MullenLowe සමූහයේ ජයග්‍රාහී ඉදිරි ගමන වෙනුවෙන් MullenLowe තව දුරටත් ශක්තිමත් වෙයි

MullenLowe ශ්‍රී ලංකා සමූහයේ LoweLintas හි සහකාර උප සභාපති හා ව්‍යාපාර අධ්‍යක්ෂ ෂෝන් පොම්පියස් මහතා (වමේ) සහ MullenLowe ශ්‍රී ලංකා සමූහයේ LoweLintas හි නිර්මාණ අධ්‍යක්ෂ ජූඩ් ජයප්‍රකාශ් මහතා (දකුණේ)

2021 ජූලි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි LoweLintas හි සහකාර උප සභාපති හා ව්‍යාපාර අධ්‍යක්ෂ ලෙස ෂෝන් පොම්පියස් මහතා සහ නිර්මාණ අධ්‍යක්ෂ ලෙස ජූඩ් ජයප්‍රකාශ් මහතා පත් කළ බව MullenLowe ශ්‍රී ලංකා සමූහය පසුගියදා නිවේදනය කරන ලදී.

MullenLowe ශ්‍රී ලංකා සමූහය දැන්වීම්කරණ ක්ෂේත්‍රය තුළ සුවිසල් බලවේගයක් බවට පත් කිරීම වෙනුවෙන් ෂෝන් සහ ජූඩ් විසින් ලබා දෙනුයේ අනුපමේය දායකත්වයකි. ඒ අතර ඔවුන් වෙත හිමි වූ නවතම භූමිකාව තුළ LoweLintas හි ව්‍යාපාර ප්‍රධානියා ලෙස ෂෝන් සමස්ත මෙහෙයුම් සඳහා වගකීම් දරනු ඇති අතර ජූඩ් වෙත පැවරී ඇත්තේ සමාගමේ සමස්ත නිර්මාණාත්මක කාර්ය භාරය තව දුරටත් වැඩි දියුණු කරමින් ඉදිරියට පවත්වාගෙන යාමයි. දත්ත හා විශ්ලේෂණයන් පදනම් කර ගනිමින් සිය සේවා දායකයින්ගේ අනාගතය උදෙසා කඩිනම් විසඳුම් හිමි කරදෙන ආයතනයක් බවට පත්වීම LoweLintas හි අරමුණයි.

පාස්කු ඉරු දින අවාසනාවන්ත සිදුවීමෙන් පසු වෙළෙඳපොල කෙමෙන් යථා තත්වයට පත් වෙමින් තිබියදී MullenLowe හි අභියෝගාත්මක හැකියාවන් ප්‍රකට කරමින් 2019 නොවැම්බර් 30 වන දින LoweLintas ආයතනය ආරම්භ කරනු ලැබුවේ එහි ස්වාධීන මෙහෙයුමක් ලෙසිනි. එතැන් සිට සැළකිය යුතු ගනුදෙනුකරුවන් පිරිසක් දිනා ගෙන ඇති LoweLintas විවිධ හැකියාවන්ගෙන් යුත් සුවිශේෂී කණ්ඩායමක් හරහා ඔවුන් වෙත කඩිනම් විසඳුම් ඉතා ලාභදායී ආකාරයකින් ලබා දෙමින් ශක්තිමත්ව වර්ධනයක් අත්පත් කරගනු ලැබීය.

