ක්ෂුද්‍ර‍පෝෂක සහ ඔමේගා 3 හා 6 අත්‍යාවශ්‍ය මේද වලින් අනූන නව ඇස්ට්‍රා ඇක්ටිව්

දරුවන් ‘නිරෝගීව සහ සතුටින් වැඩීමට’ උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ සහ විශිෂ්ටතම රසයකින් යුක්තව 1965 වසරේදී ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා හඳුන්වාදෙන ලදී. ලොව රටවල් 95ක් පුරා සිය නියෝජනය පවත්වාගෙන යන, ශාකමත පදනම් ආහාර නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන Upfield ඇස්ට්‍රා වෙළද නාමයේ වත්මන් හිමිකාරිත්වය දරයි. අපගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද හිතකර ලෙස ශාක මත පදනම් වූ ඉහළ රසවත් බවකින් යුත් නිෂ්පාදන සමගින්, ශ්‍රී ලාංකික පවුල් නිරෝගීව සහ සතුටින් තැබීමේ අරමුණ පෙරදැරි කරගෙන කටයුතු කරන සමාගමක් වශයෙන්, සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ ගැටලු හඳුනාගනිමින් ඊට නිසි පිළිතුරක් ලබාදීමට Upfield නිරන්තරයෙන්ම උත්සාහ ගනී.

ඇස්ට්‍රා මේද තැවරුම (Fat Spread), ඇස්ට්‍රා මයෝනිස් සහ ඇස්ට්‍රා කුකින් පැක් යනු ඇස්ට්‍රා දැනට වෙළදටපාළට නිකුත් කරන නිෂ්පාදන වේ. ඇස්ට්‍රා සමාගම, දරුවන්ගේ සෞඛ්‍යය යහ පැවැත්ම කෙරෙහි සහ යහ පැවැත්ම සිය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින්, ඇස්ට්‍රා ඇක්ටිව් මේද තැවරුම වෙළදපොළට හඳුන්වාදී තිබේ. ප්‍ර‍තිශක්තියේ නිසි ක්‍රියාකාරිත්වයට උපකාරී වන විටමින් වර්ග වන A, D, B6, B9 සහ B12 මෙන්ම සූරියකාන්ත සහ කැනෝලා යන ස්වභාවික මූලාශ්‍ර‍යන්ගේ සාරයෙන් ලබාගන්නා, දරුවන්ගේ වර්ධනයට හා සංවර්ධනයට අවශ්‍ය ඔමේගා 3 සහ 6 යන පෝෂක කොටස්වලින් ඇස්ට්‍රා ඇක්ටිව් පරිපූර්ණ වේ.

ශාක මත පදනම් වූ නිෂ්පාදයක් වශයෙන් ඇස්ට්‍රා ඇක්ටිව් අහිතකර ට්‍රාන්ස් මේද (trans fats) වලින් තොර වන අතර එහි ආවේණික කොලස්ටරෝල් කිසිවක් ද නොමැත. එසේම කිසිදු කෘතිම වර්ණක හෝ රසකාරකයක් අන්තර්ගත නොවේ. ඇස්ට්‍රා ඇක්ටිව් යනු මෘදු මේද තැවරුමකි. එබැවින් ශීතකරණයෙන් පිටතට ගත් වහාම එය තැවරිය හැකිය. උදෑසන නිවසේ ඇති කලබලකාරීබව අතරේ කඩිනමින් ආහාර පිළියෙල කර දී දරුවන්ට සතුටින් පාසල වෙත පිටත් කර හැරීමට මෙය කදිම විසදුමක් වන බැවින් වර්තමානයේ කාර්යබහුල ජීවන රටාවට මෙය හොඳින්ම ගැලපෙන නිෂ්පාදනයකි.

