2021 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙල සදහා ඉදිරිපත්වූ මෘදුකාංග සහ යෙදවුම් ප්‍රමාණය වාර්තාගත වැඩිවීමක් පෙන්වයි

ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙල සදහා ඉතිහාසයේ වැඩිම මෘදුකාංග සහ යෙදවුම් නිර්මාණ ප්‍රමාණයක් මෙවර ලැබී ඇති බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ප්‍රකාශ කරයි. එම නිර්මාණ ඉල්ලුම්පත් සංඛාව (325)තුන්සිය විසිපහකි.

රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ්‍ය, අන්තර්ග්‍රහනය හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය, යොවුන් කාණ්ඩය යන මුලික තරග කාණ්ඩ යටතේ ඉදිරිපත්වන මෘදුකාංග සහ යෙදවුම් නිර්මාණ සදහා මෙම සම්මාන පිරිනැමේ. මෙවර වැඩිම ඉල්ලුම්පත් සංඛාවක් ඉදිරිපත්ව ඇත්තේ ව්‍යාපාර හා වාණිජ්‍ය අංශයටයි. එය (99)අනුනනමයකි.

ඉගෙනුම හා අධ්‍යාපනය සදහා 58 පනස් අටකි. සෞඛ්‍ය හා සුභසාධනය සදහා 44 හතලිස් හතරකි. රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය සදහා 38 තිස් අටකි. යොවුන් අංශය යටතේ ද නිර්මාණ ඉල්ලුම්පත් 10 දහයක් ලැබි තිබේ.

මෙම කොවිඩ් වසංගත තත්වයන් හමුවේ රට වසාදමිමේ කාලය වඩාත් පලදායි ලෙස යොදාගැනීමට තරුණ තාක්ෂණ ශිල්පින් කටයුතුකර තිබෙන බවට මෙය හොදම සාධකයක්බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂද සේනානායක මහතා පෙන්වාදෙයි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවෙදන තාක්ෂණ නියෝජිතායතනය වාර්ෂීකව සංවිධානය කරන “ඉ- ස්වාභිමානි සම්මාන‘ මගින් සමාජය වඩාත් අන්තර්ග්‍රහණය කිරීම, කාර්යක්ෂම කිරීම, නව සේවාවන් සැපයීම, හා පුරවැසියන් සවිබල ගැන්වීමට උපකාරී වන පුර්වගාමි අදහස් සහ නව්‍ය දේශීය ඩිජිටල් විසඳුම් සහ අධි තාක්‍ෂණික යෙදුම් හඳුනාගෙන සම්මානයට ලක්කෙරෙන බව සේනානායක මහතා පෙන්වාදෙයි.

මෙම ජාතික සම්මාන උළෙලේ දී සම්මාන ප්‍රදානයට පාත්‍ර වන මෘදුකාංග සහ යෙදවුම් නිර්මාණ ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය සදහා ද ඉදිරිපකෙරේ.එක්සත් ජාතීන්ගේ තොරතුරු සමුළුව සදහා වූ ලෝක සමුළුවේ (WSIS) ගෝලීය මුලපිරීමක් වන ලෝක සමුළු සම්මාන උළෙලේ (WSA) සදහා ශ්‍රීලංකාව නියෝජනයකරමින් පසුගිය වසරේ ඉදිරිපත් කල තාක්ෂණික නව නිපැයුම් හතෙන් (07) පහක්ම අවසන් වටය සදහා තෝරාගැනින. ඒ අතරින් “රාජ්‍යය හා පුරවැසි සහබාගිත්ව” (Government & Citizen Engagement )අංශයෙන් ඉදිරිපත්කල “පතල් හා ඛනිජ නිෂ්පාදන අධීක්ෂණ විසඳුම” 2020 ලෝක සමුළු සම්මාන උළෙලේ දී සම්මාන යට ලක්විය.

මෙවර නිර්මාණ කරුවන් තේරීම කටයුතු විශේෂ ජුරි සභාවක සහබාගිත්වයෙන් ලබන සතියේ ආරම්බ කෙරෙනබව සංවිධායක කමිටුව ප්‍රකාශ කරයි.