විශේෂයෙන් LoweLintas ආරම්භයේ සිට මේ වන තෙක් අත්පත් කරගෙන ඇති සාර්ථක ප්‍රතිඵල හේතුවෙන් එය තව දුරටත් ඉදිරියට ගෙන යාම සඳහා නායකත්ව සාමාජිකයන් පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. පවතින ගෝලීය වසංගතය හමුවේ ව්‍යාපාර හා මානව ප්‍රාග්ධනය යන අංශ දෙකෙහිම ආයෝජනය කිරීමට සමූහයේ අඛණ්ඩ උපාය මාර්ගික ප්‍රයත්නයෙහි කොටසක් ලෙස මෙම පත් කිරීම් සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්දියාවේ මුම්බායි හි කලාප කාර්යාලයීය MullenLowe Lintas සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිළධාරී විරාට් ටැන්ඩොන් මහතා “ගෝලීයව මෙන්ම දේශීයවද පවතින තත්වයන් මත ශ්‍රී ලංකාව මුහුණ දී ඇති පසුබෑම නොසළකා වෙළෙඳපොළ තුළ අප සතු ඔරොත්තු දීමේ හා ඒ වෙනුවෙන් සටන් කිරීමේ සුවිසල් හැකියාව යළි නැගී සිටීම වෙනුවෙන් අපව දිරිමත් කරනවා. අවාසනාවන්ත පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු LoweLintas කාර්යාලය පිහිටුවීමට වෙළෙඳපොල තුළ අප තබා ඇති විශ්වාසය හේතු වූ බව සඳහන් කළ හැකියි. ස්වාධීන ආයතනයක් ලෙස පසුගිය මාස 20ක පමණ කාලය තුළ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ නාම රැසක් තමන් සතුකර ගැනීමට LoweLintas සමත් වුණා.

එහි ඉදිරි ගමන තව තවත් ශක්තිමත් හා වේගවත් කිරීම සඳහා අපට සහාය විය හැකි මාර්ග හඳුනා ගැනීම වෙනුවෙන් කලාපීය නායකත්ව කණ්ඩායම සමඟ අපි සමීපව කටයුතු කරනවා. අපගේ අත්දැකීම් සපිරි කණ්ඩායම් සාමාජිකයන් දෙදෙනෙකු වන ෂෝන් සහ ජූඩ් LoweLintas සඳහා පත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා වන අපගේ කැපවීම තව දුරටත් අවධාරණය කරන බව සඳහන් කළ හැකියි. ඒ වගේම වර්ධනීය ගමනේ මීළඟ අදියර වෙනුවෙන් සූදානම් වන LoweLintas වෙත තව දුරටත් ආයෝජන සහ සම්පත් ලබා දීමට අපි කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් පැවසීය.

2015 වසරේදී ව්‍යාපාර අධ්‍යක්ෂවරකු ලෙස MullenLowe ශ්‍රී ලංකා සමූහය (එවකට Lowe LDB) සමඟ එක් වූ ෂෝන් 2016 වසරේදී සේවාලාභී සේවා අධ්‍යක්ෂ (Client Service Director) ලෙස පත් විය. 2018 වසරේදී එහි සහකාර උප සභාපති සහ සේවාලාභී සේවා අධ්‍යක්ෂ ලෙස උසස් වීමක් ලද ඔහු දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ආයතනික හැකියාවන් තව දුරටත් නගා සිටුවීමට සුවිසල් දායකත්වයක් දැක්වීය. එසේම Cannes Young Lions, Adfest Young Lotus සහ Young Spikes ඇතුළු දැන්වීම්කරණ ක්ෂේත්‍රයට අදාළ ප්‍රමුඛ වැඩසටහන් රැසක සවිධායක කමිටු සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇති ෂෝන් Cannes Lions Young Marketer හි ශ්‍රී ලංකා තරඟාවලියේ ව්‍යාපෘති නායකයා ලෙස මෙන්ම ජූරියේ සාමාජිකයකු ලෙසද කටයුතු කරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ පිටපත් රචකයකු ලෙස 2011 වසරේදී MullenLowe ශ්‍රී ලංකා සමූහය සමඟ එක් වූ ජූඩ් 2015 වසරේදී එහි නිර්මාණාත්මක කණ්ඩායමේ ප්‍රධානියා ලෙසද 2018 වසරේදී සහකාර නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙසද උසස්වීම් ලැබීය.

දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ වසර 40ක පමණ අත්දැකීම් සපිරි ෂෝන් සහ ජූඩ් බැංකු හා මූල්‍ය, රක්ෂණ, විදුලි සංදේශ, සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන, ආහාර හා පාන, විලාසිතා හා ව්‍යාපාර, නිශ්චල දේපොළ, අධ්‍යාපන, මෝටර් රථ හා හෝටල් යනාදී විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ ඔවුන් සතු අත්දැකීම් තුළින් ඉහළ LoweLintas සාර්ථකත්වයක් වෙත ගෙන යනු ඇත.

1993 වසරේදී LDB Lintas ලෙස ආරම්භ කර පසුව Lowe LDB ලෙස හඳුන්වනු ලැබූ දැන්වීම්කරණ ආයතනය ඉතා ඉහළ නිර්මාණාත්මක පරම්පරාවකට උරුමකම් කියන්නකි. 2015 වසරේදී එක්සත් ජනපදය පදනම් කරගත් Mullen සමූහය සමඟ ඒකාබද්ධ කිරීමේ ප්‍රතිපලයක් ලෙස එය MullenLowe ලෙස හඳුන්වනු ලැබීය.

ඵලදායීතාව පිළිබඳ ලෝ ප්‍රකට MullenLowe සමූහය යනු නිර්මාණාත්මව මෙහෙයවනු ලබන ඒකාබද්ධ අලෙවිකරණ සන්නිවේදන ජාලයක් වන අතර එය සන්නාම උපදේශනය, සන්නිවේදන සැළසුම්කරණය සහ මුල සිට අග දක්වා දැන්වීම්කරණයේ සිට ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වය, ඩිජිටල් හා මහජන සම්බන්ධතා දක්වා සමාජ අරමුණු සංවර්ධනය, සන්නාම වෘත්තාන්ත, චින්තන නායකත්වය, බලපෑම් සම්බන්ධතා සහ ආයතනික වෙනස්කම් සිදු කරනු ලබයි.

MullenLowe ව්‍යාපාරයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගෝලීය FMCG දැවැන්තයා වන යුනිලිවර් වෙතින් පැමිණෙන අතර ඊට අමතරව කාබනීකෘත සිසිල්බීම, බැංකු හා මූල්‍ය, රක්ෂණ, බිස්කට්, කිරි ආහාර, සනීපාරක්ෂක තුවා, ආහාර, ෆින්ටෙක්, පුද්ගල හා රූපලාවන්‍ය නිෂ්පාදන, ජංගම සන්නිවේදන, දත්ත හා පාරිභෝගික විදුලි උපකරණ යනාදී බොහෝ රටවල ප්‍රමුඛතම වෙළෙඳනාම රැසක් සමගද කටයුතු කරනු ලබයි. ක්ෂේත්‍රය පිළිබඳ සුවිසල් දැනුමකින් යුත් සමාගම ඒ හරහා වඩාත් ඵලදායී කාර්යයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි.

ඒ මඟින් බහුලව ප්‍රචාරය කරන ලද ඉහළම කාණ්ඩ 10 අතර 80%ක් සහ ඉහළින්ම ප්‍රචාරය කරන ලද කාණ්ඩ 20 න් 50%ක ප්‍රමාණයක් වෙළෙඳපොල තුළ අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින අතර ඒ නිසාම ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රබල සන්නාම සන්නිවේදන සමාගම ලෙසද එය පත්ව ඇත.

Lintas යනු දැන්වීම්කරණ ක්ෂේත්‍රය තුළ වසර 120 ක පමණ කාලයක් තිස්සේ මෙහෙයුම් කටයුතු සිදු කරන ගෝලීය නිර්මාණ ආයතනයකි. එය 2000 වසරේ සිට Lowe Worldwide නමින් ක්‍රියාත්මක කරන ලදී. 2015 වසරේදී එක්සත් ජනපදය පදනම් කරගත් Mullen සමූහය සමඟ ඒකාබද්ධ කිරීමේ ප්‍රතිපලයක් ලෙස එය MullenLowe ලෙස හඳුන්වනු ලැබීය.