අයිඩියල් මෝටර්ස් වෙතින් නවලෝක සමූහ ව්‍යාපාරයේ උසස් අධ්‍යාපන ආයතන වෙත මහින්ද්‍ර Powerol විදුලිජනක යන්ත්‍ර සපයයි

අයිඩියල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මහින්ද්‍ර වාහන එකලස් කිරීම සහ මහින්ද්‍ර වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර දෙකක් නවලෝක සමූහ ව්‍යාපාරයේ කොළඹ සහ මහනුවර උසස් අධ්‍යාපන ආයතන දෙකක විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා පසුගියදා මිලදී ගනු ලැබීය.

මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර විදුලි උත්පාදනය අතින් මාදිලි විසි අටක් යටතේ 5KVA සිට 625KVA දක්වා ඉතා ආකර්ෂණීය මිලකට දිවයින පුරා පිහිටි අයිඩියල් මෝටර්ස් ශාඛා ජාලයෙන් මිලදී ගත හැකිය. powerol විදුලි ජනක යන්ත්‍රවල එන්ජිම මහින්ද්‍ර නිෂ්පාදනයක් වන අතර විදුලි නිෂ්පාදන ඒකකය සඳහා ලෝකප්‍රකට යුරෝපීය තාක්ෂණය සහිත ලෙරොයිසමා සන්නාමය භාවිතා කරයි. ඊට අමතරව විදුලි පද්ධතියට සම්බන්ධ වන විදුලි පුවරු සඳහා ලොව පිළිගත් ඩීප්සී මොඩියුල් සන්නාමය භාවිතා කරයි. මෙම විදුලි ජනක යන්ත්‍ර කාණ්ඩ දෙකක් යටතේ වෙළෙඳ පොළට නිකුත් වේ. එනම්, පහසුවෙන් හැසිරවිය හැකි 5KVA සිංගල් පේස් පෝටබල් විදුලි‍ ජනක යන්ත්‍ර කාණ්ඩය සහ 10KVA සිට 30KVA දක්වා සිංගල් පේස් හා 10KVA සිට 625KVA ත්‍රීපේස් විදුලි ජනක කාණ්ඩයන් සහිත වේ.

2017 වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම මහින්ද්‍ර Powerol ඩීසල් විදුලි ජනක යන්ත්‍ර සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම බෙදා හරින්නා බවට පත්විණි. එතැන් පටන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වල බලශක්ති අවශ්‍යතා සපුරාලමින් මහින්ද්‍ර Powerol ශ්‍රී ලංකාවේ විදුලි ජනක යන්ත්‍ර වෙළඳපොල තුළ ප්‍රධාන තැනක් උසුලමින් සිටී.

මහින්ද්‍ර powerol විදුලි ජනක යන්ත්‍ර ඉන්දියානු කාණ්ඩයේ මෙරට ප්‍රමුඛයා බවට පසුගිය මූල්‍ය වර්ෂ තුනේම පිට පිටම පත්වී ඇති බව සතුටින් දැනුම් දෙමි. ඉතා කෙටි කලක් තුළ මෙම සුවිශේෂී ජයග්‍රහණය අපහට ලබා ගැනීමට හැකි වූයේ අප විසින් ලබා දෙන අතිවිශිෂ්ට අලෙවියෙන් පසු සේවාව නිසයි. ඒ වගේම ජාත්‍යන්තරව ලොව පුරා විදුලි ජනක පාරිභෝගිකයන් ආදරයෙන් වැළඳගත් සන්නාමයක් බවටද මෙය පත් වී ඇත. මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර සන්නිවේදන ප්‍රමුඛයන්, කර්මාන්තශාලා, හෝටල්, බැංකු සහ වාහන සේවා ස්ථානයන්හි පළමු තේරීම වන අතර අයිඩියල් මෝටර්ස් හි අපි විවිධ ස්ථානවලට ගැලපෙන විදුලි ජනක යන්ත්‍ර ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා යැයි, අයිඩියල් මෝටර්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මහින්ද්‍ර Powerol) ජානක කුලතුංග මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.

මහින්ද්‍ර powerol ඩීසල් විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකිරීමේදී අවම ශබ්ද පාලනයකින් යුක්ත වන අතර අවම ඉන්ධන පරිභෝජනය කින්ද සමන්විත ඉතාා දිගුකල් පැවැත්මක් සහිත නිෂ්පාදනයක් වේ. ඉතා කෙටි කාලයක් තුළ මෙම විදුලි ජනක යන්ත්‍රය රටපුරා ජනප්‍රියවීමට හේතුව අයිඩියල් මෝටර්ස් විසින් පිරිනමනු ලබන අලෙවියෙන් පසු විශිෂ්ට පාරිභෝගික සේවාව හේතුකොටගෙන බව මනාව පැහැදිලි වේ. පාරිභෝගිකයන්ගේ පහසුව අපගේ ප්‍රධාන අරමුණ බවත් ඒ සඳහා දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා ස්ථාන 15ක් මගින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පාරිභෝගික අවශ්‍යතාව මත, අවශ්‍ය සේවාවන් ඉතා සාධාරණ මිලකට ලබාගත හැකිය. පාරිභෝගිකයන් මිලදී ගන්නා සෑම Powerol විදුලි ජනක යන්ත්‍ර සම්බන්ධයෙන් අලුත්වැඩියා සේවාව ගැන හෝ අමතර කොටස් ගැන කාලය හා අනවශ්‍ය මුදල් නාස්ති කිරීමක් අවශ්‍ය නොවන අතර අයිඩියල් මෝටර්ස් අප සෑම විටම පාරිභෝගික සෞභාග්‍ය සහතික කරනවා යැයි ජානක කුලතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඡායාරූපය

අයිඩියල් මෝටර්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මහින්ද්‍ර Powerol) ජානක කුලතුංග මහතා සහ ඉන්දියාවේ මහින්ද්‍ර සමාගමේ Powerol අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (Asia&ANZ) විජේ දුත්තා මහතා විසින් නවලෝක සමූහ ව්‍යාපාරයේ උසස් අධ්‍යාපන ආයතනයන්හි නිලධාරියකු වෙත මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර බාරදුන් අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ අයිඩියල් මෝටර්ස් අලෙවි ප්‍රධානී කසුන් ප්‍රනාන්දු සහ ප්‍රාදේශීය අලෙවි කළමනාකරු දිනේෂ් මාගේ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.