ශ්‍රී ලාංකික දරුවන්ගේ ප්‍රියතම තේරීම ලෙසින් වන සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින් පෙබරවාරි 1 වැනිදා Upfield Sri Lanka සමාගම ඇස්ට්‍රා ඇක්ටිව් හඳුන්වාදීමේ වැඩසටහන පවත්වන ලදී. ඒ සදහා කාලෝචිත සමූහ සාකච්ඡාවක් පැවති අතර ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ළමාරෝග විශේෂඥ සහ නවජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය R.M. සුරන්ත පෙරේරා, ලියාපදිංචි පෝෂණවේදී, Dietplan LK ආයතනයේ පෝෂණවේදී, ජාතික පාපන්දු සංචිතයේ හිටපු පෝෂණවේදිනී, නිලේෂා දහනායක, සංගීතවේදිනියක්, කලා ශිල්පිණියක් සහ මවක් වන නදිනි ප්‍රේමදාස සහ Upfield Lanka සමාගමේ ජාත්‍යන්තර අළෙවි කළමනාකාරිනී [AMEA (Asia Middle East Africa) & ANZ කලාප සදහා BlueBand] ශෙහානි ලියනගේ යන යන මහත්ම මහත්මීහු එම සාකච්ඡාවට එක් වූහ.

ලියාපදිංචි පෝෂණවේදී, Dietplan LK ආයතනයේ පෝෂණවේදී, ජාතික පාපන්දු සංචිතයේ හිටපු පෝෂණවේදිනී, නිලේෂා දහනායක; ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ළමාරෝග විශේෂඥ සහ නවජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය R.M. සුරන්ත පෙරේරා; සංගීතවේදිනියක්, කලා ශිල්පිණියක් සහ මවක් වන නදිනි ප්‍රේමදාස; Upfield Lanka සමාගමේ ජාත්‍යන්තර අළෙවි කළමනාකාරිනී [AMEA (Asia Middle East Africa) & ANZ කලාප සදහා BlueBand] ශෙහානි ලියනගේ.

ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය විටමින් A, D, B6, B9 සහ B12 ඇතුළු නිවැරදි ක්ෂුද්‍ර‍පෝෂක පිළිබඳ විශේෂඥ උපදෙස් සහ අදහස් මෙම සමූහ සාකච්ඡාවේදී කතාබහට ලක් විය. මෙම පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත එළවළු, පළතුරු සහ කොළ වර්ග වැනි ආහාර වර්ග පිළිබදව සහ එවැනි පෝෂ්‍යදායී ආහාර කුඩා දරුවන්ට කවාගැනීමේ කොතරම් දුෂ්කරද යන කරුණු කාරණා එහිදී සාකච්ඡාවට බඳුන් විය. එහිදී සාකච්ඡා කෙරුණු තවත් වැදගත් කාරණයක් නම් දරුවන්ගේ වර්ධනය සහ සංවර්ධනයයි. වර්ධනය යනුවෙන් දෙමාපියන්ගේ අපේක්ෂාව ශාරීරික වර්ධනය පමණක් නොව, මානසික සහ බුද්ධි වර්ධනය ද ඊට ඇතුළත් වේ. එය සාර්ථක කරගැනීම සඳහා නිසි පෝෂණය ලැබීම ඉතා වැදගත් වේ. දරුවන්ගේ පරිපූර්ණ වර්ධනය උදෙසා ඔමේගා 3 සහ 6 යන අත්‍යාවශ්‍ය මේද අම්ල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කෙසේවෙතත් මෙම මේද අම්ල නිපදවීමේ හැකියාවක් අපගේ ශරීරයට නොමැති බැවින් ඒවා අන්තර්ගත ආහාර අප ලබාගත යුතු වේ. ඔමේගා 3 මේද අම්ල මත්ස්‍ය තෙල් වැනි ආහාර වල අන්තර්ගත වන අතර සූරියකාන්ත, කැනෝලා, හණ ඇට (linseed ) සහ එවැනි ශාක මත පදනම් ඇට සහ තෙල් වර්ගවල ඔමේගා 6 අන්තර්ගත වේ. විශේෂයෙන්ම දරුවන් කැමති ආහාර වර්ග ඉතා සීමිත බැවින් මෙම පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත ආහාර නිවැරදි ප්‍ර‍මාණයෙන් දිනපතා ලබාදීම අභියෝගයක්ව පවතී. මෙම අත්‍යාවශ්‍ය මේද සහ ක්ෂුද්‍ර‍පෝෂක සියල්ල එකට කැටි කරගත රසවත් මේද තැවරුමක් ලෙස නිෂ්පාදනය වන ඇස්ට්‍රා ඇක්ටිව් දරුවන්ට අපහසුවකින් තොරව ලබාදිය හැකි වන බැවින් එය දෙමාපියන්ගේ හොඳම මිතුරා බවට පත්වීම නොඅනුමානය.

