සන්ලයිට්, ‘Best Ever වසරක් ’ වෙනුවෙන් ‘Best Ever සන්ලයිට් ’ හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකේය පාරිභෝගික සිත් සතන්හි වඩාත් ප්‍රියකරන සන්නාමයක් වන සන්ලයිට් 2022 ‘Best Ever වසරක ’ ඇරඹුම සනිටුහන් කරමින් ‘Best Ever සන්ලයිට් ’ දියත් කරන ලදී. ඒ සිය සන්නාමය යටතේ පාරිභෝගිකයා වඩාත් ප්‍රිය කරන රෝස, සකුරා, පිච්ච හා දෙහි සුවඳින් යුත් ‘Best Ever සන්ලයිට් ’ ඩිටර්ජන්ට් නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරමිනි. ‘Best Ever සන්ලයිට් ’ නිෂ්පාදනයන් තුළ අන්තර්ගත Double Perfume Lock හේතුවෙන් ඇඳුම්වලට දිගුකල් පවත්නා සුවඳවත් බවත් එක් කිරීමට සමත්ව ඇති අතර රෙදි සේදුම් කුඩු මිලදී ගන්නා පාරිභෝගිකයන් නිරන්තරයෙන් අවධානය යොමු කරන සුවිශේෂී සාධකයක් ලෙසද මෙම සුවඳවත් බව පෙන්වා දිය හැකිය.

උද්යෝගීමත් නව වසරක් ආරම්භ කරමින් සන්ලයිට් කණ්ඩායම හා යුනිලිවර් ආයතනය එක්ව 2022 වසර රටට හා ජනතාවට ‘Best Ever වසරක් ’ වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී. ඒ වෙනුවෙන් නව වසරේ පළමු දින සහ ජනවාරි 3 වන දින දිවයිනේ සතර දෙස ආවරණය වන පරිදි ප්‍රධාන ආගමික සිද්ධස්ථාන කිහිපයකදී ආගමික වතාවත් සිදු කරනු ලැබීය. එහිදී ශ්‍රී දළදා මාලිගාව, තේවත්ත ජාතික බැසිලිකාව, ශ්‍රී වෙන්කටේෂ්වර මහා විෂ්ණු කෝවිල හා ෂෙයික් උස්මාන් මස්ජිඩ් දේවස්ථානයේදී සර්ව ආගමික ආශිර්වාද වැඩසටහන් පවත්වනු ලැබුවේ සියලු ශ්‍රී ලාංකිකයින් අතර වන සවිමත් බැඳීම තව තවත් වර්ධනය කිරීම සඳහා වන සන්ලයිට් දායකත්වය හිමිකර දෙමිනි.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ Home Care, Water, Foods & Refreshments අලෙවිකරණ අධ්‍යක්ෂිකා ෂර්මිලා බණ්ඩාර මහත්මිය සඳහන් කර සිටියේ “නව වසර උදාවත් සමඟ අපි සෑම නිවසකටම දිනපතා පහසු හා වැඩි දියුණු කළ සේදුම් අත්දැකීමක් එක් කිරීම වෙනුවෙන් අපගේ ‘Best Ever සන්ලයිට් ’ නවතම ඩිටර්ජන්ට් නිෂ්පාදන පෙළ හඳුන්වා දීමට කටයුතු කළා. විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම්වලින් ඔබ්බට ගිය සමාජ මෙහෙවරක නිරත කීර්තිමත් සන්නාමයක් ලෙස සන්ලයිට්හි අරමුණ වන ‘බැඳීම් ශක්තිමත් කිරීම ’ තුළින් එකම ජාතියක් ලෙස එක්ව ජීවත් වීම සඳහා රටටත් සියලු ජාති ආගම් නියෝජනය කරන එහි වෙසෙන ජනතාවටත් 2022 වසර ‘Best Ever වසරක් ’ වේවායි අපගේ ප්‍රාර්ථනාවන් එක් කර සිටිනවා.” යනුවෙනි.

මීට වසර 135කට පෙර මෙරටට හඳුන්වා දුන් සන්ලයිට් ශ්‍රී ලාංකේය වටිනාකම් හා සංස්කෘතික උරුමයන් පිළිබඳ මනාව අවබෝධ කර ගනිමින් රට පුරා සියලු පාරිභෝගිකයින්ගේ නොමඳ විශ්වාසය හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ රෙදි සේදුම් නිෂ්පාදන වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත් වෙමිනි. සියලු ශ්‍රී ලාංකිකයන් අතර බැඳීම් තව තවත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව මනාව හඳුනාගෙන ඇති සන්ලයිට් ඒ තුළින් සවිමත් බැඳීමක වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබඳ පණිවිඩය වසර ගණනාවක් තිස්සේ රට පුරා ගෙන යාමට කටයුතු කර ඇත්තේ සියලු ප්‍රජාවන්ගේ සිත් සතන් තුළ විශ්වසනීය සන්නාමයක් පවට පත් වෙමිනි.