Tuesday, November 10, 2026

සිරකරුවන්ගේ අධිකරණ කටයුතු හා අමුත්තන් හමුවීමට ඩිජිටල් පහසුකම් සපයයි

බන්ධනාගාර රැදවියන් හා සිරකරුවන් මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂනය ඔස්සේ අධිකරණ කටයුතු සදහා ඉදිරිපත්කිරිමත් අමුත්තන් මුණගැසීම ඇතුළු සේවාරැසක් සදහා ඩිජිටල් තාක්ෂනය යොදාගැනීමේ වැඩසටහනක් ආරම්බ්ම්කිරීමට පියවර ගැනේ. බන්ධනාගාරගත රැදවියන්ගේ හා සිරකරුවන්ගේ ආරක්ෂාව, නීතිවිරෝධී ද්‍රව්‍ය හුවමාරුව නතරකිරිම මෙන්ම වසංගත තත්ත්ව පාලනය පහසුකරලීම මෙහි අපේක්ෂාවයි.

බන්ධනාගාර තුළ ඇති අධික තදබදයත් සිරකරුවන් අධිකරණ කටයුතු සදහා බැහැරයාමත් නිසා වසංගත තත්ත්ව පාලනයට බාදාවක් විතිබේ .එමෙන්ම සිරකරුවන් උසාවිවෙත ගෙනයාමේදී පැනයාමට උත්සාහ දැරීම මෙන්ම ඔවුන් ඝාතනවලට ඉලක්කවිමත් සිරකරුවන් බැලීමට එන අමුතන් මගින් නීතිවිරෝධී ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ඇතුළුවීමත් බරපතල ගැටළුවක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂනය තුළින් ගරු විනිශ්චයකාරවරුන්ට සිරකරුවන්ගේ තත්වය පරික්ෂා කිරීමට හැකිවන අතර අධිකරණ වෙත රැගෙනයාම පාලනය වේ. එමෙන්ම අමුත්තන් මුණගැසීමට හා නීතිඥඋපදෙස් ලබාගැනීමට මෙම තාක්ෂනය මගින්ම හැකිවීමෙන් බාහිර පාර්ශව බන්ධනාගාවෙත පැමිණීමද පාලනය වේ. බස්නාහිර පළාත් අධිකරණ 10 බන්ධනාගාර 4 ක මෙම පහසුකම් පළමු පියවර ලෙස සැපයේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේසදහා තාක්ෂණ පහසුකම් හා උපදෙශ් ලබාදෙන අතර අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාවට නගනු ලබයි. මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම සදහා වූ අවබෝදතා ගිවිසුම අත්සන් කිරීම අධිකරණ අමාත්‍යංශය ,බන්ධාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා තොරතුරුන් හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අතර අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී (06ද ) සිදු කෙරිණ

අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී. කේ. මායාදුන්න, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂද සේනානායක, ප්‍රධාන ඩිජිටල් නිලධාරි කාංචන තුඩුගල, රේඛීය ව්‍යාපාර අධ්‍යක්ෂ අමිල කුලරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච් .එම් .ටි .එන්. උපුල්දෙනිය, ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්තාවට සහභාගි වූහ.