මේද සහ මාගරින් සම්බන්ධයෙන් ජනතාව අතර ඇති මිත්‍යා මත ඉවත් කිරීමට ද මෙම සාකච්ඡාව හරහා කරුණු ඉදිරිපත් කෙරුණි. Prosoft පර්යේෂණ ඒජන්සිය විසින් පවත්වන ලද සමීක්ෂණයෙන්, පාරිභෝගිකයින් තුළ ඇති සාවද්‍ය මෙන්ම ඇදහිය නොහැකි සමහර කරුණා කාරණා දැනගැනීමට අවස්ථාව උදා විය. ශ්‍රී ලාංකිකයින්ගෙන් 95%ක් පමණ දෙනා විශ්වාස කරනුයේ සමස්තයක් වශයෙන් මේද පරිභෝජනය ශරීරයට අහිතකර බවයි, එය ශරීරය තරබාරු කිරීමට හේතු වන බවයි, නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි අවබෝධයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලි කිරීමට අනුව දෛනික ශක්ති අවශ්‍යතාවයෙන් 30%ක් ලැබිය යුත්තේ මේද මගිනි. මෙහි වැදගත්ම කරුණ වන්නේ මේද වුවත් වෙන යම් ආහාර වර්ග වුවත් මධ්‍යම ප්‍ර‍මාණයෙන් පරිභෝජනය කිරීමයි. නමුත් ප්‍ර‍ධාන සාර්වපෝෂකයක් වශයෙන් ඔබ මේද වර්ග සම්පූර්ණයෙන්ම ඔබේ ආහාර වේලෙන් ඉවත් කළහොත් ශරීරයට අවශ්‍ය විටමින් අවශෝෂණය කරගැනීමේ දුර්වලතා සහ අහිතකර කොලස්ටරෝල් මට්ටම ඉහළ යාම වැනි අනර්ථකාරී ප්‍ර‍තිඵලවලට මුහුණ දීමට සිදුවිය හැකිය.

33%ක් පමණ දෙනා සිතාගෙන සිටින තවත් මිත්‍යාවක් නම් මාගරින් වලට වඩා බටර් පෝෂණ ගුණයෙන් ඉහළ බවයි. නමුත් සත්‍යය නම් එහි අනෙක් පැත්ත වන අතර එනම් කරුණු කිහිපයක් හේතුවෙන් මාගරින්, බටර් වලට වඩා ශරීරයට හිතකර වේ.


