MY ALLIANZ APP යෙදවුම දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) ගනුදෙනුකරුවන් වෙත ඩිජිටල් සේවා පහසුකම් හිමිකර දෙමින් ඔවුන්ගේ නවතම ජංගම යෙදුම (mobile app) ‘My Allianz App’ නමින් පසුගියදා දියත් කරන ලදී.

ගනුදෙනුකරුවන්ට පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයේ අංග රැසකින් සමන්විත මෙම ජංගම යෙදුම තුළින් රක්ෂණ සේවාවන්ට අදාළ සේවාවන් රැසක් තමන් සිටින ස්ථානයේ සිටම සිදු කර ගැනීමේ හැකියාව උදා කර දී ඇත.ඒ යටතේ රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ විද්‍යුත් සහතිකපත් අන්තර්ජාලය හරහා පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම, ඔවුන්ගේ රථවාහන සඳහා වන රක්ෂණයන් අලුත් කිරීමට හෝ අලුතින් ලබා ගැනීමට, තමන්ගේ රක්ෂණ සේවාවන් අලුත් කිරීමට, රක්ෂණ වාරික ගෙවීමට මෙන්ම රක්ෂණය සම්බන්ධ ඔවුන්ගේ අවශ්‍යතා ඉදිරිපත් කිරීමට හා රක්ෂණ ඔප්පු ලියකියවිලි ඩිජිටල් ලෙස ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමිවේ.

ඇන්රොයිඩ් ජංගම දුරකතන භාවිත කරන්නන් වෙනුවෙන් ගූගල් ප්ලේ ස්ටෝර් (Google Play Store) වෙතින්ද අයිෆෝන් භාවිත කරන්නන් වෙනුවෙන් ඇපල් ඇප් ස්ටෝර් (Apple App Store) වෙතින්ද ‘My Allianz App’ යෙදවුම බා ගත (Download) කර ගැනීමට හැකියාව ඇත.

මෙම යෙදවුම ජංගම දුරකථනයට ඇතුළත් කිරීමෙන් පසු රක්ෂණ ඔප්පු හිමියන් හට ඉතා කෙටි ක්‍රියාවලියක් හරහා ලියාපදිංවි වීම සිදු කළ හැකිය. ඉන් පසු ඕනෑම මොහොතක කිහිප වරක් ක්ලික් කිරීමෙන් ඔවුන්ගේ දත්ත නිරීක්ෂණය කිරීමට හැකි වේ.

ඉහත සඳහන් කරන ලද ප්‍රතිලාභයන්ට අමතරව මූලික පියවර කිහිපයක් අනුගමනය කිරීම තුළින් අවශ්‍ය නම් පොලිස් නිළධාරියකු වෙත තම රක්ෂණ තොරතුරු සහතික කිරීමටද රක්ෂණ ඔප්පු හිමියන්ට අවකාශ උදාවීමද විශේෂත්වයකි. එසේම තමන්ගේ වාහනය පැදවීමේ අවස්ථාව විවිධ රියදුරන් වෙත ලබා දෙමින් මෙම ඊ – මෝටර් සහතිකය ඔවුන්ගේ රියදුරන් වෙත ලබා දීමටද මෙහිදී අවස්ථාව උදා වේ. තවද නිවසේ සිටම තමන්ගේ රථවාහන පරීක්ෂාව සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාවද රක්ෂණ ඔප්පු හිමියන්ට මේ තුළින් උදා කර ගත හැකිවීම තවත් විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

‘ My Allianz App’ එළි දැක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිළධාරී/ අධ්‍යක්ෂ ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “අලියාන්ස් ලෙස අපගේ සේවාවන්හි මූලික හරය වන්නේ ඩිජිටලීකරණයයි. අපි නිරන්තරයෙන් අපගේ ගනුදෙනුකරුවන් වෙත වැඩි පහසුවක් ලබා දීම වෙනුවෙන් තාක්ෂණික හැකියාවන්ගෙන් සන්නද්ධ වීමට කටයුතු කරමින් සිටින අතර මෙය එහි එක් සුවිශේෂී පියවරක් ලෙස පෙන්වා දිය හැකියි. අපගේ ගනුදෙනුකරුවන්ට තමන්ගේ නිවසේ සිටම ආරක්ෂිතව මෙන්ම පහසුවෙන් රක්ෂණ පහසුකම් වෙනුවෙන් වන ගනුදෙනු සඳහා මෙම නවතම ජංගම යෙදුම දියත් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටුයි. මම යෙදුම හරහා ගනුදෙනු කිරීම තූලින් වේගවත්,පහසු හා සරල සේවා අත්දැකීමක් ලබා ගත හැකියි. එසේම එමඟින් ඔවුන්ට සුරක්ෂිත අනාගතයක් මෙන්ම ඒ සඳහා ශක්තියක් හා විශ්වාසයක් ලබා දෙන බැවින් ‘My Allianz App’ භාවිත කරමින් මේ නවතම සේවාව අත් විඳින ලෙස අපගේ සියලුම ගනුදෙනුකරුවන්ගේ මේ මොහොතේ ඉල්ලා සිටිනවා.” යනුවෙනි.