රාජා ජුවලර්ස් විසින් සිය නව අවුරුදු එකතුව ‘සූර්යයාභරණ’ එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් “අලුත් අවුරුදු රන් ගනු දෙනු” තේමාව සමඟින් සිය නවතම රන් අභරණ එකතුව වන ‘සූර්යයාභරණ’ පසුගියදා එළිදැක්වීය. ‘සූර්යයාභරණ’ විශේෂ අවුරුදු එකතුව දැන් බම්බලපිටිය, මීගමුව සහ මහනුවර පිහිටි සියලුම රාජා ජුවලර්ස් ප්‍රදර්ශනාගාරවලින් මිලදී ගත හැකි අතර කොළඹ සහ මීගමුව ප්‍රදර්ශනාගාරවල වාහන නැවැත්වීමේ ප්‍රමාණවත් පහසුකම් ද ඇත.

නව අවුරුදු රන් අභරණ එකතුව පිළිබඳව අදහස් දක්වමින් රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙසේ පැවසීය.“අපගේ අතිවිශිෂ්ට රන් ‘සූර්යයාභරණ’ එකතුව අලුත් අවුරුදු රන් ගැන දෙනුව” යන තේමාව මූලික කර ගනිමින් සිංහල සහ දෙමළ අලුත් අවුරද්දට සමගාමිව හඳුන්වා දුන්නා.“. විශිෂ්ට ලෙස සකසන ලද මෙම ආභරණ එකතුව අපගේ ගණුදෙනුකරුවන්ට ඔවුන් ගේ රුචිකත්වය අනුව තෝරා ගැනීමට ඉඩ සලසා දෙනවා. එමෙන්ම විශේෂ දිනයන් , විශේෂ අවස්ථා සැමරීම සඳහා විචිත්‍රවත් ආභරණ අපේක්ෂා කරන ගණුදෙනුකරුවන් සඳහා අපි ගුණාත්මක සේවාවන් ලබා දීමට නිරතුරු උත්සහ කරනවා.”

රාජා ජුවලර්ස් හි දැනට පවතින රන් මෝස්‌තර එකතුවට නව ‘සූර්යයාභරණ’ විශේෂ අවුරුදු එකතුවද මුසු වීමෙන් ගණුදෙනුකරුවන්ට තමන් ගේ සිතැගි පරිදී රන් අභරණ මිලදී ගැනීමට හැකියාව ලැබේ.නව ‘‘සූර්යයාභරණ’’ විශේෂ අවුරුදු එකතුව ශ්‍රී ලංකාවේ අද්විතීය සම්ප්‍රදායන්හි චිරස්ථායි සංකේතයකි.ජාතියේ අභිමානවත් උරුමය ඉදිරියට ගෙන යාම, පවුල් බැඳීම සහ ඥාතීන් කෙරෙහි ඇති විශ්වාසය හා ගෞරවය ද මෙමගින් නිරූපණය කෙරේ.රාජා ජුවලර්ස් හි රන් කාණ්ඩයේ මාල, කරාබු, වළලු, වර්ණ ගල් ආභරණ මුදු, සාමාන්‍ය රන් ආභරණ අයිතම සහ පංචායුධ ආදී බොහෝ දේ ඇතුළත් වේ.නව ‘සූර්යයාභරණ’ මෝස්තර අතරට මාල, පෙන්ඩන්ට්, මුදු සහ වළලු ඇතුළත් වේ. එහි කැරට් 22 රත්තරන් ද අඩංගු වන අතර ඇතැම් අභාරණයන් දියමන්ති සහ වර්ණවත් ගල් යොදා ගනිමින් නිර්මාණය කර ඇත.

රාජා ජුවලර්ස් හි ස්වර්ණාභරණ නිර්මාණකරුවන්ට මනා පළපුරුද්දක් ඇති අතර ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා කලාත්මක හා ආකර්ශනීය ආභරණ නිර්මාණය කිරීමට ඉහළ හැකියාවක් ඇත.දියමන්ති, වටිනා ලෝහ, මැණික්, ගල් සහ පළිඟු භාවිතයෙන් නව තාක්ෂණය යොදා ගනිමින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ද රාජා ජුවලර්ස් කටයුතු කරයි. එමෙන්ම ගනුදෙනුකරුවන් සඳහා මෙම අවුරුදු සමයේ ක්‍රෙඩිට් කාඩ් වට්ටම්ද ලබා දී ඇත.තවද ගුණාත්මක පාරිභෝගික සේවාවත් අකර්ශනිය මෝස්‌තර නිර්මාණත් සමගින් ඉතා විශිෂ්ට, දිගු කාලීන පාරිභෝගික සබඳතාවක් ගොඩ නගා ගැනීමට සමත් වී ඇත.


1928 දී ඊ.ඒ. ප්‍රනාන්දු විසින් පිටකොටුවේ චැතම් වීදියේ ඊ.ඒ. ප්‍රනාන්දු ජුවලර්ස් පිහිටු වීමත් සමග රාජා ජුවලර්ස් හි මූලාරම්භය සිදු විය.. සාර්ථක ගමනකින් පසු, ඔහුගේ පුත් රාජා ප්‍රනාන්දු 1962 දී එම ව්‍යාපාරය රාජා ජුවලර්ස් ලෙස නම් කළේය. පවුලේ තුන්වන පරම්පරාව වන අශෝක එළියපුර සහ අතුල එළියපුර විසින් සීමිත වගකීම් සමාගමක් ලෙස රාජා ජුවලර්ස් ලියාපදිංචි කරන ලදී. රාජා ජුවලර්ස් එහි උසස් තත්ත්වයේ ප්‍රමිතීය සහ ගුණාත්මක බව උදෙසා සම්මාන ගණනාවක් හිමි කර ගෙන ඇත. තවද ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ජනාධිපති රන් සම්මාන හතරක් හිමි වූ අතර , හොඳම ස්වර්ණාභරණ නිෂ්පාදකයා ලෙසත්, ඉහළම ගුණාත්මක ප්‍රමිතියෙන් යුත් ස්වර්ණාභරණ ආයතනය ලෙසත්, හොඳම රන් ආභරණ අයිතමය ලෙසත් වඩාත් පළපුරුදු විශිෂ්ටතම මැණික් ඔපදමන්නා ලෙසත් ,රාජා ජුවලර්ස් තම කීර්තිය නැවත නැවතත් තහවුරු කර ගෙන ඇත.


රාජා ජුවලර්ස් හි අති විශාල රන් අභරණ එකතුව පිළිබඳ වැඩි විස්තර සඳහා www.rajajewellers.com හි ඔවුන්ගේ නිල වෙබ් අඩවියට ද, https://www.facebook.com/Rajajewellers.lk හි ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට හෝ ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව www.instagram.com/rajajewellers.lk/ වෙත පිවිසිය හැකිය.