චරණ ටීවී YouTube Creator සම්මානය හිමිකර ගනියි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි චරණ ටීවී නාලිකාව, Silver YouTube Creator සම්මානය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. YouTube නරඹන්නන් අතර විශාල වශයෙන් ජනප්‍රිය වීම සහ සුවිශේෂී වැඩසටහන් විකාශය කිරීම යන හේතුසාධක නිසා චරණ ටීවී වෙත මෙම සම්මානය හිමි වී තිබේ.


ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය වෙත මෙබඳු සම්මානයක් හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ වනවිට චරණ ටීවී YouTube නාලිකාවේ ග්‍රාහකයන් සංඛ්‍යාව 100,000 ඉක්මවා ඇති අතර, එහි ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ යමින් පවතී. මූලික වශයෙන් SLT-MOBITEL PEOTV සහ PEOTVGO ඔස්සේ නැරඹිය හැකි චරණ ටීවී, එහි ආරම්භයේ සිට ඉතා කෙටි කාලයක් ඇතුළත වැඩිම දෙනෙකු නරඹන නාලිකාවක් බවට පත් විය.


Silver play button ලෙසද හැඳින්වෙන මෙම YouTube Creator සම්මානය, YouTube හි වඩාත්ම ජනප්‍රිය නාලිකා ඇගයීමට ලක්කරන ක්‍රමවේදයකි. ඒවායෙහි ජයග්‍රාහකයන් තීරණය කිරීමේ අයිතිය මුළුමනින්ම YouTube සතු වන අතර, සම්මාන පිරිනැමීමට පෙර අදාළ නාලිකාවන් YouTube හි ප්‍රජා මාර්ගෝපදේශ මාලාව නිවැරදිව අනුගමනය කරන බව තහවුරු කරගැනීම සඳහා පරීක්ෂාවක්ද සිදුකෙරේ.


තම නාලිකාවට ඇතුළත් කරන වැඩසටහන් වල ප්‍රමිතිය නොවෙනස්ව පවත්වා ගන්නා අතරම ග්‍රාහකයන් 100,000 සීමාව පසුකිරීමට සමත් වන YouTube නාලිකා සඳහා Silver Play Button පිරිනැමේ. ආරම්භයේ සිට මේ දක්වා නිර්මාණශීලී සංකල්ප ඔස්සේ නැවුම් ආකාරයේ වැඩසටහන් රාශියක් ඉදිරිපත් කරමින්, රට පුරා ප්‍රේක්ෂකයන් විශාල සංඛ්‍යාවකගේ අවධානය දිනා ගැනීමට චරණ ටීවී සමත් වී ඇත.


“මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ Silver YouTube Creator සම්මානය දිනාගත් ප්‍රථම සමාගම බවට පත්වීමට හැකිවීම අප ලද විශාල ගෞරවයක්. නිර්මාණශීලී ලෙස ප්‍රේක්ෂකයන්ට දැනුම හා විනෝදය ලබාදෙන වැඩසටහන් අපගේ නාලිකාව ඔස්සේ විකාශය කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. ආරම්භයේ සිටම අප සමග රැඳී සිටිමින් අපගේ ඉදිරි ගමනට ශක්තියක් වූ සියලුම දෙනාට අපගේ ස්තූතිය හිමිවිය යුතුයි,” SLT VisionCom (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනෙවිරත්න මහතා පැවසී ය.


චරණ ටීවී යනු ශ්‍රී ලංකාවේ බහුවිධ හා සරුසාර වූ සංස්කෘතික මූලයන් ගවේෂණය කිරීම අරමුණු කරගත් දේශීය රූපවාහිනී නාලිකාවකි. රටේ විවිධත්වයට ගරු කරමින් ජනතාවගේ සෞන්දර්යාත්මක අවශ්‍යතාවන් සපුරාලීම එහි මෙහෙවර වී තිබේ.


SLTMOBITEL- PEOTV සහ PEOTVGO නාලිකා අංක 05 සහ Ask Cable Vision නාලිකා අංක 15 ඔස්සේ චරණ ටීවී නැරඹිය හැකි අතර, YouTube සහ අනෙකුත් ඩිජිටල් අවකාශ ඔස්සේ දිවයින පුරා තවත් විශාල ප්‍රේක්ෂක පිරිසක් එය නරඹති.