• ට්‍රාන්ස් මේද (Trans fats) – මේවා ශරීරයට අහිතකර මේද වර්ග වේ. ඔබේ ශරීරයේ අහිතකර කොලස්ටරෝල් මට්ටම ඉහළ යාමට මෙය හේතු විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ එක් වේලකට ට්‍රාන්ස් මේදය 1%කට වඩා අඩුවෙන් පරිභෝජනය කළ යුතු බවයි. නමුත්, බටර් සම්බන්ධයෙන් සැලකීමේදී, මෙම ට්‍රාන්ස් මේදය, ගවයාගේ ශරීරය තුළදීම (බඩවැල් වලදී) නිපදවනු ලබයි. එනම් බටර්වල 3%ක් දක්වා ට්‍රාන්ස් මේදය අන්තර්ගත වේ. නමුත්, ශාකසාර ඇසුරින් නිපදවන තෙල්වල කිසිදු ට්‍රාන්ස් මේදය අන්තර්ගත නොවේ. එසේම දශක 3කට වැඩි කාලයක් පුරා මාගරින් නිෂ්පාදනය සඳහා සම්පූර්ණයෙන් හයිඩ්‍ර‍ජනීකරණය කිරීම (hydrogenation) හෝ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම (interestification) වැනි උසස් තාක්ෂණික ක්‍ර‍මවේදයන් භාවිත කරන අතර මෙම ක්‍ර‍මවේද මගින් මොනයම් ආකාරයක හෝ ට්‍රාන්ස් මේදය නිපදවීම වලක්වනු ලබයි. ඒ අනුව මාගරින්වල කිසිදු ට්‍රාන්ස් මේදය අන්තර්ගත නොවන බැවින් එය බටර් වෙනුවට පරිභෝජනය කළ හැකි කදිම ආදේශකයක් වේ.

• කොලස්ටරෝල් යනු මිත්‍යාවන්ගෙන් පිරුණු තවත් විෂයයක් වේ. ශාක වල කොලස්ටරෝල් අන්තර්ගත නොවන අතර ශාක මත පදනම් තෙල් වර්ගවලට ද එම න්‍යාය අදාළ වේ. මාගරින් නිපදවනු ලබන්නේ කිසිදු ආවේණික කොලස්ටරෝල් වර්ගයක් නොමැති ශාක මත පදනම් තෙල් භාවිතයෙනි. නමුත් බටර් නිපදවන්නේ කිරි කොලස්රෝල් නිසඟයෙන්ම අන්තර්ගත ගවයින්ගේ කිරි භාවිතයෙනි. මාගරින්වල ඉහළ කොලස්ටරෝල් ප්‍ර‍තිශතයක් අන්තර්ගත වන බැවින් එය පරිභෝජනය නොකළ යුතු බව ඔබට කිසිවෙක් පැවසුවහොත් මෙම තොරතුරු ඔවුන් සමග බෙදාහදාගෙන ඔවුන්ට ද නිවැරදි දැනුම ලබාදීමට කාරුණික වන්න.

• සංතෘප්ත සහ අසංතෘප්ත මේද යන දෙවර්ගය ඔබට තරමක් අපැහැදිලි විය හැකියි. ඊට අදාළ ඉතා වැදගත් කරුණු කිහිපයක් සමගින් මේ දෙවර්ගය අපි නිරවුල් කරගනිමු. සංතෘප්ත මේද යනු එළවළු තෙල් සහ පොල්තෙල් වැනි දේ මගින් ආහාරයට එකතු වන මේද වර්ගයකි. සංතෘප්ත මේද පරිභෝජනය කිරීම අහිතකර නැත. නමුත් ප්‍ර‍මාණය ඉක්මවා සංතෘප්ත මේද පරිභෝජනය කළහොත් ඒවා අහිතකර කොලස්ටරෝල් බවට පත්විය හැකි බැවින් සීමිත ප්‍ර‍මාණයකින් ආහාර වේලට එකතු කරගත යුතුය. ඔබ බටර් සහ ඇස්ට්‍රා ඇක්ටිව් හෝ ෆ්ලෝරා වැනි මූලිකවම සූරියකාන්ත සහ කැනෝලා තෙල්වලින් නිෂ්පාදනය කරන ලද මේද තැවරුමක් ගතහොත්, එහි බටර්වලට වඩා 60%ක් සංතෘප්ත මේදය අඩු වේ. අසංතෘප්ත මේදය සම්බන්ධයෙන් සැලකීමේදී ඔබේ ශරීරයට හිතකරම මේදයයි. ඔමේගා 3 සහ 6 වැනි අසංතෘප්ත මේද අම්ල ඔබේ ශරීරයට අත්‍යාවශ්‍ය වන අතර එය නිපදවීමේ හැකියාවක් ශරීරයට නොමැති බැවින් අප ලබාගන්නා ආහාරයට ඒවා අන්තර්ගත ආහාර එකතු කරගත යුතු වේ. දරුවන්ගේ වර්ධනයට සහ සංවර්ධනයටත් වැඩිහිටියන්ගේ ශරීරයේ කොලස්ටරෝල් මට්ටම පාලනයට සහ හදවතේ නිරෝගී පැවැත්මට උපකාරී වන බැවින් ඔමේගා 3 සහ 6 අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වේ. ඔබ බටර් සම්බන්ධයෙන් සැලකුවහොත් එහි කිසිදු අසංතෘප්ත මේදයක් අන්තර්ගත නොවේ. නමුත් ඇස්ට්‍රා ඇක්ටිව් හෝ ෆ්ලෝරා ගතහොත් අසංතෘප්ත මේද ඉහළ ප්‍ර‍මාණයකින් අන්තර්ගත වන අතර එහි ඔමේගා 3 සහ 6 ද අනූන වන බැවින් එය බටර්වලට වඩා සැබැවින්ම හිතකර ආදේශකයක් බවට පත්වේ.


