේ ප්‍රබල පිළිබිඹුවක් වන අතර කලාපය තුළ ස්මාර්ට්ෆෝන් අලෙවිය නිරන්තරයෙන් ඉහළ යන බව නිරීක්ෂණය කර තිබේ.

vivo V20 වැඩි දියුණු කළ පරිශීලක අත්දැකීම් සහිත තරුණ ගනුදෙනුකරුවන් සමඟ ඉහළ සම්බන්ධතාවයක් සහතික කර ඇත. vivo තාක්‍ෂණික නවෝත්පාදනයන්ගෙන් ඔබ්බට ගමන් කරමින් පරිශීලකයාගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. එමඟින් සියලු කාර්යයන් පහසුවෙන් කිරීමට සහ ඔවුන්ගේ පෞරුෂත්වය හා විවිධාකාරයෙන් සම්බන්ධ වේ.