රන්ජන් ලංකා සේවකයන්ටත් කොරෝනා ආසාදනය වෙයි

ගම්පහ දුම්රියපොළ  ආසන්නයේ පිහිටි රන්ජන් ලංකා සුපිරි වෙළෙඳ සලේ සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් – 19 ආසාදිත වී ඇතැයි  සෞඛ්‍ය අංශ  පවසයි.

ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේ සිදු කළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලින්  මෙම පිරිස හඳුනාගෙන ඇත.

මෙම සේවකයන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වලම නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.