ඊළඟ අවස්ථාවක මේ සම්බන්ධයෙන් විවිධ මිත්‍යා මත ඔබට අසන්නට ලැබුණහොත් අනිවාර්යයෙන්ම මෙම තොරතුරු ඔවුන් සමග හුවමාරු කරගෙන නිවැරදි නිෂ්පාදනය තෝරාගන්න.

වසර 56කට වැඩි කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට මව්වරුන්ගේ විශ්වාසය සහ ආදරය දිනූ ඇස්ට්‍රා සැවොම දන්නා එයටම ආවේණික වූ රසයකින් යුක්ත වන අතර අලුතින් නිෂ්පාදන පෙළ අතරට එක්වන ඇස්ට්‍රා ඇක්ටිව්හි ද එම රසය වෙනස් නොවී එලෙසින්ම ඔබ වෙත පැමිණෙයි. තමන් මිලදී ගන්නා නිෂ්පාදනවල මූලාශ්‍ර‍ කවරේද යන්න පිළිබදව නිරන්තරයෙන්ම සැලකිලිමත් වන පාරිභෝගිකයින් සිටින වටපිටාවක, Upfield නිෂ්පාදන සඳහා යොදාගනු ලබන්නේ ජාත්‍යන්තර සහ දේශීය ප්‍ර‍මිතීන්ට අනුකූල වූ ප්‍ර‍මිතියෙන් ඉහළම අමුද්‍ර‍ව්‍ය බව සඳහන් කිරීම වැදගත් වේ. HACCP සහ GMP සහතික දෙකම යටතේ SLSI ප්‍ර‍මිති මාර්ගෝපදේශයට අනුව ඔවුන්ගේ නිෂ්පාදන නිපදවනු ලැබේ. එසේම සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී කිසිදු අයුරකින් පරිවර්තන මේදය නිපදවීම වැලැක්වීම සදහා ඔවුහු ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම (interestification) සහ සම්පූර්ණයෙන් හයිඩ්‍ර‍ජනීකරණය කිරීම (hydrogenation) වැනි නවීන තාක්ෂණික ක්‍ර‍මවේදයන් යොදා ගනිති.

ඇස්ට්‍රා යනු BlueBand යන ජාත්‍යන්තර වෙළඳ නාමයේ කොටසක් වන අතර පකිස්ථානය, නෙදර්ලන්තය, කෙන්යාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව ඇතුළුව, නමුත් ඊට සීමා නොවූ ලොව පුරා රටවල් 35ක් පුරා විහිදී ඇත. අපගේ දිනපතා ආහාර වේලට එකතු විය යුතු මේද සහ විටමින් ලබාදීම සදහා, එකම සැකසුම් ක්‍ර‍මවේදයන් ඔස්සේ එකම ජාත්‍යන්තර තත්වය සමගින් අප වෙත පැමිණයි.