ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය විසින් නව මිල ගණන් ප්‍රකාශයට පත් කරයි

පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය විසින් නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.


ජල බෝතලයක නව මිල ගණන් පහතින් දැක්වේ.
• මිලිලීටර් 500 ජල බෝතලය – රුපියල් 50
• ලීටරයක ජල බෝතලය – රුපියල් 70
• ලීටර් 1.5ක ජල බෝතලය – රුපියල් 90
• ලීටර් 5ක ජල බෝතලයක – රුපියල් 200
• ලීටර් 7ක ජල බෝතලය – රුපියල් 240