ඩීමෝ වෙතින් දේශීය කිරි කර්මාන්තය නගාසිටුවීමට වීරා හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ වසර ගණනාවක් සිට දේශීය කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කර ඇත. විශේෂයෙන්ම දේශීය ගොවීන්ට සිය ආදායම් මාර්ග වර්ධනය කරගත හැකි වන අයුරින් ඔවුන්ගේ විවිධ කාර්යයන් ආශ්‍රිත ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම සඳහා වූ නිෂ්පාදන හා සේවා හඳුන්වා දීම කෙරෙහි ඩීමෝ ඉහළ අවධානයක් යොමු කරමින් සිටීයි.


මෙම ගමන් මගෙහි තවත් එක් සාර්ථක අදියරක් පසු කරමින් ඩීමෝ හි අනුබද්ධිත සමාගමක් වූ ප්ලාන්ට්සීඩ්ස් සමාගම කිරි ගවයින්ගේ ආහාරය සඳහා සුදුසු බඩඉරිඟු ප්‍රභේදයක් වන “වීරා” හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. ගුණාත්මක බවෙන් ඉහළ සත්ව ආහාර සඳහා වෙළඳපොල ඉල්ලුමක් තිබුනද එහි හිඟතාවයක් පවතී. නවතම “වීරා” හඳුන්වා දී ඇත්තේ මෙම ගැටලුවට පිළියමක් වශයෙන් ය. කිරි ගවයින්ගේ කිරි නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය පෝෂණීය ශාකයක් ලෙස “වීරා”හදුන්වා දිය හැක.


ප්ලාන්ට්සීඩ්ස් යනු දේශීය වෙළෙඳ පොළ වෙත දෙමුහුම් බීජ සපයන්නෙකි. තවද කොමඩු දෙමුහුම් බීජ කාණ්ඩයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා සහ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වී බීජ සැපයුම්කරුවා වෙයි.


විශේෂයෙන්ම කිරි ගවයින් සඳහා ඉහළ පෝෂ්‍ය පද්‍යාර්ථ සහිත ආහාර වේලක් ඉතා වැදගත්ය. ආර්ථිකමය වශයෙන් වාසි සහගත වූ “වීරා” බඩ ඉරිගු ශාකය තුලින් පෝෂණීය ආහාර වේලක් කිරි ගවයින්ට ලබා දීමට ගොවීන්ට මෙමගින් හැකියාව ලැබෙන අතරම “වීරා” හරහා කිරි ගොවීන්ට ඉහළ කිරි නිෂ්පාදන ධාරිතාවයක් ලබා ගැනීමටද හැකියාවක් පවතී.


ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා දේශීය කිරි කර්මාන්තයට ඉහළ දායකත්වයක් ලබා දිය හැකිය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව රටේ වර්තමාන වාර්ෂික එළකිරි නිෂ්පාදනය 2015 වසරේ සිට ලීටර මිලියන 400 ක් දක්වා වර්ධනය වී ඇත.”අපි හිතනවා කර්මාන්තයක් විදිහට සංවර්ධනය වීමට නම් කිරි ගවයින්ගේ පෝෂණය පිළිබඳ ඉහළ අවධානයක් යොමු කළ යුතු බව.මෙම අවශ්‍යතා හඳුනා ගනිමින් ඩීමෝ ප්ලාන්ට්සීඩ්ස් විසින් දේශීය වෙළෙඳ පොළ වෙත “වීරා” හඳුන්වා දීමට ක්‍රියා කළා” ඩීමෝ ඇග්‍රි බිස්නසස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියංග දෙමටාව මහතා පවසයි.


ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් ඉලක්ක කරගනිමින් හදුන්වා දුන් “වීරා” ඉතාමත් පහසුවෙන් වගා කළ හැකි අතර ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන ශාකයක් වන නිසාත් මහා පරිමාණයෙන් පමණක් නොව කුඩා පරිමාණ ගොවීන්ට ද තමන්ගේ ඉඩම් තුළම “වීරා” වගා කල හැකිය.


මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ ප්ලාන්ට්සීඩ්ස් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හේමාල් අතපත්තු මහතා මෙලෙස පවසයි. “දේශීය කිරි කර්මාන්තය හා බැඳුණු ව්‍යවසායකයන්ගේ වර්ධනයක් අපට දක්නට ලැබෙනවා.මෙම ප්‍රභේදයේ මුළු ශාකයම කිරි ගවයින් ගේ ආහාර සදහා යොදා ගන්නා අතරම මෙම ශාකය ඕනෑම කාලගුණ තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව පවතිනවා.එමෙන්ම ව්‍යාපාර පුළුල් කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයන් සදහාද “වීරා” විශිෂ්ට ප්‍රවේශයක් අත්කර දෙයි. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් හා එක් වෙමින් “වීරා” තුළින් වඩාත් ඵලදායි කර්මාන්තයක් ගොඩ නංවන ආකාරය පිළිබඳ දැනුම බෙදා හදා ගැනීමට සහ උපදේශනය ලබා දීමට ප්ලාන්ට්සීඩ්ස් ඉදිරියේ දී ක්‍රියා කරනු ඇත.”


ශ්‍රී ලංකාවේ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් කිරි ගවයින්ට අනුමත කර ඇති එකම ඉරිඟු බීජ ප්‍රභේදය ලෙස “වීරා” හදුන්වා දිය හැකිය.