T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2021 කුසලාන විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කොට ඇත.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙන අතර උපනායකත්වයේ වගකීම පැවරී ඇත්තේ ධනංජය ද සිල්වාටය.

ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ.

01. දසුන් ශානක – නායක
02. ධනංජය ද සිල්වා – උප නායක
03. කුසල් ජනිත් පෙරේරා
04. දිනේෂ් චන්දිමාල්
05. අවිශ්ක ප්‍රනාන්දු
06. භානුක රාජපක්ෂ
07. චරිත් අසලංක
08. වනිඳු හසරංග
09. කමිදු මෙන්ඩිස්
10. චාමික කරුණාරත්න
11. නුවන් ප්‍රදීප්
12. දුෂ්මන්ත චමීර
13. ප්‍රවීන් ජයවික්‍රම
14. ළහිරු මධූසංඛ
15. මහීෂ් තීක්ෂණ

අතිරේක ක්‍රීඩකයින් පහතින් දැක්වේ.

01. ළහිරු කුමාර
02. බිනුර ප්‍රනාන්දු 
03. අකිල ධනංජය
04. පුළින තරංග